පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියෝ

weechami

Active member
  • Apr 6, 2008
    164
    82
    28
    පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියෝ

    සෝභිත හිමියනි ඔබ වහන්සේට නිවන් සුව.....

    thero.jpg


    ආගම දහමින් නොනැවතී සමාජ සාධාරණත්වය වෙනුවෙන් ප්‍රබල හඬක් නැගූ මෙරට ශ්‍රේෂ්ඨ යතිවරයාණන් වහන්සේ නමක් වූ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියෝ අද (08දා) අලුයම අප අතරින් වෙන්වූහ. අද රාත්‍රියේ මෙරටට උන්වහන්සේගේ දේහය වැඩමවීමට නියමිතය. මේ උන්වහන්සේගේ චරිතය පිළිබඳව තොරතුරු බිඳකි.

    ගිහි නම - පී.ඩී.රත්නසේකර (පතිරගේ දොන් රත්නසේකර)
    උපන් දිනය - 1942/05/29
    මව - කුරුවිට ආරච්චිගේ කරලිනා හිමි
    පියා - පතිරගේ දොන් පීරිස් අප්පුහාමි
    පැවිදි නම - මාදුළුවාවේ සෝභිත හිමි
    පැවිදි දිනය - 1955/05/09
    උපසම්පදාව - 1962/06/15
    අධ්‍යාපනය ගිහි පැවිදි - මාදුළුවාව රජයේ පාසල, පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන, විද්‍යෝදය විශ්වවිද්‍යාලය (වර්තමාන ශ්‍රී. ජ^පුර)
    සරසවි ඇතුළත් වීම - 1963 ඔක්තෝබර්, ඉතිහාසය ගෞරව උපාධිය
    1967 දී ශ්‍රී නාග විහාරාධිපති ධුරයට පත්වීම
    සංවිධාන හා දැරූ තනතුරු - ශ්‍රී ලංකා අමද්‍යප මහා සභාවේ උපසභාපති, සමස්ත ලංකා අමද්‍යප තරුණ සංවිධානයේ සභාපති, සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු, මවුබිම සුරැකීමේ සංවිධානයේ සභාපති, ජාතික වීර පදනමේ සභාපති, ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ අනුශභික, සිංහල බලමණ්ඩලයේ සභාපති.
    පැවිදි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා - ශ්‍රී නාග විහාරයේ විහාරාධිකාරී උඩුකලකන්දේ අරියරතන හිමි, කැලණියේ සෝරත හිමි, වත්තල දමිත හිමි, පරගම්මන සුනීත හිමි.
    ගුරු හාමුරුවෝ - මුල්ලේරියාවේ ශ්‍රී රේවත හිමි
    උපාධ්‍යායන් වහන්සේලා - දේවහන්දියේ සද්ධාතිස්ස හිමි, අංගම්පිටියේ ගුණරතන හිමි
    සහෝදර සහෝදරියන් - පී.ඩී. ගුණසේකර (අයියා), මාලනී පතිරගේ (නැගණිය)


    උපුටා ගැනීම UPFA - A Brighter Future