A Lion - පූජ්‍ය ඩෙන්මාර්ක් ඤාණදීප හිමි

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    මේ ලිපියට අනුව, "මහා රහතුන් වැඩි මග ඔස්සේ" ලියුවායයි කියමින් බණ කියන හාමුදුරුවෝ කවුද ?

    සද්ධර්මය සොයාගෙන ඇයි මේ ලංකාවටම එන්න ඕන ?

    බෝසතාණෝ පස් මහා බැලුම් බලා ඉන්දියාවේ ඉපදුනේ වැරදිමකින්ද ?

    මෙවැනි ප්‍රස්න එන්නේ කාගේ "අමන බණ" හරහාද යන්න පැහැදිලිය. මේ ප්‍රශ්න වල මුල පන්සල්හේනේ ධම්මාලංකාර නමින් එක වරක් පැවිදිව පැවිදිබව අහොසි වී , තවත් නමකින් නැවත පැවිදිව විකාර දහම් දෙසීම නිසා පැවිදි බව අහෝසිවී මානසික අසමතුලිතාවයකට පත්ව, විකාර දොඩවමින් සිට "බුදුන් වැඩ මා පැවිදි කලායි" කියන මීවණපලානේ සිරි ධම්මාලංකාර කියන මනෝ ව්‍යාධියකින් පෙලෙන, බුදුන් වහන්සේ උපන් ජන්බු-ද්වීපය ලංකාවයි කියමින් ගොන් කතා කියන චීවරදාරියාය. මේ පිස්සූන්වහන්සේත් අනෙකුත් බොහෝ ශාසන භක්ෂකයන් පිටුපසත් සිටින්න්නේ කට්ටඩිකම් කරමින් ගතමනාව සොයාගත් කිසිදු ශාසනික පරිචයක්, උගැන්මක් නොමැති ගොබ්බ කමම ආභරණයක් කරගෙන බුදුබණ විකෘති කල වහරක නම් පීසාචයාය.
    පස් මහ බැලුම් බැලුවේ ඩෙන්මාර්කයේ ඥානාදීප හිමි අරමුණු කර නොව බුද්ධත්වයත් බුද්ධ ශාසනයත් අරමුණු කරගෙනය. එවැනි සරල කරුනු නොතේරෙන අමු හරකුන්ට දහම ආලෝකවර්ෂ ගනනින් දුරය.
    බුදුන් වහන්සේ තම ධර්මය අතුරුදන් වන්නේ සාසනය තුලම පහලවන හිස් පුරුෂයන් නිසා බව අනාගත භය සුත්‍රයේදී මනාව දෙසා වදාලේ මේ මීවණපලානේ, වහරක, සමන්ත බඩ්ඩ, රතුපස්කැටියේ විමුක්තිරතන, වලස්මුල්ලේ අභය වැනි අඥාන පිස්සන් ගැන උන් වහන්සේ තුන්කල් දක්නා නුවණුන් දුටු බැවිනි.
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ලංකාදීපයේ ශ්‍රද්ධාවන්තයින්ට "ඤාණය" ඇතිකර ගැනීමෙහිලා "දීපයක්"(දිවයිනක්) වූ "අතිපූජ්‍ය ඩෙන්මාර්ක් ඤාණදීප ස්වාමින් වහන්සේ" නිවනේ නිවේවා !!!
    ලංකාදීපයේ ශ්‍රද්ධාවන්තයින්ට "ඤාණය" ඇතිකර ගැනීමෙහිලා "දීපයක්" (ප්‍රදීපයක්) වූ "අතිපූජ්‍ය ඩෙන්මාර්ක් ඤාණදීප ස්වාමින් වහන්සේ" නිවනේ නිවේවා !!!
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    119744556_1183106702083194_3842157085882567332_o.jpg


    බර්ත්ඩේ පාටි දාලා, මහාමාත්‍යවරු එක්ක බුදින, රණ තිසර පයෝදර පෙන්වමින් හැඟීම් අවුස්සන ගැහැණුන් සමඟ ගෑවී ගෑවී ලගින "රහත්" කියාගන්න චීවරදාරී ප්‍රේතයන්ට, බුදු පියාණන් වදාල අල්පේච්ඡතාවයේ නියම අරුත ඉගෙන ගන්න පුලුවන් මහා උතුම් භික්ෂුවක්! අඩුම ගානේ විඩියෝ එකක්, පින්තූරයක්වත් හොයාගන්න නැහැ. ඒ තරම්ම තම අරමුණ ඉලක්ක කරා යොමුවුන උත්තමයෙක්!
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    පාලි භාෂාව පිළිබඳ මූලික දැනුම සකස්කරගත්තේ "පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමියන්ගෙනි"

    මේ බෞද්ධ රටේ ‐ තථාගතයන් වහන්සේගේ සුපිරිසිදු ම ශ්‍රී මුඛ දේශනාව වන 'සූත්‍ර ධර්මයන්', "වෝහාරික දේශනා" ලෙස "හංවඩු" ගසා ඇති අවධියක, ඒවායේ ගාම්භීරත්වය 'සම්ප්‍රදායික ප්‍රසිද්ධ බුදුදහම' විසින් යටපත්ව ඇති අවධියක, එය එසේදැ'යි යන්න සොයා බැලීමටවත් උනන්දු නොවන අවධියක, සූත්‍ර ධර්මයන්හී ගැඹුරුබව, අවබෝධයට ඇති දුෂ්කරබව, තර්කයට විෂය නොවනබව පැහැදිලි වන්නේ "ඤාණදීප භන්තේ වැනි ස්වාධීන ධර්ම පර්යේෂකයන්" සමඟ සාකච්ඡා කරන විටය.

    සූත්‍ර අනුව ධර්මය ප්‍රගුණ කළයුතු බවත්, ඇතිවන වැටහීම්වලට, "මෙයමයි සත්‍යය" ලෙස ඒකාන්තබවක් නොපණවා, මධ්‍යස්ථ ආකල්පයකින් යුතුව නැවත‐නැවතත් සූත්‍ර අනුවම ධර්මය ප්‍රගුණ කළයුතු බවත් ‐ ලබාදෙන අතිවිශේෂ අවවාදයකි.

    උතුම් අරහත්වය වෙනුවෙන් ජීවිතය කැප කළේය. ඇත්තෙන්ම මුල් බුදු සමය සිහිගන්වන 'හුදෙකලාව වෙර ‐ වීරිය වැඩීමේ බෞද්ධ සංස්කෘතිය' මේ බෞද්ධ රටට නැවත හඳුන්වාදුන්නේ පූජ්‍ය ඩෙන්මාර්ක් ඤාණදීප හිමියන්මය.

    සංඝරත්නයක්🙏 පසඟ පිහිටුවා වැඳීමෙන් ගෞරවය, පිලිගැනීම, විශ්වාසය ප්‍රකාශ කිරීමට සුදුසුම උත්තමයෙක්.
     
    Last edited:
    • Like
    Reactions: ewijesekara