පූජාගේ ආදරය

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Yako 35k.meki me tharam kal pol gaawda..:shocked:

    e unaata lovely ban
    9.gif
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    තේ කුඩු විකුණන දෙමළ තරුණයට හරි ගියා එහෙනං. දුප්පත් කෙනෙක් හරි කමක් නෑ කිව්වනෙ මෙයා. ඒක වෙන්ඩ ඇති තේකුඩු විකුනන කෙනෙක් හොයාගන්ඩ ඇත්තෙ
     

    sena_sd

    Banned
    Nov 3, 2016
    128
    7
    0
    පූජා උමශංකර් ඇත්තටම බැඳලා
    රට ගිය කතාව

    ජනප්‍රිය සිනමා නිළි පූජා උමශංකර්ගේ විවාහය පිළිබඳ විවිධ කටකතා පසුගිය දිනවල පැතිර ගිය අතර මේ වනවිට එම කතාවේ සැබෑව අප වෙත ආරංචිවී තිබේ.
    35 හැවිරිදි පූජා 2014 වසරේදී දීපක් ෂන්මුගනාදන් නමැති නිරූපණ ශිල්පියෙකු හා විවාහ ගිවිසගත් අතර ඇයගේ හා ඔහුගේ අදහස් නොගැළපුණා යයි පවසමින් මාස කිහිපයකට පසුව
    එම විවාහය අතහැර දමන ලදි.එම විවාහය ගැන ඇය එකල මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රසිද්ධියක් ලබාගැනීමෙන් පසු අනපේක්ෂිත අත්හැරීම නිසා ඇයට ඇතැම් තැන්වල කටඋත්තර නැති විය.
    මේ හේතුව නිසා ඇයගේ ඊළඟ විවාහයට වැඩි ප්‍රසිද්ධියක් නොදී

    පුද්ගලික උත්සවයක් ලෙස පවත්වන්නට ඇය තීරණය කර තිබුණි.
    ඒ අනුව ඊයේ 18 වනදා කොළඹ වැල්ලවත්තේ හැව්ලොක් ටවුන් ප්‍රදේශයේ දෙමළ චාරිත්‍ර වාරිත්‍ර අනුව ඇගේ විවාහ උත්සවය පැවැත්වුනේ රහසිගතවය. එම විවාහය සිදුවූයේ ප්‍රශාන්ත් නමැති ව්‍යාපාරිකයෙකු සමගය.ඔහු තේ වෙළෙඳාම සම්බන්ධ ප්‍රසිද්ධියක් උසුලන බව හා ඉන්දියානු දෙමළ සම්භවයකින් පැවතෙන්නෙකු බවට ආරංචි තිබේ.
    (පූජාගේ මව සිංහල මුත් පියා ඉන්දියානු දෙමළය)

    මෙම විවාහ උත්සවයෙන් පසුව ඇය රාත්‍රියේම මධුසමය සඳහා විදෙස්ගතව ඇති අතර සියලුම කලා හිතවතුන් හා රසිකයින්ගෙන් වසන් කර සිදුවූ මෙම විවාහයෙන් පසුව ඇය කියා ඇත්තේ ‘මං ලංකාවට ආවම වැඩි විස්තර කියන්නම්කො‘ ලෙසිනි.

    4.jpg
     
    Last edited: