පූජිත්-රෝහලේ

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    හේමසිරි ප්‍රනාන්දු හා පූජිත් දෙදෙනා ම රෝහලේ


    Hemasiri-fernando-and-Pujitha-jayasundara.jpg


    COLOMBO (News 1st) : අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණ ද අද ඔවුන් එම දෙපාර්තමේන්තුව හමුවට නොපැමිණියහ.

    ඒ ඔවුන් දෙදෙනා රෝහල්ගත වීම හේතුවෙනි.

    අප්‍රේල් 21 ප්‍රහාර සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටින්නැයි, පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට දැනුම් දී තිබිණ.

    අද පෙරවරුවේ ඇතිවූ හදිසි අසනීප තත්ත්වය හේතුවෙන් හේමසිරි ප්‍රනාන්දු මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

    රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඔහු මේ වන විටත් හෘද රෝග ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.

    මේ අතර අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නාරාහේන්පිට පිහිටි පොලිස් රෝහලට ඇතුළත්ව තිබේ.

    මේ අතර , අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් රාජකාරී යුතුකම් හා වගකීම් නොසලකා හැරීම මත මොවුන් දෙදෙනා සැකකරුවන් ලෙස නම් කරන්නැයි, නීතිපතිවරයා පසුගිය බ්‍රහස්පතින්දා පොලිස්පතිවරයාට දන්වා තිබිණ.

    එහෙත් ඔවුන් සම්බන්ධයෙන් දුන් උපදෙස් ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාට ඊයේ සිහිකැඳවීමක් සිදු කළේ ය.

    නීතිපතිවරයා මෙම දැනුම්දීම කර තිබුණේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා යොමු කළ විමර්ශන උදෘත සහ ලේඛනමය සාක්ෂි අධ්‍යයනය කිරීමෙන් පසුවයි.

    නීතිපතිවරයා පෙන්වා දෙන්නේ කරුණු අධ්‍යයනයේදී මොවුන් දණ්ඩ නීති සංග්‍රහය අනුව දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැයි පෙනී යන බවයි.

    නමුත් මේ වන තෙක් වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැති බව ද නීතිපති දෙපාර්තමේන්තුව අනාවරණය කළේ ය.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    හතිලව්වයි... දෙන්නම එකවර රෝහල් ගතවෙලා... පොහඃ....
    එක ඇඳේද දන්නෙ නෑ ඉන්නෙ... තැඹිලි වතුර බිබී ඉඳීවි...
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හතිලව්වයි... දෙන්නම එකවර රෝහල් ගතවෙලා... පොහඃ....
    එක ඇඳේද දන්නෙ නෑ ඉන්නෙ... තැඹිලි වතුර බිබී ඉඳීවි...

    Ekek ICU ekelu....:lol::lol:
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ගිය ආණ්ඩුවෙනම් හිරේ දැම්මට පස්සෙ රෝහල් ගතවෙන්නෙ...
    දැන්... කැඳවීමක් කළත් ලෙඩ ඇඳේ...
    නීතිය නවනව කනේ වැලි ගෑවෙන්න...

    කුජීතයි....
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ගිය ආණ්ඩුවෙනම් හිරේ දැම්මට පස්සෙ රෝහල් ගතවෙන්නෙ...
    දැන්... කැඳවීමක් කළත් ලෙඩ ඇඳේ...
    නීතිය නවනව කනේ වැලි ගෑවෙන්න...

    කුජීතයි....

    කැදවිම් නේමේයි බං, ඔකුන් දේන්නව අද අතුලට දනවා කියුවා.
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    කැදවිම් නේමේයි බං, ඔකුන් දේන්නව අද අතුලට දනවා කියුවා.


    ඔව්... මම කිව්වෙ ගිය කලින් එවුන් හිරේ දැම්මට පස්සෙනේ රෝහල් ගතවෙන්නෙ...
    මුන් කොහොමද... හිරේ දකිනකොට රෝහල් ගත්වෙනව...
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    මේක වෙනස් කරල ගොඩ දාන්න පුලුවන් තැන ක නෙමෙයි තියෙන්නේ කැන්සර් එක බරපතලයි පුතාල. ඉක්මනින් රටින් පිටවන්න
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මේක වෙනස් කරල ගොඩ දාන්න පුලුවන් තැන ක නෙමෙයි තියෙන්නේ කැන්සර් එක බරපතලයි පුතාල. ඉක්මනින් රටින් පිටවන්න

    කොහෙද කැන්සර් එක වල්ලෙද මචං
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    A team of CID officers arrested former Defence Secretary Hemasiri Fernando, who was receiving treatment at the General Hospital - Police Spokesman- adaderana.lk