පූර්ණ හෝ අර්ධ අණ්ධභාවයට පත් වෙලා ඉන්න අය වෙනුවෙන් හදපු ඇප් එකක්

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,252
    8,263
    113
    M-Town



    මගේ අද දවසම රිලැක්ස් කරලා උදේම ආපු කෝල් එක. 😇
    සමහරවිට ගොඩක් අය දැන් මේ Be My Eyes ඇප් එක ගැන දන්නවා ඇති. පූර්ණ හෝ අර්ධ අණ්ධභාවයට පත් වෙලා ඉන්න අය වෙනුවෙන් හදපු ඇප් එකක් මේක.
    අපි මේ ඇප් එකේ වොලන්ටියර් කෙනෙක් විදියට රෙජිස්ටර් උනාම, blind කෙනෙක් එයාට උදව්වක් ඕන වෙලා කෝල් කරද්දි අපිට ඒ වීඩියෝ කෝල් එක ආන්සර් කරලා එයාට උදව් කරන්න පුලුවන්. මහ ලොකු උදව් කරන්න දෙයක් නැ. "මේ ටී ෂර්ට් 2න් නිල් පාට එක මොකක්ද?, මගෙ පවර් බෑන්ක් එක කොහේද තිබ්බෙ කියලා මතක නැ. ඒක තියෙන තැන කියන්න පුලුවන්ද" වගේ සරල ප්‍රශ්න ගොඩක් වෙලාවට එන්නෙ.
    අද උදේම ආවෙ මේ පාර උසස්පෙල කරන ලමයෙක්ගෙ history paper එකේ ප්‍රශ්න ටික කියවන්න. හරිම පොඩි වැඩක්. ඒත් ඒකෙන් ලැබෙන අධ්‍යාත්මික සුවය හෙනම ආතල්.
    ඉස්සරනම් මාසෙට කෝල් 3,4කට වඩා ආන්සර් කරනවා. ඒත් දැන් මෙයාලට උදව් කරන්න වොලන්ටියර්ස් ලා ගොඩක් ඉන්න නිසා මේ වගේ උදව් ඉල්ලලා එන කෝල් එකක් ලේසියෙන් ආන්සර් කරන්නත් බැ.
    නිකමට මේ ඇප් එකේ රෙජිස්ටර් වෙලා කොහොමහරි කෝල් එකක් ආන්සර් කරලා බලන්න. අපි කොච්චර වාසනාවන්තද කියලා දැනෙයි. ❤️
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    👍
    මේක use කරපු එළකිරිවැසියො ඉන්නවා නම් අත්දැකීම් කියන්න.
     
    • Like
    Reactions: kinkon and NRTG

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,011
    28,929
    113
    Expiry date eka kiyawanda una eka paarak..

    Dannan kelinma AI v***ge puthalata kiyela keraganda puluwan oya wade tika..

    Be My Eyes eke Ad ekath patta :love:

     
    • Like
    Reactions: S_M_S and NRTG