update-පොරව මම වෙට් කෙනෙක් ගාවට අරන් ගියා පොර මුට ඉන්ජෙක්ශන් තුනක් ගැහුවා බෙල්ලටයි කකුලටයි බෙහෙත් පෙති තුනක් දුන්නා පොවන්න,මාලු මස් දෙන්න කීවා බත් නම් දෙන්නම එපා කිවා,පූසා මාංශ භක්ශක සතෙක් නිසා උන්ගෙ කාබෝහයිඩ්රේට් කන්න ආහාර මාර්ගය හැදිලා නැල්ලු,( කලින් උන්ටත් බත්වල කේස් එකක් තමා තිබිලා තියෙන්නෙ,මාලු හදලා දීලා සැපට හදුන පූසංගෙ පැටව්න්ට ඔය කේස් එක ජානවලින් එනවලු බත් විතරක් කන්න හැදිලා පරම්පරා කීපයක් ගිය උන්ට නම් ඒ කේස් එක අඩුයිලු,බත් දෙන්නෙ නැතුවම ලෙඩේ හොද කරන්න ඕනෙ කීවා නැත්නම් පස්ස පන නැති වෙනවලු)බෙහෙත් වට්ටෝරුව ඉවර උනාම බඩ කලේ වගේ ඊටපස්සෙ දවස් 10කින් පෙන්නන්න කියපු හින්දා පෙන්නුවා ඊටපස්සෙ පනුබෙහෙත් දුන්නා දැන් බඩ අඩුවෙලා පොර සැපෙන් ඉන්නවා,බත් පොඩ්ඩක් කෑව ගමන් ආයෙ ලෙඩේ එනවා
උබලගෙ පූසන්ටත් බඩ යන කේස් එක තියනවා නම් බත් දෙන එක නවත්තන්න