පූසන්ට_night_vision_හැකියාව

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    පූසන්ට_night_vision_හැකියාව

    පූසන්ට night vision හැකියාව

    cat.jpg


    පසුගිය සතියේ වොෂින්ටනයෙන් ඔබගේ ළඟම සුරතලා පිළිබඳව අපූරු සොයාගැනීමක් ඉදිරිපත් කෙරුණා. බළලුන් පිළිබඳව සාමාන්‍යෙයන් අපි දන්නා කරුණ වන්නේ ඔවුන්ට අඳුරේදී පවා පැහැදිලිව වස්තූන් දැකීමේ හැකියාව ඇති බවයි. පූසන්ගේ ඇස් අඳුරේදී ක්‍රියාත්මක වන්නේ night vision mode ආකාරයටයි. මෙම හැකියාව උන්ටම ආවේණික ලක්ෂණයක් වන අතර එය සදාකාලික දෙයක්. නමුත් අලුත්ම මතය වන්නේ එය එසේ නොවන බවයි.

    පූසන්ට night vision හැකියාව හැමවිටම බුක්ති විඳීමට ලැබෙන දෙයක් නොවෙයි. “මාක් ගිලියන්“ සහ “සෙත් ආලන්ගර්“ කියන්නේ හිටපු පිළිකා රෝග විශේෂඥයින් දෙදෙනෙක්. ඔවුන් දෙදෙනාගේ අවධානය සම්පූර්ණයෙන්ම බළල් ව්‍යාධි විද්‍යාව දෙසට යොමුවී තිබෙනවා. ඔවුන්ගේ අදහස වන්නේ පූසන්ගේ මෙම හැකියාව සාපේක්ෂ දෙයක් බවයි.

    විද්‍යාඥයින් විශ්වාස කරනුයේ සංසන්දනාත්මක සමීක්ෂණයන් කරන අතරතුරේදී අද කාලයේ ජීවත් වන පූසන් සහ සංරක්ෂණය කරන ලද පුරාණ බළල් වර්ගයට අයත් මමි වෙන්ව තබා ගැනීමටයි. මෙම පුරාතණ බළල් සොහොන් බිම් සොයාගෙන් තිබෙන්නේ පසුගිය අගෝසතු මාසයේ ඇලෙක්සැන්ඩ්‍රියාවෙන්. මෙම විද්‍යාඥයින් දෙපළ විසින් මමි ලෙස සැකසූ මළ සිරුරු 250 කට වඩා යොදාගෙන ඒවායේ DNA සාම්පල ලබාගෙන තිබෙනවා.

    කලින් සඳහන් කරන ලද වර්ග දෙකෙන්ම DNA පරීක්ෂා කිරීමෙන් පසු විද්‍යාඥයින් දෙදෙනා පැමිණි නිගමනය වනුයේ අතීතයේ සිටි ඊජිපතු බළලුන්ට වඩා වර්තමාන බළලුන් විවිධ ජාන වර්ග බුක්ති විඳින බවයි. එම ජාන අතර අඳුරේදී පෙනීමට උපකාරී වන ජාන වර්ග ද අයත් වෙනවා.

    මෙම අධ්‍යන වාර්තාවන් ගැන තැකීමක් නෙකරන ඕනෑම කෙනෙකු සිතනුයේ බළලුන්ගේ මෙම night vision ගුණාංගය විකිරණ වල බලපෑමක් බවයි. මෙම හෙළිදරව් කිරීම මගින් බළලුන්ට රාත්‍රී දෘශ්ඨිය ලැබීම සඳහා න්‍යෂ්ඨීක අත්හදා බැලීම්, පරිසර දූෂණය වීම, විකිරණ වල බලපෑම කෙලින්ම සම්බන්ධ නොවූවත් වක්‍රව බලපෑම් ඇති කරනවා. ප්‍රසිද්ධියේ කතා බහට ලක් නොකලද බළලුන්ගේ ආහාර කෘමිනාශක ලෙස යොදා ගන්නවා. ඒ වගේම සමහර මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාරද බළලුන් ගේ ආහාර සඳහා යොදා ගන්නවා. එමනිසා ඔබගේ සුරතලා ආහාර ගැනීමේදීම විකිරණවලට නිරාවරණය වී අවසානයි. ලෝකයේ සතුන් වෙනුවෙන් පෙනී සිටින සමාජ සංවිධාන රසායනිකව වෙනස් කරන ලද සත්ව ආහාර වෙනුවෙන් විරුද්ධත්වය ප්‍රකාශ කලද ජාන විකෘති කරන ලද ආහාර වල බලපෑම පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන්නේ නෑ

    >>>

    cat.jpg