අපේ ගෙදරට හුරු වෙච්චි පූසියෙක් ඉදියා. අපි හදපු එකෙක් නෙමෙයි නිකන්ම හුරු වෙලා. 
මූ 2019 පැටව් දැම්මා 4ක් අපේ ගෙදර. එකෙක් පොඩි කාලෙමමොකෙක් හරි ඇවිත් මරල දාලා රෑ පැටව් ටික හතර වටේ දුවලා. චූටිම කාලෙ. රෑ ජාමෙම හෙව්වා එකෙක් ඉදියේ ඌරු මී ගුලක හෙන ගේමක් දීල ගත්තේ. කෝම හරි තුන් දෙනෙක් ලොකු උනා. හැම තැනම ජරා කරනව කියල තාත්ත වලි. මගේ උවමනාවට තමයි තුයං ඉදියේ දවසක් තාත්ත උදේ පාන්දර එකෙක් පැක් කරලා කොහේ හරි ගෙනිහින් අත අරිනව කියල. එදත් තාත්තට දොස් කියල කෝම හරි තියා ගත්තා. වැඩේ කියන්නෙ ලොකු උන තුනම පූසියෝ.

පහුගිය දවස් වල දෙන්නෙක් ම ප්‍රෙග්නන්ට්.

කෝම හරි ගිය සතියෙ එකෙක් පැටව් 4ක් දැම්මා. ඌ ඇදක් යට පොට් එකක් බලලා දාල තියෙන්නෙ. ඌ ශේප් එකේ පැටව් ටික බලන් ඉදියා අපිත් ගාර්ඩ් එකක් දෙනවා.
අද හවස 3 ට විතර මෙන්න චූටි පූස් පැටියෙක් ලේ විලක් මැද සාලෙ මැද්දේ. අම්ම බය වෙලා මටත් ඉහමොල රත් උනා මං හිතුව උන් ටිකට වැඩේ හරි කියල දුවල ගිහින් බැලුවා. යකෝ උන් හතර දෙනාම සුවසේ ඉන්නවා. අම්ම සැකේට පැටව් දාන්න ඉදපු අනිත් පූසිව බැලුවා. බලද්දි ඌ තමයි වැඩේ දීල තියෙන්නෙ. ඌ පැටව දාල සාලෙ මැද.

ඒ පැටියත් ගැහෙනවා. පූසි නෙමෙයි හැරිලවත් බලන්නෙ. අපි දැම්ම වගේ. 

කෝම හරි පැටිය පිහිදාල රෙදි කෑල්ලක තියල උගේ ලගින් තිබ්බා. මෙන්න ටිකකින් අම්ම ආයෙත් කෑගහනවා. 

අරු දාපු තව පැටියෙක් ගේ පිටිපස්සේ කූබි වහගෙන. මැදැයි කොරා. 

කූබි ටික සුද්ද කරලා උගේ පෙකිනියත් කැපුවා.
ඔය අතරේ මුලින්ම පැටව් දාපු පූසි ඇවිත් ඉබල බලලා උගෙ නෙමෙයි කියලා ගියා.

කෝම හරි තව වටේ චෙක් කරද්දි තව පැටියෙක් සෙට් උනා. අලුත් එකා දාපු ගාන 3යි.
පූසි ලා දෙන්නම මුන්ව බාරගන්නෙ නැති නිසා මං ත්‍රෙඩ් එකක් දාල අහන්න හැදුවේ මොකක්ද කරන්න පුලුවන් කියලා. කෝම හරි ට්‍රයි කරන්න කියලා අලුත් පැටව් ටික හොදල පිහිදාල මුලින් පැටව් දාපු පූසිගේ පැටව් එක්කම තිබ්බා. දැන් වෙලාව රෑ 3යි. සද්දයක් ඇහිල චෙක් කරා උන් හොදින්ද බලන්න. දෙයියනේ කියල පැටව් 7 දෙනාම හොදට කිරි බිබී ඉන්නවා.

වැඩේ කියන්නේ ඔකුන් ලොකු වෙනකඔට මොකක් වෙයිද කියල කල්පනා වෙනකොටත් බයයි

දැන් ඔක්කොම 10 ක් 

ඉන්නවා.