පූසා

sadarana-kota

Member
Jan 27, 2010
372
17
0
255820585cat.jpg

නොනවත්වාම සිදුවූ ශරීර වර්ධනය නිසා වරක් "තරබාරුම පූසා"ට හිමි සම්මානය දිනාගත් පූසෙකු ආහාර පුරුදු වෙනස් කිරීම මගින් "සිහින්ම පූසා"ට හිමි සම්මානය දිනාගැනීමට සමත් වී තිබේ. වසරක කාලයක් තිස්සේ ආහාර පාලනය කිරීම තුළින් මෙසේ මෙම සම්මානය දිනාගැනීමට හැකිවී තිබෙන්නේ "ඇම්බර්" නම් වූ සුරතල් පූසෙකුටය.

වයස අවුරුදු 12ක් වයසැති, එඩිම්බර්ග් නුවර විසූ "ඇම්බර්" ගේ බර පසුගිය සැප්තැම්බර් මාසයේ සිට 62% කින් වැඩිවී තිබෙන අතර ඉන්පසු චීස් හා සැමන් පමණක් ආහාරයට ගැනීම මගින් තම බර වැඩිවීම පාලනය කර ගැනීමට හැකි‍වී තිබේ. ආහාර පුරුදු වෙනස් කිරීම නිසා රාත්තල් 2.6කින් "ඇම්බර්" ගේ බර අඩුවී තිබෙන අතර එය ඔහුගේ බරෙන් 17%ක අඩුවීමක් ලෙස වාර්තා වේ.