පෘතුවියට නිවුන් සහෝදරයෙක්?

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
පෘතුවියට නිවුන් සහෝදරයෙක්?

අපේ ලෝකය මෙන් දෙගුණයක් විශාල ග‍්‍රහලෝකයක් අලෝක වර්ෂ 600 දුරින් පිහිටා ඇතැයිද ”කෙප්ලර් 22 බී” යනුවෙන් නම්කළ එම ග‍්‍රහ ලොවේ මහාද්වීප, මුහුදු ද ජලය ද ඇති නිසා ජීවින් ද සිටිය හැකි බව ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයෝ කියති. නාසා ආයතනයේ කෙප්ලර් දුරේක්ෂයෙන් සොයාගත් මේ නව ග‍්‍රහයා පොළොවේ නිවුන් සහෝදරයා සෙවීමේ යෝධ පිම්මකියි නාසා විද්‍යාඥ ඩග්ලස් හජින්ස් කියයි.

05.jpg



061.jpg


lankadeepa.lk
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නොනවතින ත්වරනයකින් යන්ඩ පුලුවන් යානයක් හොයාගත්ත දවසකට යන්ඩ පුලුවන් වෙයි :yes::yes:
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    අනිවා අපිට වඩා උසස් ජීවීන් මේ විශ්වයේ ඉන්වා :lol:
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    අපේ සෞර ග‍්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් පිහිටා ඇති ග‍්‍රහලෝකයක ජීවය පැවැතිය හැකි බවට සාක්ෂි තමන්ට ලැබී ඇතැයි ඇමෙරිකාවේ නාසා ආයතනය ඊයේ (5) අනාවරණය කළේය.නාසා විද්‍යාඥයන් මේ බව ප‍්‍රකාශ කළේ ඔවුන් විසින් අභ්‍යවකාශයේ රඳවනු ලැබූ ‘කෙප්ලර්’ නමැති අති ප‍්‍රබල දුරේක්ෂයෙන් ලබා ගත් ඡුායාරූප සහ දත්ත පාදක කර ගනිමින්ය. ඔවුන් එම ග‍්‍රහලොව නම් කර ඇත්තේ ‘කෙප්ලර් 22බී’ යනුවෙනි.නාසා විද්‍යාඥයන් කෙප්ලර් දුරේක්ෂය අභ්‍යවකාශයේ රඳවා තිබෙන්නේ ද අපේ සෞර ග‍්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් පිහිටා ඇති ග‍්‍රහලෝකවල ජීවීන් සිටිත්දැයි සෙවීමේ අරමුණ ඇතිවය.නාසා ආයතනය අති නවීන තාක්ෂණයෙන් නිර්මාණය කළ ප‍්‍රබල කැමරාවකින් ද සමන්විත කෙප්ලර් දුරේක්ෂය අභ්‍යවකාශයේ රැඳවූයේ 2009 වසරේදීය. එය ලබන වසරේ එනම් 2012 වසරේ නොවැම්බර් මාසය තෙක් විශ්වයේ ඈත කෙළවරේ ඇති දත්ත සහ ඡුායාරූප පෘථිවියට එවනු ඇත.‘කෙප්ලර් 22 බී’ ග‍්‍රහලෝකයේ ජීවය පවතින බවට සාක්ෂි විද්‍යාඥයන්ට හමුවී ඇත්තේ ඒ අනුවය.‘කෙප්ලර් 22බී’ පිහිටා ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 600 ක් දුරින් යැයි විද්‍යාඥයෝ පෙන්වා දෙති. මෙම ග‍්‍රහලොව ගැන මුලින්ම තාරකා විද්‍යාඥයන්ට තොරතුරු ලැබී ඇත්තේද 2009 වසරේදීය. පෘථිවියට වඩා විශාල වන මෙම ග‍්‍රහලෝකය අපගේ සූර්යයාට වඩා කුඩා තරුවක් වටේ භ‍්‍රමණය වෙයි. ග‍්‍රහලොවේ ජීවය පැවැතීමට අවශ්‍ය සාධක තිබෙන බවත් එය විශ්වයේ පිහිටා ඇත්තේ ජීවය පැවැතිය හැකි කලාපයක බවත් හෙළි කර ගැනීමට හැකි වී ඇත්තේ කෙප්ලර් දුරේක්ෂයේ උදව්වෙනි.

    031.jpg


     
    Last edited: