තාරකාවක්_හැදෙන_හැටි

sooppuwa

Member
Jan 31, 2016
738
427
0
උඩ තට්ටුවෙ
තාරකාවක්_හැදෙන_හැටි

තාරකාවක් හැදෙන හැටි

ay_105680511.jpg



රාතී‍්‍ර අහසේ පෑයූ තාරකා ගැන නොලියූ කවියකු සිටීනම් පුදුමයකි. රාතී‍්‍ර අහසත් එහි ඇති තාරකා සමූහයත් කවි සිත ඒ තරමට අවදි කිරීමට සමත්ව ඇත. නිවි නිවී දැල්වෙමින් රාති‍්‍රයේ අපේ තනිකම මකන්නට මෙන් සිටින මේ තාරකා පිහිටන්නේ සැතපුම් කෝටි ගණනක් ඈතිනි. විශ්වයේ ඇති තාරකාද ජීවීන් මෙන්ම බිහිවෙති, වර්ධනය වෙති. තරුණ වියට මැදිවියට හා මහලූ වියට එළැඹෙති. ඉන් අනතුරුව මිය යති. මේ සඳහා වර්ෂ කෝටි ගණනක් වැයවේ.


ප‍්‍රාග් තාරකාවක් හෙවත් තරුවක ආරම්භක අවස්ථාව

තාරකාවක් බිහිවන්නේ දැවැන්ත දුහුවිලි සහ වායු වලාවක් කැටි වෙමින් හැකිළීම හේතුවෙනි. අණුක වලාවන් ලෙස හැඳින්වෙන තාරුකා බිහිවිය හැකි වලා රාශියක් විශ්වයේ තැන තැන පිහිටා ඇත. මෙවැනි ඇතැම් අණුක වලා, අලෝක වර්ෂ හෙවත් ආලෝකය වසරකට ගමන් කරන දුර මෙන් 300 ගුණයක් මෙන් පළලය. එවැනි එක් වලාවක් රාතී‍්‍ර අහසේ අපගේ පියවි ඇසින් දැකගත හැකි වීමද විශේෂත්වයකි. ඔරායන් තාරකා රාශිය ආසන්නයේ පිහිටි ඔරායන් නිහාරිකාවද තාරකාවක් බිහිකිරීමට සමත්යැයි විද්‍යාඥයන් විශ්වාස කරන අණුක වලාවකි.

අණුක වලාවක් තාරුකාවක බිහිවීමට මුල් බීජ සපයන බවට ඇති මතය ප‍්‍රථම වරට ප‍්‍රකාශ කරන ලද්දේ ඇමෙරිකානු තාරකා විද්‍යාඥයකු වන පිලිප් මයර්ස් විසිනි.

විශ්වයේ තාරකාවක් පුපුරා යාම වැනි යම් කැලඹීමක් හේතුවෙන් මේ අණුක වලා කැලඹීමට ලක්වේ. වායු අංශු එක් ස්ථානයකට වැඩිපුර එක්රැස් වීම නිසාම අණුක වලාවේ සෙසු අංශු වෙත ගුරුත්වාකර්ශන බලයක් යෙදේ. ඒ හේතුවෙන් අවට ඇති අංශු ද මෙම ඝණවීම සහිත ස්ථානයට පැමිණේ. මෙය පෙනෙන්නේ අණුක වලාවේ එක්ස්ථානයකට කඩා වැටෙන වායු වලාවක් ආකාරයෙනි. මේ ආකාරයට වායු අංශු විශාල වශයෙන් පැමිණීමේ ප‍්‍රතිඵලය වන්නේ මුල් බීජ තිබූ ප‍්‍රදේශයේ පීඩනය ද බොහෝ සෙයින් ඉහළ යාමයි.එහි ප‍්‍රතිඵලය වන්නේ අතිශය සිසිල්ව පවතින අණු එකිනෙක ආකර්ශනය වී හැකිළීමට පටන් ගැනීමයි. දිගින් දිගටම හැකිළීමේදී වලාවේ අංශු වලාවේ ගුරුත්ව කේන්ද්‍රය දෙසට අතිශය වේගයන් චලනය වීම හේතුවෙන් එහි උෂ්ණත්වය ක‍්‍රමයෙන් ඉහළ නැගීමට පටන් ගනී. අනතුරුව ගුරුත්ව කේන්ද්‍රය දීප්තියෙන් බබලන්නට පටන් ගනී. තාරකාව සෑදීමට තුඩුදුන් දුහුවිලි අංශුවල ඇති පරමාණු එකිනෙක ගැටීමෙන් ප‍්‍රතිකි‍්‍රයා සිදුවීම ආරම්භ වනතුරු හැකිළීමේ කි‍්‍රයාවලිය සිදුවේ. තාරකාවක් බිහිවන්නේ ඒ ආකාරයෙනි. ආරම්භක අවදිය හෙවත් තාරුකාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 10000ක් දක්වා වූ කාලය විද්‍යාඥයන් විසින් හඳුන්වන්නේ ප‍්‍රාග් තාරකාවක් යනුවෙනි. ප‍්‍රාග් තාරකාවක් වටා එය නිර්මාණය වීමට මහෝපකාරී වූ අණු වලාව පිහිටා තිබේ. එබැවින් තාරකාව නිරීක්ෂණය කිරීම අතිශයින්ම අපහසු කාර්යයකි. තාරකාවේ අභ්‍යන්තර උෂ්ණත්වය දිගින් දිගටම වැඩිවෙයි.

පරමාණු ගැටීමේදී ප‍්‍රථමයෙන් හයිඩ‍්‍රජන් හා හීලියම් වායු නිපද වේ. මේ හේතුවෙන් තාරකාවක් විසින් අති විශාල ශක්තියක් නිපදවීම සිදුවේ. මෙලෙස නිපදවන හීලියම් තවදුරටත් ප‍්‍රතිකි‍්‍රයා වට භාජනය වීමෙන් හීලියම් යකඩ හෝ කාබන් සහ ඔක්සිජන් බවට පරිවර්තනය වේ. තාරකාවක ජීව කාලය පුරාම මේ කි‍්‍රයාවලිය දිගින් දිගටම සිදුවන්නකි.

තාරුකාව අභ්‍යන්තරයේ සිදුවන ප‍්‍රතිකි‍්‍රයා හේතුවෙන් තාරුකාවේ සිට ඉවතට ඉතා විශාල සුළං දහරා හැමීමට පටන් ගනී. අපේ සූර්යයාගේ සිට වරින් වර විශ්වයට සූර්ය සුළං හමා යාම එයට උදාහරණයකි. සුළං දහරාව හේතුවෙන් තාරුකාව සෑදීමට මුල් වූ අණුක වලාව ටිකෙන් ටික ඈතට ගසාගෙන යාම සිදුවේ.

අප ජීවත්වන පෘථිවිය අයත් සෞරග‍්‍රහ මණ්ඩලයේ සූර්යයා සෑදීමට මුල් වූ බව පවසන ඌට් නමින් හඳුන්වන අණුක වලාව මේ ආකාරයට සූර්යයාගේ සිට ආලෝක වර්ෂ 1.5 ක් ඈතට ගසාගෙන ගොස් තිබේ. එලෙස අණුක වලාව ඈත්වීමත් සමග විද්‍යාඥයන් තාරුකාව හඳුන්වන්නේ තරුණ අවදියක් ගතකරන තාරකාවක් ලෙසිනි. තාරුකාවක් තමන් සතුව ඇති හයිඩ‍්‍රජන් සියල්ල දහනය කරමින් වසර බිලියන ගණනක් දික්වූ තරුණ අවදියක් ගතකරයි.තරුව නිර්මාණය වීමට මහෝපකාරී වී තරුවේම බලපෑමෙන් ක‍්‍රමයෙන් ඈත්ව ගිය අණුක වලාව ඇතැම් තරු වටා තනි තනි ග‍්‍රහලෝක ලෙස තැන තැන සංකෝචනය වී තිබෙනු දක්නට ලැබේ. අප අයත් සෞරග‍්‍රහ මණ්ඩලය ද එවැන්නකි. මෙලෙස නිර්මාණය වන ග‍්‍රහලෝක අදාළ තාරකාව වටා ගමන් කිරීම හෙවත් පරිභ‍්‍රමණය වීම සිදුකරයි.


ප‍්‍රාග් තරකාව වටා ගොඩනැගෙමින් තිබෙන ආකාරය.

ප‍්‍රාග් තාරකාවක් වටා මේ ආකාරයට ග‍්‍රහලෝක සෑදෙමින් තිබෙන අවස්ථාවේ අණුක වලාව හඳුන්වන්නේ ප‍්‍රාග් තැටිය යනුවෙනි.

ඔරායන් නිහාරිකාවේ පමණක් ප‍්‍රාග් තාරකා 150ක් පමණ සොයාගෙන ඇති අතර ඉන් තාරුකා පහක ප‍්‍රාග් තැටි පවා නිර්මාණය වී තිබීම වැදගත් ලක්ෂණයකි.


ඔරායන් නිහාරිකාව

එනම් ඔරායන් නිහාරිකාව යනුවෙන් හඳුන්වන අණුක වළාවේ පමණක් මේ වනවිට ග‍්‍රහ මණ්ඩල සහිත තාරුකා පහක් බිහිවී තිබේ. අනෙක් තාරුකා ද තමා වටා ග‍්‍රහ මණ්ඩල සාදාගනු ඇති බවත් පෘථිවියේ සහ අප සූර්යයාගේ සම්භවය සිදුවූ ආකාරය දැන ගැනීම සඳහා නිරන්තරවම ඔරායන් නිහාරිකාව නිරීක්ෂණය කිරීම වැදගත් බවත් විද්‍යාඥයන්ගේ මතයයි.

නාසා ආයතනය පවසන්නේ මේ ප‍්‍රාග් තැටියක අඩංගු දෑ අතරින් සියයට 90ක් විවිධ වායු වර්ග බවයි. ඉතිරි සියයට 10 දුහුවිලි බවත් ප‍්‍රාග් තැටියක් සාමාන්‍යයෙන් කිලෝ මීටර බිලියන 90ක් පමණ දිගින් යුතු බවයි.

තාරුකාවක ජීවිත කාලය තීරණය වන්නේ එහි ස්කන්ධයෙනි. තරුවක් බිහිවූ පසු එය තරුණ අවදියට පිවිසේ. තරුවේ ඇති හයිඩ‍්‍රජන් එකිනෙක ගැටීමෙන් හෙවත් න්‍යෂ්ටික විලයන කි‍්‍රයාවලිය හේතුවෙන් හීලියම් නිපදවේ. එහි ප‍්‍රතිඵලය වන්නේ අති විශාල ශක්තියක් නිපදවීමයි.

අවසානයේ තාරකාවක ප‍්‍රතිකි‍්‍රයා වීමට කිසිවක් ඉතුරු නොවන විට තාරකාව විනාශ වීම ආරම්භ වේ. අභ්‍යන්තරයේ කිසිදු ප‍්‍රතිකි‍්‍රයා වක් නොවන බැවින් තරුව යළිත් සිසිල් වීම ආරම්භ වේ. එහි අනාගතය තීරණය වන්නේ තාරුකාවේ ස්කන්ධයෙනි.

අපගේ සූර්යයාගේ ස්කන්ධයට වඩා අඩු තාරුකා තරුණ අවදිය පසුකොට කළු දුඹුරු වාමන තාරකාවක් බවට පත්වන්නේය යන්න විද්‍යාඥයන්ගේ මතය වී තිබේ. අපගේ සූර්යා වැනි ස්කන්ධයකින් යුතු තාරුකා ටිකෙන් ටික රතු පැහැයෙන් යුතු වේ. තරුවේ අවසානය ළගාවීමත් සමගම එහි පිටකවරය ප‍්‍රසාරණය වන අතර තාරුකාවද රතු යෝධයකු බවට පත්වේ.

විද්‍යාඥයන් පවසන්නේ අපගේ සූර්යයා යෝධ රතු තාරුකාවක් බවට පත්වෙමින් අගහරුගේ කක්ෂය දක්වාම ප‍්‍රසාරණය වන බවයි. ඉන්පසු විශාල පිපිරීමකින් සිය බාහිර කබොල්ල විනාශ වී යන බවද ඔවුහු පවසති. එය විනාශවූ පසු හඳුන්වන්නේ ග‍්‍රහ නිහාරිකාවක් ලෙසිනි. ග‍්‍රහ නිහාරිකාව මධ්‍යයේ ඇති කුඩා තාරකාව සුදු වාමන තරුවක් බවට පත්වේ.

වසර කෝටි ගණනක ඇවෑමෙන් සුදු වාමන තරුව කළු වාමන තරුවක් බවට පත්වෙයි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 3000ක් ඈතින් මේ ආකාරයේ තාරුකාවක් සොයාගෙන තිබේ. (ආලෝක වර්ෂයක් යනු වසරක් තුලදී අලෝකය ගමන් කරන්නාවූ දුර වේ. ආලෝකය තත්පරයට කිලෝමීටර 300,000 (සැතපුම් 186,000) වේගයෙන් ගමන් කරයි. මෙසේ තත්පරයට කිමී 300,000ක වේගයෙන් වසරක් පුරා ආලෝකය ගමන් කරන්නාවූ දුර ආලෝක වර්ෂයකි. මේ අනුව අලෝක වර්ෂයක් යනු සිතීමටද අපහසු දුර ප්‍රමාණයක් බව ඔබට පෙනී යනු නිසැකය. විශ්වයේ ග්‍රහලෝක, තරු, මන්දාකිණි අතර ඇති අතිවිශාල දුර ප්‍රමාණය නිසා එම දුර ගණන් ගැනීමට අලෝක වර්ෂ භාවිතා කෙරේ)

සූර්යයාට වඩා වැඩි ස්කන්ධයකින් යුතු තාරුකා අප සෞරග‍්‍රහ මණ්ඩලයේ පිහිටි බ‍්‍රහස්පති ග‍්‍රහයාගේ කක්ෂයට ඇති දුරකට සමාන විශාලත්වයක් දක්වා ප‍්‍රසාරණය වී පුපුරා යන බව විද්‍යාඥයන්ගේ මතය වී ඇත. එවැනි තාරුකාවක් පුපුරායාමෙන් පසු හඳුන්වන්නේ සුපර් නෝවාවක් ලෙසිනි. සූර්යයාගේ ස්කන්ධය මෙන් තුන් ගුණයක් දක්වා ස්කන්ධයෙන් යුතු තාරුකාවක් පුපුරා යාමෙන් පසු නියුට්‍රෝන තාරුකාවක් බවට පත්වේ.


ප‍්‍රාග් තැටිය ප‍්‍රාග් තාරකාව වටා ඇති අණුක වළාව ඈතට තල්ලූවී ගොස් ග‍්‍රහලෝක නිර්මාණය වේ.

මෙහිදී තරුවේ ඇතිවන අධික තෙරපුම හේතුවෙන් එහි ඇති පරමාණු බිඳ වැටී නියුට්‍රෝන පමණක් ඉතිරිවේ. නියුට්‍රෝන තාරකා වශයෙන් හඳුන්වන්නේ මේ හේතුවෙනි. මේ ආකාරයේ බිඳ වැටීමකින් පසු නියුට්‍රෝන තාරකාවක අධික චුම්භක ක්ෂේත‍්‍රයක් හටගනී. එමෙන්ම අධික වේගයකින් තමා වටා කරකැවීම හෙවත් භ‍්‍රමණය වීම සිදුවේ. කැරකීමේ ප‍්‍රතිඵලය වන්නේ තාරුකාවේ ශක්තිය ක්ෂය වීමයි. මෙහි චුම්භක ධ‍්‍රැව දෙකෙන් ප‍්‍රබල විකිරණ දහරා දෙපසට විහිදුවන අතර තාරුකාව පුපුරාගිය සුපර් නෝවාවේ දුහුවිලි කොටස් අතර සැගවී තිබේ.



ඊටත් වඩා වැඩි ස්කන්ධයකින් යුතු තාරුකාවක් පුපුරා යාමෙන් පසු කළු කුහරයක් නිර්මාණය වේ. විශාල තාරකාවක් පිපිරී යාමෙන් පසු සිදුවනහැකිළීමේදී අධික ගුරුත්වයක් අත්පත් කැරගන්නා බැවින් මෙම වස්තුවෙන් කිසිදු ආලෝකයක් පිටවන්නේ නැත. මේ නිසාමවිද්‍යාඥයෝ එවැනි තාරුකා හැඳින්වීමට කළු කුහර යන නම භාවිතා කරති. කළු කුහරයේ ඇති අධික ගුරුත්වය හේතුවෙන් අවට ඇති සියල්ල ඒ වෙත ඇද ගැනීමට හැකියාව ඇති බව පර්යේෂකයන් ප‍්‍රකාශ කළද ඒ පිළිබඳ මෙතෙක් සාර්ථක පර්යේෂණ සිදුකැර නැත.



අනතුරුව සුපර්නෝවාවක් ලෙස තාරුකාව පුපුරා ගොස් එතැන කළු කුහරයක් ඇතිවන බව විද්‍යාඥයෝ පවසති.

උපුටාගන්නා ලද්දේ lankadeepa.lk වෙබ්අඩවියෙනි.
 

Anti BBS

Member
Feb 7, 2015
4,160
665
0
Amsterdam
ගොඩක් වැදගත් ලිපියක්. අපේ ගොඩක් සමාජයේ මිනිස්සු දන්නේ නැහැ මේ අහසේ පායලා තියන තරු තවත් සුර්යයන් කියලා.


 

KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    ගොඩක් වැදගත් ලිපියක්. අපේ ගොඩක් සමාජයේ මිනිස්සු දන්නේ නැහැ මේ අහසේ පායලා තියන තරු තවත් සුර්යයන් කියලා.



    ඔය කිව්වේ...