පෘථිවියට දැන් උල්කාපාත වර්ෂාවක්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
පෘථිවියට දැන් උල්කාපාත වර්ෂාවක්


පෘථිවියට දැන් උල්කාපාත වර්ෂාවක්
ඉර එළිය නිසා ලංකාවට පේනවා අඩුයි
2014 මැයි මස 24 17:58:17 | වේරගොඩගේ සජිව විජේවීර

මේ මොහොතේ දී පෘථිවිය සූර්යයා වටා ගමන් කරමින් සිටින ප්‍රදේශයේ 209 ලීනියර් නමැති වල්ගාතරුවකින් සෑදුණු කුඩා බොරළුකැට අති විශාල සංඛ්‍යාවක් ඇති බවත් එම කොටස් පෘථිවි ගුරුත්වාකර්ශනයට හසුවී කඩා වැටීමෙන් උල්කාපාත වර්ෂාවක් ඇතිවෙමින් තිබෙන බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. සූර්යයා වටා ගමන් කරන එම වල්ගාතරුවේ වල්ගයේ අවශේෂ කොටස් මෙලෙස පෘථිවි ගුරුත්වයට හසුවන්නේ පළමු වතාවටය. මහාචාර්ය වරයා පවසන්නේ එවැනි උල්කාපාත කඩා වැටීම් 100ත් 1000ත් අතර ප්‍රමාණයක් සිදුවුව ද ශ්‍රී ලංකාවට දිවා කාලයේ එය ආරම්භ වූ බැවින් දක්නට නොලැබුණු බවයි. එසේ වුව ද රාත්‍රී කාලයේ උල්කාපාත කඩා වැටෙන අවස්ථා පියවි ඇසින් දැකගත හැකි බව ද කැනඩාව හා ඇමරිකාව වැනි රටවලට උළ්කාපාත වර්ෂාව හොදින් පෙනෙන්නට ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ