පෘථිවියේ පැතිරීම

saturn

Well-known member
  • Mar 21, 2015
    5,345
    9,111
    113
    Around the world
    පෘථිවියේ පැතිරීම

    පෘථිවියේ ආරම්භක අවදියේ දී, එය අපගේ චන්ද්‍රයා අද දක්නට ලැබෙන ආකාරයටම ඉතා නිසරු ග‍්‍රහ ලෝකයක් විය. වායුගෝලයේ ආරක්ෂාවක් නොතිබූ නිසා එකල ළදරු වියේ සිටි සෞරග‍්‍රහ මණ්ඩලයෙන් ඉවතට විසි වූ පාෂාණ කුට්ටිවල සහ ග‍්‍රාහක කැබලිවල නිරන්තර ප‍්‍රහාරයට පෘථිවිය ලක් විය. පෘථිවියේ මතුපිටට එල්ල වූ මෙවැනි ප‍්‍රහාර හේතුවෙන් ඒ මත විශාල ආවාටයන් ද නිර්මාණය විය.අඛණ්ඩව සිදු වූ මෙම ග‍්‍රාහක පතිතවීම් හේතුවෙන් පෘථිවියේ පාෂාණමය මතුපිට ද්‍රව තත්වයට පත්වන්නට වූ අතර එය ගිනියම් වූ පාෂාණයෙන් පිරි සුවිශාල ලෝදිය සාගරයක් බවට පත් විය. අවසානයේ විශ්වයෙන් එල්ල වූ ග‍්‍රාහක ප‍්‍රහාර නැවතුණ අතර පෘථිවි මතුපිට ක‍්‍රමයෙන් සිසිල් වන්නට විය. නමුත් අලුතින්ම ඝන තත්ත්වයට පත්වෙමින් තිබූ පෘථිවි පෘෂ්ඨයේ පහළින් වායු වර්ග ඉහළට නිකුත් වන්නට විය.පීඩනය හේතුවෙන් පෘථිවි පෘෂ්ඨයේ නිර්මාණය වී තිබූ ගිනි කඳු අතරින් හයිඩ‍්‍රජන්, කාබන් ඩයොක්සයිඩ්, ජල වාෂ්ප සහ හයිඩ‍්‍රජන් නිකුත් විය. පෘථිවිය පුරාම දහස් සංඛ්‍යාත ගිනි කඳු පිපිරීම් ඇති විය. ඒවායින් නිකුත් වූ වායුන් එක් රැස් වීමෙන් පෘථිවිය වටා නව වායු ගෝලය නිර්මාණය විය. ඉහළ නැගි ජල වාෂ්ප ඝනීභවනය වීමෙන් වළාකුළු නිර්මාණය වූ අතර ඒවා පෘථිවි ග‍්‍රහ ලෝකය වටා ආවරණයක් ලෙස පිහිටියේය.

    ඉතා ඉක්මණින් ම සූර්යයාගේ අධිකතර රශ්මිය සිසිල් වන්නට විය. වර්ෂාව ඇද හැලිණි. පෘථිවියට මේ තාක් ඇද හැළුණු ධාරානිපාතම වර්ෂාව එය වූ අතර දීර්ඝ කුණාටු ද ඇති විය. පොළොවේ තිබූ ෙද්‍රීණි සියල්ල ජලයෙන් පිරී යන තුරු වසර දහස් ගණනක් මෙම වර්ෂාව පැවතිණි. මේ ආකාරයට වර්ෂා ජලයෙන් පිරී ගිය ද්‍රීණි සියල්ල අද අප දන්නා සාගර බවට පත් විය.පෘථිවි පෘෂ්ඨයේ චලනය අත්ලාන්තික් සාගරය සෑම වසරකදීම අපගේ මාපට ඇඟිල්ල තරම් ප‍්‍රමාණයකින් පුළුල් වේ. මේ නිසා වසරකට ඒ තරම් ප‍්‍රමාණයකින් උතුරු සහ දකුණු ඇමරිකා මහාද්වීප යුරෝපයෙන් සහ අප‍්‍රිකාවෙන් ඉවතට තල්ලු වී යයි. ලොකයේ දැනටමත් උසම කන්ද ලෙස පිහිටි කඳු වැටිය සෑම වසරකදී ම අපගේ මාපට ඇඏල්ලක දිග තරම් ප‍්‍රමාණයකින් උසින් වැඩි වෙයි.පෘථිවියේ වෙනත් බොහෝ කොටස් ද මේ ආකාරයටම චලනයවීම් සහ හැඩයෙන් වෙනස්වීම් සිදුවෙයි. පෘථිවියේ පිටත ස්ථරය ශිලා ගෝලීය තැටි නම් වූ වක‍්‍රාකාර කැබලි විශාල ප‍්‍රමාණයකට බෙදී පැවතීම එයට හේතුවයි. වොලිබෝලයක කළු සහ සුදු පැහැති ෂඩාස්ශ‍්‍රාකාර කොටස් එක් වී එම බෝලය සෑදී ඇති ආකාරයට පෘථිවියේ පිටත පෘෂ්ඨය මෙම වක‍්‍රාකාර තැටි එක් වී නිර්මාණය වී ඇත. මේ ආකාරයේ විශාල තැටි 6 ක් පවතින අතර කුඩා ඒවා 12 ත් 15 ත් අතර ප‍්‍රමාණයක් පිහිටයි. එමෙන්ම ඒවා අඛණ්ඩව චලනය වෙමින් පවතී.
    සෑම තැටියක් ම පෘථිවියේ පිටත ස්ථරයෙන් කොටසක් සහ පිටත ප‍්‍රාවරණයෙන් කුඩා කොටසක් අන්තර්ගතව පවතී. මෙම කොටස් දෙකම එක් වූ විට එය ශිලා ගෝලය යනුවෙන් හඳුන්වයි. සාගර පතුලේ සිට කි. මී. 70 - 80 අතර ගැඹුරටත්, මහද්වීපවල පහළ සිට කි. මී. 100 - 150 අතර ගැඹුරටත් මෙම ශිලා ගෝලය විහිදී පවතී. ශිලා ගෝලයට පහළින් මඳක් ගැඹුරු ප‍්‍රාවරණයෙන් කි. මී. 100 ක පමණ කොටසක් වූ AESTHENOSPHERE පිහිටා ඇත. මෙම කොටස ද්‍රව තත්වයේ පවතින බැවින් ඉහළින් පිහිටි තැටි ඒ මත ලිස්සා යයි. ඒ හැරුණු විට ප‍්‍රාවරණයේ ඇති මන්දගාමී ගලායාම නිසා අධික පීඩනයක් සහ තාපයක් හටගනී. ඒ හේතුවෙන් තැටි තල්ලු කර දමයි. එවිට පෘථිවියේ මතුපිට පෘෂ්ඨය ලිස්සා යාමට ලක් වේ. ඒවා එසේ ලිස්සා යාමේ දී ඒවා සමග ගොඩබිම මත වූ විශාල භූමි ස්කන්ධයද යෝධ පහුරක් සේ පාවී යයි.ශිලා ගොලීය තැටි ඉතා තදින් එකට සවි වී පවතී. චලනය වීමේ දී ඒවා එකිනෙක ඇතිල්ලීමට පටන් ගනී. සමහර තැන්වල දී ඒවා එකිනෙක තදින් හැප්පීමෙන් රැළිගැසී ඉහළට එසවෙයි. කඳු නිර්මාණය වන්නේ ඒ ආකාරයෙනි.තවත් සමහර තැන්වල දී සාගරික පෘෂ්ඨයේ පිහිටි මෙවැනි තැටි දෙකක අතර පිහිටි විවරයෙන් උණුසුම් ද්‍රව පාෂාණ ඉහළට ගලාඑයි. ද්‍රව පාෂාණ සිසිල් වී ඝන වූ විට තැටි දෙකට අතරින් එක් වූ එම කොටස් හේතුවෙන් ඒවා ඉවතට චලනය වෙයි. මෙම කි‍්‍රයාවලිය සාගර පෘෂ්ඨයේ පැතිරීම යනුවන් හඳුන්වයි. ඒ හේතුවෙන් මුළු සාගරයම තව තවත් පුළුල් වෙයි. සාගරික තැටි අතර ඇති විවරයන් මධ්‍ය සාගරික තැටිය ලෙස හඳුන්වයි.

    (Internet)