පෘථිවිය ඇකිළෙනවා
මෙයට පෙරද ඇමරිකානු විද්‍යාඥයන් පිරිසක් ස්විස් රජයට අනතුරු අඟවමින් සර්න් පර්යේෂණාගාරය සිදුකරන පරීක්ෂණ නතර කරන ලෙසත් පෘථිවිය දෙකඩ වීමට ඉඩ ඇති බවත් කියා සිටියේය. මහාචාර්ය මාටින් රිස් තවදුරටත් පවසා ඇත්තේ මෙම අනතුරුදායක පර්යේෂණ නිසා පෘථිවියේ කළු ආගාධයක් ඇතිවන බවත් ඒ අවට ඇති සියලු දේම ඊට ගොදුරුවන බවත්ය. මානව සංහතියේ අනාගතය මැයෙන් ග්රන්ථයක් ප්‍රකාශයට පත් කර ඇති මහාචාර්ය රිස් පොළොව යට භෞතික පරීක්ෂණ පැවැත්වීම සුදුසු ක්‍රියාවක් නොවන බව කියා සිටියි.
සර්න් රසායනාගාරය යොදාගෙන ඇති නවීන යන්ත්‍රය මතින් පොළොව යට පැවැත්ම පරීක්ෂාවට ලක්කිරීම නොකළ යුතු ක්‍රියාවක් බවද ඔහු තවදුරටත් අනතුරු අඟවා ඇත. එහෙත් සර්න් පර්යේෂණාගාරය පවසන්නේ තම පර්යේෂණ තුළින් පෘථිවියට හානියක් නොවන බවයි.
සර්න් පර්යේෂණාගාරය වෙත ප්‍රතිචාර දක්වන මහාචාර්ය රිස් වැඩිදුරටත් දක්වා ඇත්තේ සර්න් විද්‍යාඥයන් පොළොව යට සිදුවන ක්‍රියාකාරකම්වල අනතුර නොදන්නා බවයි.
ජිනීවා නුවර සර්න් පර්යේෂණගාරය පොළොව යට සිදුකරන පර්යේෂණවලින් පෘථිවිය ඇකිළෙනවා - මහාචාර්ය මාටින් රිස් අනතුරු අඟවයි