පෙට්‍රල් හා ඩීසල් තහනම්

chin100

Active member
  • May 5, 2009
    598
    95
    43
    පෙට්‍රල් හා ඩීසල් තහනම්

    2040 වන විට ඩීසල් හා පෙට්‍රල් විකිණිම තහනම්

    වර්ෂ 2040 වනවිට ප්‍රංශයේ ඩීසල් හා පෙට්‍රල් වලින් ධාවනය වන සියලුම වාහන විකිණීම තහනම් කිරීමට නියමිත බව ප්‍රංශ රජය පවසයි. පැරිස් කාළගුණික සම්මුතියට අනුකූලව මෙම පියවර ගෙන ඇත.

    ප්‍රංශයේ පරිසර අමාත්‍යවරයා පවසන්නේ 2050 වර්ෂය වනවිට කාබන් මුක්ත කළාපයක් බවට පත් කිරීමට සැලසුම් කර ඇති බවයි. කෙසේ වුවද මේ වනවිට ප්‍රංශ වෙළඳපොලේ ඇත්තේ දෙමුහුන් (හයිබ්‍රිඩ්) මෝටර් රථ සියයට 3.5ක් ද සම්පූර්ණයෙන්ම විදුලියෙන් ක්‍රියාකරන වාහන සියයට 1.2ක් ද පමණි.

    සාම්ප්‍රධායික ඉන්ධන වලින් ධාවනය කරන වාහන සියයට 95ක් පමණ තවමත් ප්‍රංශ වෙළඳපොලේ පවතී. වොල්වෝ සමාගම පවසා ඇත්තේ ඉදිරියේදී ඔවුන් නිෂ්පාදනය කිරිමට බලාපොරොත්තු වන සියලුම මෝටර් රථ අඩ වශයෙන් හෝ විදුලියෙන් ක්‍රියාකරන ආකාරයට සැලසුම් කර ඇති බවයි.

    ගල් අඟුරු බලයෙන් ක්‍රියා කරන කර්මාන්ත 2022 වනවිට නැවැත්වීමට ද න්‍යෂ්ටික බලය යොදාගැනීම සියයට පනහකින් අඩු කිරීමට ද තෙල් හා ගෑස් ගවේෂණ බලපත්‍ර අලුතින් ලබාදීම නතර කිරීමට ද ප්‍රංශය සැලසුම් කර ඇත.


    image_34f1d96390.jpg


    lankadeepa.lk
     
    • Like
    Reactions: gayankuwait

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    ලොකේ ඒ පැත්තට යනකොට අපි තාම තෙල් හොයනවා
     

    pathumkw

    Junior member
  • Nov 11, 2016
    143
    14
    18
    ඒ උනාට බලපන්කෝ බං ලංකාවෙ පෙට්‍රල් ෂෙඩ් අලුතින් හදන හැදිල්ල
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ප්‍රන්ශේ පාවිච්චි කරපු වාහනත් මෙහෙට එයි නේ? :yes:
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ලොකේ ඒ පැත්තට යනකොට අපි තාම තෙල් හොයනවා
    :yes::yes::yes:

    ප්‍රන්ශේ පාවිච්චි කරපු වාහනත් මෙහෙට එයි නේ? :yes:
    ඒ කාලේදී තමයි මචන් අපේ වාහන සිහිනෙත් සැබෑකරගන්න පුළුවන් වෙන්නේ.:yes::yes: