පෙදරේරුවාගේ හදිසි අනතුරු වාර්තාව.

Chathu D

Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    පෙදරේරුවාගේ හදිසි අනතුරු වාර්තාව.

    ප්‍රිය මහත්මයානෙනි,
    මා විසින් ඉදිරිපත් කිරීමට යෙදුන හදිසි අනතුරු වාර්තාකිරීමේ පෝර්මයේ තුන්වන කොටසේ ඉල්ලා ඇති “වැඩි විස්තර” සඳහා වූ ඇමිණුමයි.
    එම අයදුම් පතේ ‘අනතුරට හේතුව’ යටතේ මා සඳහන් කර තිබූ “දුර්වල සැලසුම්කරණය” සම්පූර්ණ විස්තර සහිතව තව දුරටත් පැහැදිළි කරන ලෙස ඔබ කල ඉල්ලීමට පිළිතුරු වශයෙන් මා මේ සපයන විස්තරය ප්‍රමාණවත් වේ යයි උදක්ම විශ්වාස කරමි.
    වෘතියෙන් පෙදරේරුවරයෙකු වන මා අනතුර සිදු වූ දින අලුත් සය මහල් ගොඩනැගිල්ලේ තනිවම වැඩ කරමින් සිටියෙමි. වැඩ නිමවූ විට වැඩිපුර ගඩොල් සංඛ්‍යාවක් ඉතිරිවී ඇතිබව මා දු‍ටුවෙමි. සිද්ධියෙන් පසුව කිරා බැලූ විට මෙම ගඩොල් තොගය රාත්තල් 240ක් බව සනාථ කරගන්නා ලදි. මෙම ගඩොල් තොගය අතින් පහලට ගෙන නොයා, ගොඩනැගිල්ලේ හයවන මාලයේ අයිනකට වන්නට සවිකර තිබූ පුලිය භාවිතා කර හිස් බැරලයකට දමා බිමට පහත් කිරීමට මා තීරණය කලෙමි.
    මේ සඳහා භාවිතා කල කඹයේ කෙලවර ගොඩනැගිල්ලේ මිදුලේ තිබූ අධාරකයක හොඳින් ගැට ගැසූ මා, නැවතත් ගොඩනැගිල්ලේ හයවන මාලයට නැග, බැරලය පුලියේ එල්ලී තිබියදී, ගඩොල් බැරලය තුලට පැටවූවෙමි. ඉන් පසුව ගොඩනැගිල්ලෙන් බිමට බැස කඹයේ ගැටය ගැලවූයේ රාත්තල් 240 ක ගඩොල් පිරවූ බැරලය ඉතාමත් සීරුවෙන් බිමට බෑමේ අදහසින් ලනුව වැරෙන් අල්ලා ගනිමිනි. හදිසි අනතුරු වාර්තා පෝර්මයේ මගේ බර රාත්තල් 135 ක් ලෙස කර ඇති සඳහනට ඔබගේ අවධාණය යොමු කරනු කැමැත්තෙමි.
    අනපේක්ෂිතව මා එක්වරම දැඩි ගැස්සීමක් සහිතව පොලොවෙන් ඉහලට ඉපිලී ඒමෙන් ඇති වූ දැඩි කම්පනය නිසාම වික්ෂිප්ත වූ මා හට කඹය අත හැරීමට අමතක විය. මේ නිසා මා අධි වේගයෙන් ගොඩනැගිල්ලේ පැති බිත්තිය ඔස්සෙ සීඝ්‍රගාමීව ඉහලට ගමනාරම්භ කලෙමි.
    තුන්වන මහල ආසන්නයේදී, මා ඉහලට ගමන් කර තිබූ වේගයටම ආසන්න වේගයකින් පහලට ගමන් කර තිබූ ගඩොල් බැරලය හා මා එකට හමුවීම, මා හදිසි අනතුරු පෝර්මයේ තුන්වන කොටසේ සඳහන් කර ඇති හිස්කබලේ භග්නය, සුලු සීරීම් හා අකු ඇටයේ (collarbone) බිඳීම යනාදිය සිදු කිරීමට හේතු කාරණා විය.
    මෙම හමුව නිසාම මඳක් වේගය බාල වූ මුත් මොහොතකින් නැවතත් සීඝ්‍රගාමීව උඩු අතට කල ගමන නැවතුනේ මෙම ලිපියේ සිව්වන පරිච්ඡේදයේ මා සඳහන් කර ඇති පුලියත්, කඹයත් අතර මගේ දකුණතේ ඇඟිලි සියල්ල තුන්වෙනි පුරුක දක්වා සිරකරමිනි. වාසනාවකට මෙන් මේ අවස්ථාව වන විට මා නැවත පියවි සිහියට එලඹ තිබුන අතර, ඒ වනවිට දැනෙන්නට පටන්ගෙන තිබූ ඉවසිය නොහැකි වේදනාවෙන් වුවද කඹයේ එල්ලී සිටීමට සමත් වීමි.
    ආසන්න වශයෙන් මේ කාල පරාසයේදීම, ගඩොල් පැටවූ බැරලය මහපොලොව මත වැරෙන් පතිත වූ අතර බැරලයේ පතුල බැරලයෙන් වෙන් විය. හදිසියේම ගඩොල් වල බරින් සැහැල්ලුවූ බැරලයේ බර දැන් ආසන්න වශයෙන් රාත්තල් 50ක් පමණ විය. මා නැවතත් මගේ ශරීරයේ බරට ඔබේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි.
    ඔබ අනුමාන කල පරිදිම මා ගොඩනැගිල්ලේ පැති බිත්තිය ආසනයෙන් නැවතත් පොලෝ මට්ටම බලා අධිවේගයෙන් ගමනාරම්භ කලෙමි. තුන්වන මහල ආසන්නයේදී එම වේගයෙන්ම ඉහලට ගමන්කරමින් තිබූ බැරලය හා මා නැවත වතාවක් එකිනෙකා මුණගැසීම, මා පෝර්මයේ සඳහන් කර ඇති මාගේ වලලුකර දෙකම බිඳීයාමට , දතක් කැඩී යාමට හා ශරීරයේ පහත කොටසට සිදුවී ඇති දරුණු කැපීම් වලට හේතු වේ.
    මෙම මොහොතේ පටන් තත්වය මඳක් යහපත් වීමට පටන් ගන්නා ලදි. බැරලය සමග වූ හමුව නිසාම මාගේ ගමන් වේගය සැලකිය යුතු ලෙස අඩාල වූ නිසාම බිම වූ ගඩොල් ගොඩ මතට ඇද වැටීමේදී වාසනවකට මෙන් බිඳී ගියේ කොඳු ඇට තුනක් පමණි.
    අවසන් වශයෙන්, මා අධික වේදනාවෙන් පෙලෙමින් , සෙලවිය නොහැකිව, ගඩොල් ගොඩ මත වැතිර, මට තට්‍ටු හයකට ඉහලින් පුලියේ එල්ලෙමින් තිබූ හිස් බැරලය දෙස බලා සිටිද්දී මා මෙතෙක් වැරෙන් අල්ලාගෙන සිටි කඹය අතහැරුනේ හදිසියේම මගේ එලැඹ සිහියද නිවැරදි කල්පනාවද මා හැර ගිය නිසා බව ඔබ වෙත වාර්තා කරන්නේ කණගා‍ටුවෙනි.


    Source - http://matahithenahatty.wordpress.com
     
    Last edited: