පෙමට_අකුල් හෙලනවා කියා 15 දැරියක්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,195
    17,136
    113
    පෙමට_අකුල් හෙලනවා කියා 15 දැරියක්

    පෙමට අකුල් හෙලනවා කියා 15 දැරියක් මවට එරෙහිව මානව හිමිකම් යන්න හදලා


    මව විසින් සිය කුලුඳුල් ප්‍රේමයට අකුල්හෙළන බව පවසමින් බාලවයස්කාර පාසල් සිසුවියක එම ක්‍රියා කලාපයට විරෝධය පළකර දින තුනක් නිරාහාරව සිට මානව හිමිකම් කොමිෂන් සභාව වෙත සිය අයිතිවාසිකම් මව විසින් උල්ලංඝනය කරන බව පවසමින් පැමිණිල්ලක් කිරීමට කළ තීරණය ස්වාමීන් වහන්සේ නමකගේ අනුශාසනාවෙන් අනතුරුව ඉවත් කර ගැනීමේ පුවතක් අනුරාධපුරයෙන් වාර්තා විය.

    මැය අනුරාධපුර ප්‍රදේශයේ පාසලක 11 වැනි ශේණියේ ඉගනම ලබන පාසල් සිසුවියකි.

    මීට මාස කිහිපයකට ඉහතදී තරුණයකු සමඟ පෙම් සබඳතාවක් ආරම්භ කර ඇති අතර එම සම්බන්ධය මවට ආරංචි වීමත් සමඟ ඇය විසින් දියණියට එම සම්බන්ධය වහාම නතර කර දමන ලෙස අවවාද කර තිබේ.

    අධ්‍යාපනයට වඩා පෙම්වතා පිළිබඳව අවධානයක් දක්වා ඇති ඇය ඔහුව අමතක කර දැමිය නොහැකි බව පවසමින් නිරන්තරයෙන් මව සමඟ රණ්ඩු සරුවල් ඇතිකර ගෙන අවසානයේ සිය ඉල්ලීම දිනා ගැනීමට මවට එරෙහිව මීට මාස කිහිපයකට පෙර පොලිසියේ පැමිණිල්ලක් දමන බවට තර්ජනය කර ඇය බිය ගන්වා තිබේ.

    මාස කිහිපයක් තිස්සේ දෙදෙනා අතර මත ගැටුම් සිදුව ඇති අතර පෙම්වතාගේ උපදෙස්වලට අනුව දැරිය කාමරයක් තුළට වී පසුගියදා නොකා නොබී මවට එරෙහිව උපවාසයක් ආරම්භ කර තිබේ.

    මව විසින් ඒ පිළිබඳව විද්‍යාලයේ විදුහල්පතිවරයාට දැන්වූ පසු මුරණ්ඩුකමින් සිටින දැරියව අනුරාධපුර ප්‍රදේශයේ වැඩවසන ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක් හමුවට කැඳවාගෙන ගොස් තිබේ.

    දින තුනක් නිරාහාරව සිටි ඇය විහාරස්ථානයට ගිය අවස්ථාවේ නිරාහාරව සිටීම නිසා ක්ලාන්තය වී ඇද වැටී ඇති අතර ස්වාමීන් වහන්සේ විසින් දැරියට ආහාර පාන ලබාදී අනුශාසනාවක් කර තිබේ.

    “පුතේ අම්මා මේ දේවල් නතර කරන්න කියන්නේ ඔයාත් එක්ක තියෙන අමනාපයකට නෙවෙයි. ඔයාලා තාම පොඩි දරුවෝ. ආදරයට ඉස්සෙල්ලා අධ්‍යාපනය ලබාගත යුතුයි. මේ හැම දෙයක්ම තාවකාලිකයි. නමුත් අම්මගේ ආදරය මිල කරන්න බෑ.ඇයව වෛරක්කාරියක් විදියට දකින්න එපා. ඔයාව හොඳ තැනකට ගෙනි යන්නයි ඇය වෙහෙසෙන්නේ” යනුවෙන් උන්වහන්සේ දැරියට දීර්ඝ අනුශාසනාවක් කරමින් කරුණු අවබෝධ කරදී තිබේ.

    උන්වහන්සේගේ අනුශාසනාවෙන් අනතුරුව පෙමට අකුල්හෙළන බව පවසමින් මවට එරෙහිව මුරණ්ඩු ලෙස හැසිරෙමින් උපවාසයේ යෙදුණු දැරිය මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට සිතා සිටි සිතුවිල්ල ඉවත් කරගෙන පෙමට තිත තබන බවට ස්වාමීන් වහන්සේට වැඳ නමස්කාර කර පොරොන්දු වී තිබේ.




    nethfm
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    අබුද්ධස්ස කාලෙ පෙනෙන නොපෙනෙන මානේ වගේ බ්‍රෝ:angry::angry:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    පෙම්වතාගේ උපදෙස්වලට අනුව දැරිය කාමරයක් තුළට වී පසුගියදා නොකා නොබී මවට එරෙහිව උපවාසයක් ආරම්භ කර තිබේ.

    yako badinna inna ekige ammata salakanna dannenethi eka akita kohoma salakaida kiyala hithune nedda danne ne...
     

    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    මචන් ඕක මහලොකු නිවුස් එකක්ද බන් නිවුස් චැනල් එකක යන්න තරම්...

    කෙල්ල පැමිනිල්ල දාලනම් තව කමක් නෑ... එහෙමත් නැතුව ඕක කොහොමද ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ...

    මටනම් හිතෙන්නේ ඔය ගොඩක් ලිංගික අතවර සීන් ඔයවගේ සීන් පත්තරකාරයෝ මවලා ලියන ඒවා... නම් ගම් නැති නිසා නඩුදාන්නත් බෑනේ...
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,082
    1
    11,102
    113
    Oka ithin podi kale idan haduna hati thamai... Podi kaale wadiyama asuru karana kena widihata thamai lamaya hadennee...
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මචන් ඕක මහලොකු නිවුස් එකක්ද බන් නිවුස් චැනල් එකක යන්න තරම්...

    කෙල්ල පැමිනිල්ල දාලනම් තව කමක් නෑ... එහෙමත් නැතුව ඕක කොහොමද ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ...

    මටනම් හිතෙන්නේ ඔය ගොඩක් ලිංගික අතවර සීන් ඔයවගේ සීන් පත්තරකාරයෝ මවලා ලියන ඒවා... නම් ගම් නැති නිසා නඩුදාන්නත් බෑනේ...

    මේවා පොඩි නිව්ස් වෙන්නේ කොහොමද?උබලගේ පැත්තේ මේවා නිතරම වෙනවද?:confused:
     

    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    මේවා පොඩි නිව්ස් වෙන්නේ කොහොමද?උබලගේ පැත්තේ මේවා නිතරම වෙනවද?:confused:

    මචන් කෙල්ලන්ගේ ලව් කේස් කොච්චර යනවද බන්... ඒවට ගුරුවරුන්ට කියලා හාමුදුරුවන්ට කියලා නෑදෑයන්ට කියලා කොච්චර ශේප් කරගන්නවද??

    ගහගන්න සීන් පවා ඕන තරම් වෙනවා...

    මේකේ ප්‍රධාන සීන් එක මානව හිමිකම් එකේ පැමිනිලි කේස් එක... ඒත් ඒක කෙල්ල කරන්න හිතන් හිටියා කියලා තමයි කියන්නේ...

    එහෙම කලා නම් ඔන්න ඒක නිවුස් එකක් කියලා මාත් පිලිගන්නවා...

    අනේ මන්ද මට නම් මේක අවධානය තකා කරන ලද ලිපියක් කියලා හිතෙන්නේ....
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මචන් කෙල්ලන්ගේ ලව් කේස් කොච්චර යනවද බන්... ඒවට ගුරුවරුන්ට කියලා හාමුදුරුවන්ට කියලා නෑදෑයන්ට කියලා කොච්චර ශේප් කරගන්නවද??

    ගහගන්න සීන් පවා ඕන තරම් වෙනවා...

    මේකේ ප්‍රධාන සීන් එක මානව හිමිකම් එකේ පැමිනිලි කේස් එක... ඒත් ඒක කෙල්ල කරන්න හිතන් හිටියා කියලා තමයි කියන්නේ...

    එහෙම කලා නම් ඔන්න ඒක නිවුස් එකක් කියලා මාත් පිලිගන්නවා...

    අනේ මන්ද මට නම් මේක අවධානය තකා කරන ලද ලිපියක් කියලා හිතෙන්නේ....

    :yes::yes: