පෙම්වතාගේ නමවත් නොදැන තරුණිය මාසයක් දීග ක
පෙම්වතාගේ නමවත් නොදැන තරුණිය මාසයක් දීග කාලා
මුහුණුපොත මඟින් හඳුනාගෙන ඇති කරගත් ප්‍රේම සම්බන්ධතාව මත තරුණයකු සමඟ මාසයක් දීග කාපු තරුණියක ඔහුගේ නම නොදැන සිටීමේ පුවතක් අපට තඹුත්තේගම පොලිසියෙන් වාර්තා වේ. තඹුත්තේගම පදිංචි අවුරුදු 17 තරුණියක්
මුහුණුපොත මඟින් සාලියවැව ප්‍රදේශයේ තරුණයකු හඳුනාගෙන ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගෙන මාස දෙකකට පසු ඔහු සමඟ පැනගොස් තිබේ.
තරුණියගේ මව තම දියණිය අතුරුදන් වී ඇති බවට පොලිසියට පැමිණිල්ලක් කර තිබූ අතර තඹුත්තේගම පොලිසිය මඟින් කළ පරීක්ෂණයකින් පසු අදාළ තරුණිය තරුණයකු සමඟ ජීවත් වන බවට තොරතුරක් ලැබී තිබිණි. ඒ අනුව ඔවුන් දෙදෙනා සාලියවැව ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කිරීමේදී තරුණියට අවුරුදු 18 සම්පූර්ණ වී නොමැති නිසා විවාහ නොවී සිටි බවත් වයස සම්පූර්ණ වූ පසු විවාහ වන බවත් පොලිසියට පවසා ඇත.
පොලිස් භාරයට ගත් තරුණියගෙන් පොලිසියේ තඹුත්තේගම ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති කා.උ.පො.ප. ඉෂාරා හේරත් මහත්මිය තම පෙම්වතාගේ නම විමසා ඇති විට ඔහුගේ නම නොදන්නා බව පවසා තිබේ.
මෙම තරුණිය නිවෙසේ සුරතලයට හදාවඩාගෙන ඇති බවත් ඉදලක් ගෙන අතුගෑමටත් නොහැකි බවත් ඇයගේ මව පොලිසියට පවසා ඇත.
තම දියණිය අවශ්‍ය බව තරුණියගේ මව පැවසුවද තමන්ට තම පෙම්වතා සමඟ යෑමට අවශ්‍ය බව පැවැසීම නිසා පොලිසියට නීත්‍යනුකූල කටයුත්තක් කළ නොහැකි බව පොලිසිය සඳහන් කරයි.
තරුණයා කිසිදු රැකියාවක නිරත නොවන අයකු බවත් මේ වන විටත් ඔහු මවුපියන්ගෙන් යැපෙන අයකු බවත් පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
තම දරුවන් කරන දේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටින ලෙස තරුණියගේ මවට තරයේ අවවාද කළ පොලිසිය හැඟීම්වලට පමණක් වහල් වී තමාගේ පෙම්වතාගේ නමවත් මාසයක් එකට ජීවත් වී දැනගැනීමට නොහැකි වීම පිළිබඳව ලැජ්ජා විය යුතු බව පවසා මින් පසුවවත් ඔහුගේ නම මතක තබා ගත යුතු බවද නැතිනම් තමන්ට දරුවකු දී තමා අතහැර ගියහොත් නඩත්තු නඩුවක්වත් පැවරීමට නොහැකි වන බවත් ඉෂාරා හේරත් මහත්මිය තරුණියට අවවාද කරමින් පවසා ඇත.