පෙම්වතාට පහරදී පෙම්වතියව අපයෝජනය කරලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,109
    56,600
    113
    සිය පෙම්වතාට පහරදී ඔහු සමග සිටි 17 හැවිරිදි පාසල් සිසුවියක වන ඔහුගේ පෙම්වතිය අපයෝජනය කළ බව කියන සිද්ධියට සම්බන්ධ අයෙකු අත්අඩංගුවට ගැනීමට තෙබුවන පොලීසිය පරීක්ෂණ පවත්වයි.තෙබුවන, පැලපිටියාගොඩ පදිංචි 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක මෙම සිද්ධියට මුහුණදී තිබේ. තමා 21 හැවිරිදි තරුණයෙකු සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යන බවත් ඉකුත් අගෝස්තු 23 වැනිදා රාත්‍රි 11.30 ට පමණ නිවසේ කිසිවෙකුට නොදන්වා පෙම්වතා සමග යතුරුපැදියෙන් ගොස් පැලපිටියාගොඩ මාලනී වත්තේ කිරි මඩුව ඉදිරිපිට කළු ගල් තලාවේ කතා කරමින් සිටියදී සැකකරුවන් පැමිණ පහර දෙද්දී

    පෙම්වතා යතුරුපැදිය දමා පලා ගිය බවත් ඇය පොලීසියට ප්‍රකාශ කර ඇත. මෙම අවස්ථාවේදී තමා සැකකරුවන්ගෙන් මිදී පලා යන විට ඇළට වැටුණු බවත් සැකකරුවන් තමාව ගොඩගත් බවත් ඇය පොලීසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන්ය.


    ටික වේලාවකින් පෙම්වතා එම ස්ථානයට පැමිණ තමා පිළිබඳව සොයා බැලුවද එක් සැකකරුවෙකු තම ඇඟ උඩ නැග කෑ ගැසීමට නොහැකි වන සේ කට වසාගෙන සිටි බවද ඇය කර තිබූ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.

    පෙම්වතා මදක් සොයා බලා දමා ගිය යතුරු පැදිය රැගෙන ගිය පසු සැකකරුවන් දෙදෙනා තමා අපයෝජනය කළ බව ඇය පොලීසියට ප්‍රකාශ කර ඇත. තමාට අසනීප ගතියක් දැනීමෙන් පසු ඉකුත් 24 වැනිදා පාසලේ ඉංග්‍රීසි ගුරුතුමියට මේ බව කී බවත් ඇය පොලීසියට යොමු කළ බවත් ඇය පොලීසියට කර තිබූ ප්‍රකාශයේ තවදුරටත් සඳහන් වේ.

    මෙම සිද්ධියට අදාළ 26 හැවිරිදි වියේ පසු වන එක් සැකකරුවකු මේ වනවිටත් හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කොට සිටින අතර, අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වයි . තෙබුවන පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
     
    • Haha
    Reactions: dgboy