පෙම්වතා,මළ සිරුර

ccivo123

Banned
Oct 19, 2010
81
5
0
පෙම්වතා,මළ සිරුර

පෙම්වතා සමඟ පුංචි ලෝකාන්තයට ගිය
තරුණියගේ මළ සිරුර අඩි 350ක ප්‍රපාතයක

වයස අවුරුදු 19 ක්‌ පමණ වන උපාධි අපේක්‍ෂිකාවකගේ මළ සිරුරක්‌ නකල්ස්‌ සංරක්‍ෂණ වනාන්තරයේ හුන්නස්‌ගිරිය ඩීන්ස්‌ටන් ප්‍රසිද්ධ පුංචි ලෝකාන්ත (බෑවුමේ) ප්‍රපාතයේ අඩි 350 ක පමණ ගල්තලාවක රැඳී තිබියදී උඩදුම්බර පොලිසිය විසින් පෙරේදා (13 දා) සවස සොයාගෙන තිබේ. සිය පෙම්වතා සමඟ ඇය මෙසේ පෙරේදා උදේ සිය නිවසින් පිටත්වී ත්‍රීවිලරයක නැගී පුංචි ලෝකාන්තයට පැමිණ තිබේ. මෙසේ අවාසනාවන්ත ලෙස මරුමුවට පත්වී ඇත්තේ තෙල්දෙනිය රංගල පාරේ පදිංචිව සිටි කොඩිතුවක්‌කු මුදියන්සේලාගේ ධම්මිකා කුමාරි නමැත්තියකි. ඇගේ පෙම්වතා වන විශේෂ කාර්ය බළකායේ සේවයේ නියුතු මැදමහනුවර මොරගහමුල හලියද්දේ පදිංචි චන්දන රවීන්ද්‍රලාල් ගොඩමුන්නේ නමැත්තා පොලිසියට පවසා ඇත්තේ සිය පෙම්වතිය සමඟ පුංචි ලෝකාන්තයේ සිටියදී ඇය කැසිකිළියට බැහැරව ගිය අතර තමන් ද ඒ සඳහා පැත්තකට ගිය බවත් පසුව පෙර සිටි ස්‌ථානයට පැමිණ බලන විට ඇය එහි දකින්නට නොසිටි බවත්ය.

ඩින්ස්‌ටන් නකල්ස්‌ සංරක්‍ෂිතයේ අඩවි වන නිලධාරි කේ. බී. වත්තේගම හා උඩදුම්බර පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක එස්‌. බී. ජයසිංහ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක්‌ පුංචි ලෝකාන්ත ප්‍රපාතයේ මැදක රැඳී තිබූ ඇගේ මළ සිරුර සොයාගෙන තිබේ.

මියගිය අයගේ දෙමාපියන් සඳහන් කළේ ඇය සිරිත් පරිදි 13 දා උදේ බාහිර පංතියට යන බව පවසා නිවසින් පිටත් වී ගිය බවත් එහෙත් හුන්නස්‌ගිරිය පුංචි ලෝකාන්තයේ සිට ඇගේ පෙම්වතා යෑයි කියන අය විසින් තමන්ට දුරකථනයෙන් කියා සිටියේ තම දුවත් සමඟ පුංචි ලෝකාන්තයට පැමිණි බවත් එහෙත් ඇය දැන් නොමැති බවත් වහාම මෙහි පැමිණෙන ලෙසත්ය.

තෙල්දෙනිය වැඩබලන මහෙස්‌ත්‍රාත් සරත් ප්‍රේමකුමාර මහතා අදාළ ස්‌ථානයට පැමිණ මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය පැවැත්වීමට නියමිතව තිබිණි.

උඩදුම්බර පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

:no::no::baffled::baffled::baffled::baffled::no::no:
 

ccivo123

Banned
Oct 19, 2010
81
5
0
ඇත්ත වෙන්න ඇති බන් කොල්ල්ල කියන්නේ accident 1k වෙන්න ඇති
 
Last edited:

NanuNana

Member
Jan 29, 2010
654
68
0
ෂුවර් තල්ලුකරලා... ඇයි බන් වැසිකිළියට යන්න ලෝකාන්තේ කෙලවරට යන්න ඕනද? ඊට කලින් කොච්චර තැන් තියෙනවද ඔය වැඩේ කරගන්න.. මොනව උනත් පව් වැඩේ... විශේෂ කාර්ය බලකායේ තවත් විශිෂ්ඨ වැඩක්...