පෙම්වතිය මරා දමා වස පානය කළ පොලිස් පෙම්වතා
කතාව සැකෙවින් මෙසේය. ඇය නදීෂාණී මධුභාෂිණී සමරසිංහය. විශ්වවිද්‍යාල ප්‍රවේශය සමත් වුවද උත්සාහ කළේ රැකියාවක් සොයා ගැනීමටය.
ඊට හේතුව ඇගේ පියා මියගොස් තිබීමය. සහෝදර සහෝදරියන් කිහිපදෙනෙක් සහිත පවුල ගොඩගැනීම ඇගේ බලාපාරොත්තුව විය.
ඒ අතර ඇයට ලැබුණේ පොලිස් කොස්තාපල්වරියක් වීමේ රැකියාවය. ඒ රැකියාවෙන් ලද වැටුපින් ඇය අලුත් ගෙයක් හදන්නට පටන් ගත්තාය.
නංගි විශ්වවිද්‍යාලයට තේරී පත්වනු බලා ඇය සංතෝෂ වූවාය.
මේ අතර නදීෂාණිට ප්‍රේම සම්බන්ධතාවක් ද ගොඩනැඟිණි. ඒ ඇය මෙන්ම පොලිස් කොස්තාපල්වරයකු සමගය.
ඈ සබඳතාවය ගැන අම්මාට කීවාය. අම්මා පොලිස් කොස්තාපල් පුෂ්පකුමාරගේ වගතුග සෙව්වාය. අම්මා අන්තිමේදී තීන්දු කළේ පුෂ්පකුමාර කොස්තාපල් තම දියණියට නොගැලපෙන බවය.
වැදගත් යහපත් දියණිවරු මව්වරුන්ගේ කියුමට හිසනමති. එබැවින් නදීෂාණි තම පෙම්වතාට කීවේ ගෙදරින් අකැමැති බැවින් සබඳතාවය නවතා දමමු යෑයි කියාය.
ඊට තවත් හේතුවක් ද තිබිණි. ඒ කොස්තාපල් පුෂ්පකුමාරගේ නීතිරීති තද වැඩිකමය.
එයද නදීෂාණිගේ අකැමැත්තට හේතුවක් විය.
අන්තිමේදී සිදුවූයේ කුමක්ද? කොස්තාපල් පුෂ්පකුමාර තම ප්‍රේමයට පිටුපෑ නදීෂාණිගේ ගෙලට මන්නා පිහියකින් කොටා මරා දැමීමය.
ඔහු ඒ දෙය කළේ බිබිල පොලිසියෙන් නිවාඩු ගෙන කොළඹ කොටුවට පැමිණ කොටුව ගුවන් පාලම මතදීය. අනතුරුව හේ වස පානය කළේ දිවි තොර කර ගැනීමටය.
මීට සමාන ප්‍රේමයේ ශෝකාන්තයන් කොතෙකුත් වාර්තා වී ඇත. පැල්මඩුල්ලේ උසස් පෙළ ශිෂ්‍යයකු තම පාසල් පෙම්වතිය ප්‍රතික්ෂේප කිරීම නිසා කෝපයට පත්ව පෙම්වතියට පිහියෙන් ඇන මරා දැමුවේය. පසුව ආරක්ෂාව පතා නෑ ගෙදරක සැඟවුණේය.
එහෙත් එයින් පලක් වූයේ නැත. ඔහුට මරණ දඬුවම හිමි විය.
එලෙස පැතූ ප්‍රේමය නොලැබීම නිසා පෙම්වතියන් මරා දැමූ තරුණයන්ගේ ප්‍රමාණය බොහෝ වැඩිය.
මේවා තමන්ගේ තරුණ මදය නිසා තම අහංකාරයට පහරක් වැදුණා යෑයි සිතුමෙන් කරන අපරාධයන්ය. ප්‍රතිඵල ලැබෙන්නේ අපරාධයෙන් පසුවය.
අද මරණ දඬුවම ක්‍රියාත්මක නොවුවද මරණ දඬුවම පැනවූ අයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමි වේ. එයින් අදහස් කරන්නේ ඔහුට සිරගෙදර සුවයේ විසිය හැකිය යන්න නොවේ. මරණ දඬුවම ලැබී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබූ අයෙකු වුවද සිරගෙය ඇතුළතත් සිටිය යුත්තේ සිර කූඩුවකය.
එය හිතන තරම් සරල නිදහස් ජීවිතයක් නොවේ. ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලද්දෙක් සිරෙන් නිදහස්ව එනවිට ඔහුගේ ජීවිතයේ හොඳම කාලය සිරගෙදරට දියවී ගොසින් හමාරය.
ඒ වනවිට පෙම්වතිය මරා දැමීමෙන් කෝපය සංසිඳුවාගත් පෙම්වතාගේ කෝපය සංසිඳී ගොස්ය. ඒ ගැන ඔහු පශ්චාත්තාප වී සිටී.
එදා පැල්මඩුල්ලේ ශිෂ්‍යාවට පිහියෙන් ඇන මරණ දඬුවම ලැබූ ශිෂ්‍යයා මෙන්ම කොස්තාපල් නදීෂානී මරා දැමූ පොලිස් කොස්තාපල් පුෂ්පකුමාර ද කල් ඇවෑමෙන් තමා කළ අපරාධය වෙනුවෙන් නිසැකවම පශ්චාත්තාප වනු ඇත. එහෙත් දිනෙන් දින අපරාධ වැඩි වේ. සිද්ධියක් පිටුපස තවත් සිද්ධියක් මෙන් අපරාධ වැලක් එක දිගට සිදු වේ. සෑම සතියකම පුවත්පත් පිටු පුරා අපරාධ වාර්තා වේ.
පෙම්වතිය පිටු පෑම ඇය මරා දැමීමට තරම් හේතුවක් ද? මෙලොව සිටින එකම ගැහැනිය ඇය පමණක්ද? එවන් ළඳ හැර දැමීම නුවණැති ක්‍රියාවයි. ඇය තමාගේ ඉරණමෙහි ලියෑවී ඇති ගැහැනිය නොවේ. ඇය මරාදැමීමෙන් සිදුවනුයේ ජීවිතයත් අකල්හී මෙලොවින් තුරන්කිරීම පමණක් නොව තමාටද ජීවිතයෙන් වැඩි කාලයක් සිරගෙදර එක තැනකට වී ජීවත්වීමට සිදුවීමය.
ප්‍රේමයේ පරාජය විඳ ගැනීමට පුරුදු වූ සමාජයක් කලකට පෙර තිබිණි. එකල අහිමි වූ පෙම්වතිය මරාදැමීමේ පුරුද්දක් අප සමාජයේ නොතිබිණි. මීට හේතුව කුමක්ද? මිනී මැරීමට ඇති බියය.
එහෙත් අද මරා දැමීමේ බිය සමාජ මනසින් තුරන්ව ඇත.
තිස් අවුරුදු යුද්ධයේදී කොපමණක් නම් මරා ගැනීම් සිදුවිණිද? මරණය සුලභ දෙයක් බව අත්විඳි සමාජයක මිනී මැරුමට ඇති බිය තුරන්ව යැම පුදුමයක් නොවේ.
එල්ලුම් ගස අත්හිටුවීම ප්‍රධානම කාරණයයි.
නමුත් ශිෂ්ට සම්පන්න ලෝකයට මරණ දඬුවම නොගැලපෙන්නේ යෑයි යන්න මානව හිමිකම් සංවිධාන මතයක් ලෙස ලොව පුරා ගෙන යැම මරණ දඬුවම අත්හිටුවීමට බලපා ඇත.
එහෙත් ලෝකයේ දියුණු යෑයි සම්මත රටවල ද තවමත් මරණ දඬුවම ක්‍රියාත්මකය. මිනිසෙක් මැරුවාට තමන්ට මරණ දඬුවම නැත යන මතය දැන් ශ්‍රී ලංකා සමාජයේ පැලපදියම්ව තිබේ.
ඊළඟ සාධකය නඩු කියා ජය ගැනීමයි. නීති තර්කවලින් මිනීමරුවෝ නිදහස් වෙති. නැතිනම් ඉතා අඩු සිරදඬුවමකින් මිනීමැරීමේ චෝදනාවලින් ගැලවෙති. මිනීමැරුම කෙතරම් ප්‍රසිද්ධ එකක් වුවද ආන්දොaලනාත්මක එකක් වුවද ඇසූ දුටු හෝ පරිවේශනාත්මක සාක්ෂි නැත්නම් උසාවිය විත්තිකරු වරදකරුවකු නොකරයි. මෙවැනි වාසි පිට සැබෑ මිනීමරුවෝ අද නිදහස්ව ගෙදර යති.
මේ අයුරින් මිනීමැරීමට ඇති බිය සමාජයෙන් තුරන්ව යමින් තිබේ.
නූලට සැලසුම් කොට ඝාතනය කිරීම අනිත් විදියයි. පසුගියදා රත්මලානේ ගුරුවරිය ඇතුළු දරු දෙදෙනා පිළිස්සී මියයැමට සැලැස්වීම ඝාතකයාගේ සූක්ෂම සැලැස්ම විය. එහෙත් මියගිය ගුරුවරිය මිනීමරුවා හඳුනා ගැනීමට සලකුණක් ඉතිරි කොටගොස් තිබිණි. ඒ තමාගේ නියපොතු පහරවල්ය. ඝාතකයාගේ සිරුරේ ඇයගේ නිය පහරවල් තිබිණි. පොලිසිය ඔහු සැක කළේ එතැනිනි.
මිනිසකු හෝ ගැහැනියක ඝාතනය කිරීම මෙලොව ලොකුම අපරාධයයි. නමුත් සොබාදහම විසින්ම ඒ අපරාධය කළ තැනැත්තාට සැඟවී සිටීමට ඉඩ දෙනු නොලබයි.
පොලිස් කොස්තාපල් පුෂ්පකුමාර නදීෂාණී මරාදැමීමෙන් ලද ජයග්‍රහණය කුමක්ද? ඔහු පමණක් නොව ඔහුගේ පවුලේ අය ද අද විශාල අගාධයක වැටී සිටී.
පුෂ්පකුමාරට තිබුණේ දුරදිග බැලීමයි. "නුඹට එක වරක් එපා නම් මට සිය දහස්වාරයක් නුඹ එපා යෑයි" දැඩි නිගමනයකට එළැඹීමයි. පුෂ්පකුමාර පොලිස් නිලධාරියෙකි. අඩුපාඩුවක් නොමැති පිරිමියෙකි. ඉඳින් ඔහුට මෙලොව තවත් ගැහැනියක් සොයා ගත නොහැකිද?
අනිත් අතට තමාට කිසියම් නොගැලපුමක් තිබේ නම් පෙම්වතා ප්‍රතික්ෂේප කිරීමේ අයිතියක් සෑම පෙම්වතියකටම තිබේ. එය අයිතිවාසිකමකි. එලෙස සාධාරණ සිතුවිල්ලකට ඒමට නොහැකි ඇයි? නදීෂාණී මරාදැමීමෙන් දැන් ප්රශ්නය විසඳී ඇත්ද?
වෛරය කෝපය පහව යන්නකි. එයට පිළියම කාලයයි. ප්‍රේමයේ විරහව දරුණුම වේදනාවකි. එහෙත් ඊට පිළියම පිහි පහර නොවේ. කාලයට ඉඩ හැරීමයි.
රත්මලානේ ඝාතකයා වෙනත් පෙමක් සොයා ගිය අයෙකි. ඒ නිසා ඔහු බිරිඳ සහ දරු දෙදෙනා මැරීය. ඔහුට අද ඉතිරිව ඇත්තේ පාපය පමණි. ඔහු පැතූ පෙම්වතියද නැත. සිය බිරිඳ හා දරු දෙදෙනා ද නැත.
අප මෙසේ ලීවද සමාජයෙන් සාහසිකත්වය තුරන්වන්නේ නැත. මෙවැනි ශෝකජනක සිදුවීම් ඉදිරියටත් අසන්නට ලැබෙනු ඇත.
මේ නිර්මාණය වී ගෙන යන්නේ පාපයට බිය නැති සමාජයකි. ඕනෑම අපරාධයක් කොට ගැලවිය හැකි යෑයි සිතන සමාජයකි.
සබ්බේ තසන්ති දණ්ඩස්ස (දඬුවමට සියල්ලෝ තැති ගනිති) යෑයි යන්න සමාජයට කා වැද්දීමට අවශ්‍ය සාධක නිර්මාණය කරනතුරු සමාජ සාහසිකත්ව මනස නිවැරැදි කළ නොහැක.
divaina