පෙම්වතී පැමිණ පෙම්වතා පැහැරගෙන යයි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ත්‍රිරෝද රථයකින් පැමිණ වයස අවුරුදු 18 ක තරුණයෙකු පැහැරගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ඔහුගේ 17 හැවිරිදි පෙම්වතිය හා ඇගේ පියා අගලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

    මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ මහගම පොලේ ල්ගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

    ත්‍රීරෝද රථයක් අලුත්වැඩියාව සඳහා ගොස් සිටියදී මොහුට පහරදී පැහැරගෙන ගොස් ඇති අතර ඒ පිළිබඳව පැමිණිල්ල ලද වහාම ක්‍රියාත්මක වූ උප පොලිස් පරීක්ෂක ජයසිංහ මහතා ඇතුළු නිලධාරීන් පෙම්වතියගේ නිවසේ සිටියදී තරුණයා සොයාගෙන ඇත.

    මෙම තරුණයා පොලිසිය මගින් රෝහල් ගත කොට ඇති අතර සැකකාර පෙම්වතිය හා ඇගේ පියා මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

    අගලවත්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්මික සිල්වා මහතාගේ මෙහෙය වීම යටතේ මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
     

    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    අනේ අපිව පැහැරගෙන කවුලුත් නෑනෙ
    1716239730567.png