මේ බොරු දාලා තියෙන්නේ. සර්කසම්.අනිත් ආගම්වල කට්ටියට දැනගන්න දැම්මේ. නැත්තන් මේවා ඇත්ත කියලා හිතයි.ඕක එච්චර දෙයක් නෙවෙයි.
- ඒකාලේ රජගහ නුවර වේළුවනාරාමයේ මහා සංගායගේ දානයට ම වෙන් කරපු ඌරු කොටුවක් තිබ්බ කියලා අහල තියනව
- දැනටත් සමහර පන්සල් වලට කකුල් කොටු , ඌරු කොටු තියනවාලු දානෙටම වෙන් වෙච්ච
- බුදු හාමුදුරුවොත් එහෙ මෙහෙ වඩින්න ඇතෙක් පාවිච්චි කරාලු .
ඇතා කුලප්පු උනාම මහා කරුණාවෙන් කියල අහන්නෙම නැත්නම් ඉතින් හෙණ්ඩුවෙන් චුට්ටක් ඇන්නම හරි යනවලු.
ඕවට ඉතින් අනිත් උන්ට මුකුත් කියන්නත් බෑලු.
මොකද උබල කුකුල් මස් ගිල ගිල මාළු කකා මේවට මුකුත් කියන්න එපා කියලා මහා කරුණාවෙන් දේශනා කරල තියනවා.
සාදු![]()
- කිසිම ආරාමයක ඒ කාලේ සත්ව ගොවිපලවල් තියා වෙනත් වගාවන්වත් කරපු බවක් මම නම් අහලා නෑ. අනික හැම සත්වයාටම මෛත්රී කරන්න, සතුන් ආශ්රිත වෙළඳාම් කරන්න එපා කියලා අනුබල දුන්න දර්ශනයක් බුදු දහම.
- දැනට වුණත් දැනුවත්ව එහෙම පන්සල් වලට වෙන්වුන සත්ව ගොවිපලවල් නෑ දන්න තරමින්. එහෙම සත්ව පාලනය කරනවා නම් වැරදී. උමන්දාව ගැන නම් කතා කරලා වැඩක් නෑ. උමන්ධාවට සම්බන්ධව එහෙම දෙයක් වෙනවා ද කියන්න දන්නෙත් නෑ
- මම දන්න තරමින් කිසිම දවසක් බුදු හාමුදුරුවෝ කිසිම සත්වයෙක් තමන්ගේ ගමනා ගමනයට යොදාගෙන නෑ. ඔරු හරි පාරු වලින් හරි ගංගා එතෙර වුන අවස්ථා වගේ නම් තිබිලා තියෙනවා මතකේ විධියට. පා ගමනින් වඩින්න තමයි තමන්ගේ යටතේ මහන වුන භික්ෂූන්ටත් දේශනා කරලා තියෙන්නේ.
උපසම්පදා භික්ෂුවකට හරි නම් ගහක කොලයක්වත් කඩන්න බෑ. අද කාලෙ නම් ඕවා රකිනවා ද දන්නේ නෑ හැබැයි. එහෙම දේශනා කරපු දහමක සත්ව හිංසාව කොහොමටවත් වෙන්න බෑ. පන්සිල් පද පහෙන් වුණත් මුල්ම පදය සතුන්ට හිංසා කිරීමෙන් වැළකී සිටීමේ සිල් පදය. අද කාලෙ මිනිස්සු දේවල් වෙනස් කරගෙන තියෙන විධිය මුලික බුදු දහම විවේචනය කරන්න tool කරගන්න එක නම් වැරදි.
අන්තිමට කියන්න ඕන මම කිසිම මසක්, මාළු බිත්තර කන්නේ නෑ. පව් හින්දම නෙවෙයි. මම කන දේ හින්දා මස්, මාළු වගේ දේවල් වලට ඇතිවෙන demand එකට දායක වෙන්න මට ඕන කම නැති හින්දා සහ දැන් නම් එක පුරුද්දක් වෙලා. මදුරෝ හරි වෙන සත්තු හරි මරන්නෙත් නෑ.
Last edited:

