පෙරේරා

snoop

Well-known member
  • Sep 5, 2006
    5,895
    1,004
    113
    New York, USA
    22kg0y.jpg

    ​


    ඔන්න හොඳට කනබොන ෆන් ගන්න පොරක් කසාද බැන්දලු.
    බුවා කසාද බැඳල ටික දවසකින් වයිෆ් ගෙන් හෙන වාතෙලු එලියට යන් කියලා. මූත් ඉතිං බැරිම තැන වයිෆ් එක්ක දන්න රෙස්ට් හවුස් එකකට ගිහින්. බුවා දැක්ක ගමන් එතන ගේට් එකේ එකා කියලා
    "ආහ් පෙරේර මහත්තයා, කොහොමද" කියල. දැන් වයිෆ් මුගේ මූන දිහා ඔරවල බලල. මූ දහ අතේ දිවුරනවලු කලින මෙතෙන්ට ඇවිත් නෑ කියල.
    ඇතුලට යද්දි මැනේජරය අහනවලු "සර් හැමදම ගන්න රූම් එකද අදත් ඕනෙ කියල"

    ඔහොම ඉතින් සිද්දි ගොඩක් වෙලා, මූ වයිෆ් එක්ක ත්‍රීවීල් එකක නැගල ගෙදර යන්න. නැග්ග වෙලේ ඉඳල ගෑනි මූට ගහනවලු අතේ තිබුන කුඩෙන්. ඒ අස්සෙ ත්‍රීවීල් මල්ලි අහනවලු "පෙරේර මහත්තය, මේ බඩුව වෙනද ස්පොට් එකෙන් ගත්ත එකක් නෙමේද?" කියල.​