පෙරටුගාමී සමාජවාදින් සමග එක්වන්න
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පළමු මාධ්‍ය හමුව
Thursday, 29 March 2012 13:15 22 Comments
එදිනෙදා සිදුවීම්වලට ප්‍රතිචාර දක්වන, නිවේදන නිකුත් කරන දේශපාලන පක්ෂයකට එහා ගිය මානව සංහතිය මුහුණ දෙන ප්රශ්න වෙනුවෙන් මැදිහත් වන පීඩිතයාගේ අභිලාෂයන් දිනවන පක්ෂයක් සඳහා විශාල හිස්තැනක් ඇති බවත් එය පිරවීම 'පෙරටුගාමී සමාජවාදී පක්ෂය' පිහිටුවීමේ අරමුණ බවත් එම පක්ෂයේ සමුළුව සූදානම් කිරීමේ කමිටුව විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී සේනාධීර ගුණතිලක මහතා පැවසීය.
මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.
"දේශපාලන පක්ෂයක් වුවමනා වෙන්නේ ඇයි? විවිධාකාරයෙන් දෛනික ප‍්‍රශ්නවලදී මැදිහත් වෙන, ඒ වෙනුවෙන් කතා කරන සක‍්‍රිය දේශපාලන ව්‍යාපාර තිබෙනවා. නමුත් මුළුමහත් මානව සංහතිය මුහුණ දෙන ප්රශ්න වෙනුවෙන් මැදිහත් වෙන, ඒ අභිලාෂයන් දිනවන පක්ෂයක් සඳහා සමාජයේ විශාල හිස්තැනක් තිබෙනවා. එදිනෙදා ප‍්‍රශ්නවලට නිවේදන නිකුත් කරන පක්ෂයකින් එහා ගිය පීඩිතයාගේ අභිලාෂයන් දිනවන පක්ෂයක් ඕන.
ඒ භූමිකාව එක්තරා දුරකට ඉටු කළ ජනතා විමුක්ති පෙරමුණ මෑත කාලයේදී පිරිහීමකට, අපමනයකට ලක් වුණා. නැවත වමේ මතය පිහිටුවන්න ගත්ත උත්සාහය කුමන්ත‍්‍රණකාරීත්වයකට යට කරන්න නිලධාරිවාදී කණ්ඩායම කටයුතු කළා.
රට තුළ වමේ ව්‍යාපාරයකට ලොකු විභවයක් තිබෙනවා. 1930සිටයි ලංකාවේ වමේ ව්‍යාපාරය ක‍්‍රියාත්මක වෙන්නේ. කවර අඩුපාඩුකම් තිබුණත් දකුණු ආසියාවේ ලොකුම ට්‍රොස්ට්කිවාදී පක්ෂය ලෙස සමසමාජ පක්ෂය ගමනක් ආවා. 71අරගලය පීඩනයට එරෙහිව, ක‍්‍රම විරෝධී අරගලයක්. ඒ නිසා වමේ ව්‍යාපාරයකට ලොකු විභවයක් තිබෙනවා. ඒ විභවය පීඩිත ජනතාව දිනවන දේශපාලන පරිවර්තනයක් බවට පත් කරන්නේ කොහොමද?
අද සමාජය තුළ විශාල අසමානතාවයක් වර්ධනය වෙමින් තිබෙනවා. ඒ තුළ මානව සංහතියට අලූත් ජයග‍්‍රහණ කැඳවනව දේශපාලනයක් ඕන. පැය අටේ වැඩ දිනයේ සිට මානව සංහතියට ජයග‍්‍රහණ ගෙනාවේ වම, සමාජවාදී ව්‍යාපාර.
අනෙකා වෙනුවෙන් සටන් කරන සම්ප‍්‍රදායක් ඇති කරන්න පුළුවන්, කොදෙව් සීමාවෙන් පිටට ගිය ජාත්‍යන්තරවාදී චින්තනයක් හදන්න පුළුවන් වමට විතරයි. ඒ වෙනුවෙන් පෙරටුගාමී වැඩ කොටසක් කරන්නයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස පෙරට එන්නේ.
අප නිරත වී සිටි පසුගිය දශක කිහිපයක දේශපාලනය ගැන ආපසු හැරී බැලීමක් කළ යුතුව තිබෙනවා. එය ඉතා වගකීම් සහගත වැඩක්. එළඹෙන 9වැනිදා, අපේ පක්ෂයේ පළමු සමුළුවත් සමග ඒ සඳහා අප සූදානම්. මෙතෙක් කළ දේශපාලනය ගැන රට හමුවේ ඇගැයීමක් කිරීම අලූත් ගමනක් ආරම්භ කරන මොහොතේ මගහැර යා නොහැකි දේශපාලන වගකීමක්. එම ලේඛනයත් ලබන 9වැනිදා සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු සමුළුවේදී ජනතාවට ඉදිරිපත් කරන්න අප සූදානම්."
මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සේනාධීර ගුණතිලක මහතා මෙසේ පැවසීය.
ප‍්‍රශ්නය - පක්ෂයේ නායකයා කවුද?
පිළිතුර - පැවති වමේ ව්‍යාපාරය තුළත් අපි දැක්ක දේ තමයි, සාමාජිකයින් තුළින් ගෙන ආ නායකයින් ඉදිරිපත් කිරීම. නමුත් අපි විශ්වාස කරනවා, නායකයින් ගොඩනැගිය යුත්තේ ගොවි, කම්කරු, ශිෂ්‍ය අරගල තුළින් කියා. කොහොම වුණත් පක්ෂයේ දේශපාලන නායකත්වය තේරීම සමුළු සාමාජිකයින්ගේ වගකීමක්. ඒ නිසා සමුළු සාමාජිකත්වය තමයි පක්ෂයේ නායක මණ්ඩල තෝරා ගන්නේ.
ප‍්‍රශ්නය - මීට පෙරත් වමේ ව්‍යාපාර රට වෙනුවෙන් කියා කළ වැඩ නිසා පිරිහීමට ලක් වුණා. ඔබ ගොඩනගන ව්‍යාපාරයට එහෙම නොවෙයි කියන්න පුළුවන්ද?
පිළිතුර - රට හමුවෙ එන ඊනියා සටන් පාඨ එක්ක ඉදිරියට යන්න බැහැ. මව්බිම දිනවන්න වගේ සටන් පාඨයක් හරහා මේ මොහොතේ - මේ ආණ්ඩුව බලයට ආ පසු ඇමරිකාව සමග ආරක්ෂක ගිවිසුමක් අත්සන් කළා, එහි අඩංගු මොනවාද කියා අපි දන්නේ නැහැ - එවැනි ආණ්ඩුවක් ඔය වගේ සටන් පාඨ හරහා තමන්ගේ පැවැත්ම රැක ගනිමින් ඉන්නවා. එවැනි දේශපාලනයක් හරහා වමේ අරමුණු දිනවන්න පුළුවන් කියා අපි හිතන්නේ නැහැ.
ප‍්‍රශ්නය - පක්ෂයෙ වැඩපිළිවෙළ එළිදක්වනවාද?
පිළිතුර - ඔව්. පක්ෂයේ වැඩපිළිවෙළ, ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය එළිදක්වනවා. අපි දැක්කා සංශෝධනවාදී ජවිපෙ පවා පක්ෂයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය, වැඩපිළිවෙළ සාමාජිකයින්ට පවා දැනගන්න නොදී රහසිගතව තබාගෙන හිටියා. නමුත් අපි විශ්වාස කරන්නේ ඒවා සාමාජිකයින්ට විතරක්නොවෙයි, පොදුවේ සමාජයට ඒ ගැන පුළුල් අවබෝධයක් ලබා දිය යුතුයි. පසුගිය කාලයේ වමට මග හැරුණුදේ තමයි වාම බුද්ධි සම්ප‍්‍රදාය. මේ ලියවිලි අපි ගෙන එන්නේත් එවැනි සංවාදයක් බලාපොරොත්තුවෙන්.
ප‍්‍රශ්නය - කවද්ද, මුලින්ම ඡන්දයට ඉදිරිපත් වෙන්නේ?
පිළිතුර- අපි මැතිවරණ ප‍්‍රතික්ෂේප කරන දේශපාලනයක නැහැ. නමුත් මැතිවරණවාදී පක්ෂයක් නොවෙයි අපි නිර්මාණය කරන්නේ.
මෙම මාධ්‍ය හමුවට ජී. කුලරත්න, පුබුදු ජයගොඩ, චමීර කොස්වත්ත සහ දුමින්ද නාගමුව යන මහත්වරුද සහභාගි වූහ