පේන්ට් වැඩ්ඩො එඤ්ඤාඕ

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    යකඩ වැටක් පේන්ට් කරන්න බැලුවේ.
    ටිකක් මළකඩ අල්ලගෙන එන්නේ.

    යූටියුබ් වීඩියෝ ටිකක් එහෙන් මෙහෙන් බැලුවා. තේරිච්ච විදියට කරන්න ඕනි,

    1. වැට හොදට හෝදන්න ඕනි
    2. සෑන්ඩ් පෙපර්, ස්ටිල් බ්‍රශ් එකකින් මළකඩ අයින් කරලා, සුද්ද කරගන්න ඕන
    3. ප්‍රොටෙක්ටිව් පේන්ට් එකක් මළකඩ කපු තැන් වල ගාන්න ඕනි ( මොනවද හොඳ)
    4. පේන්ට් එක ගානවා

    මේ පේන්ට් තිනර් වල කලවම් කරලාද ගාන්නේ. ඒව අනුපාත පේන්ට් එකේ ගහලා තියෙනවද.

    දන්න අය පොඩ්ඩක් අද්දකීම් කියන්න
    @PHBhagya
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මම කරේ මෙහෙම, මේ වැට හදලා ලොකු කාලයක් නැහැ හැබැයි කලින් කරපු පේන්ට් වැඩේ හොඳටම කෙරිලා තිබුනෙ නැහැ.

    මුලු වැටම ප්‍රෙශර් වොශර් එකෙන් හොඳට හේදුවා

    සේරම මලකඩ ටික කැඩිලා යනකල් මලකඩ තිබුනු තැන් ටික ස්ක්‍රේපර්/සෑන්ඩ් පේපර්/Wire brush/Grinder with sanding disk වලින් හොඳට සුද්ද කරා
    වැඩේ බට අස්සෙ හිල් සහ බට අස්සට වතුර යන්න පුලුවන් තැන් තියන ඒව කැටලොයි පොඩ්ඩක් දාල හදලා කොලෙන් කැපුවා

    ඊට පස්සෙ ප්‍රයිමර් එකක් අරගෙන අර සුද්ද කරපු තැන් වල සහ ජොයින්ට් වල හොඳට පින්සලෙන් එක පාරක් ගෑව
    ඊට පස්සෙ දෙපාරක් පාරක් මුලු වැටේම ගෑව
    ඊට පස්සෙ Egg shell finish කියල ටිකක් රෆ් ලුක් එකක් එන පේන්ට් එකක් තියනවා, ඒක එක පාරක් ගෑවා

    බේබි රෝලර් එකක් ගත්තම ගොඩක් ඉක්මනට ගාන්න පුලුවන්.


    වැට කලින් පේන්ට් කරලා නැත්නම් ගැල්වනයිස් බට වලින් හදලා වගේ නං තියෙන්නෙ වැට හොඳට සුද්ද කරලා Etch primer එකක් ගාල ඊට පස්සෙ top coat එකට egg shell finish එක ගාන්න පුලුවන්.

    කලින් පේන්ට් කරපු වැටක් නං මුලු වැටේම ප්‍රයිමර් ගාන්න ඕන නැහැ, ප්‍රයිමර් එකෙන් වෙන්න පස්සෙ ගාන පේන්ට් ලේයර් එක හොඳට යකඩෙට අල්ලගන්න එක. සුද්ද කරලා යකඩෙ එක්ස්පෝස් වුනු තැන් වල විතරක් ප්‍රයිමර් ගාන්නත් පුලුවන් (මේ දවස් වල බඩු ගනන් නිසා)

    වැට සුද්ද කරද්දි ගොඩක්ම කලින් තියන පේන්ට් එක යනවා නං මුලු වැටේම ප්‍රයිමර් එක ගාන්න වෙනවා, මට උනේ ඒක. ස්ක්‍රේපරෙන් වැට සුද්ද කරද්දි තැන් තැන් වල පේන්ට් එක සීරිලා ගියා

    සරලව ගත්තම මුලින් ප්‍රයිමර් එකක් ගාල පස්සෙ ටොප් කෝට් එකක් ගාන්න ඕන
    ප්‍රයිමර් වර්ග තියනවා Etch primer - මේකෙන් ගැල්වනයිස් එක පොඩ්ඩක් හිල් වෙලා ගිහින් පේන්ට් එක යකඩෙට හොඳට අල්ලනවා. QD Primer (Quick dry primer) කියලාත් තියනවා. ගොඩක් යකඩ වැඩ කරන එවුන් කියන්නෙ QD එක ගෑවම ඇති කියලා නමුත් ඒක මදි. ඒක ගාල ටොප් කෝට් එකක් නොගාන එක හරිම අපරාදයක්

    Top coat එකට එක එක ඔප්ශන් තියනවා, Rough matt ලුක් එකක් එන්න මම ගෑවෙ egg shell finish කියලා තියන එකක්.
    හොඳ තිනර් එකකුත් ගන්න, ලූස් ගන්න තියන තිනර් ඒ තරං හරි නැහැ, මම නං ගන්නෙ කෑන් වල එන තිනර්. ඔයාගෙ වැඩේ හැටියට බජට් එකේ හැටියට බලලා ගන්න ඉතිං . ටින් එකේ ගහල තියන ප්‍රමානෙට තිනර් දාල ගාන්න. ඕන නං පොඩ්ඩ්ක තිනර් වැඩි කරන්න පුලුවන් නමුත් ගොඩක්ම වැඩි කරන්න යන්නත් එපා (මට මතක විදියට 10%ක් තිනර් දාන්න කියලා තියෙන්නෙ)
    තින්ත ටික ටික තිනර් දාල හදාගන්න වැඩේ යන විදියට. නැත්තං හදලා තිබුනම තිනර් ටික වාශ්ප වෙලා ගිහින් ආයෙ ආයෙ තිනර් දාන්න වෙනවා.
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ග්‍රයින්ඩරේකට කප් බ්‍රශ් එකක් දාල ගත්තනං සුද්ද කරන වැඩේ ලේසියි,,

    පුලුවන්කමක් තියෙනවනං පරණ පේන්ට් එක සම්පූර්ණයෙන්ම යවන්න... පතුරු යන ගතියක් තිබුණොතින් හරි, කලින් ගාල තියෙන පේන්ට් එක තිනර් බේස් නොවිච්ච හෑන්ඩ් පේන්ට් එකක් වුනොත්, අලුත් පේන්ට් එකේ තිනර් වලට දියවෙලා හෝ පතුරු ගැලවිලා යන්න පුලුවන්...

    පරණ පේන්ට් එක සම්පූර්ණ යවන්න, පේන්ට් රිමෝවු පාවිච්චි කරන්න පුලුවන්... සෑන්ඩ් පේපර් එකෙන් ලේසියෙන් යවන්න පුලුවන්නං එහෙම ඕනෙ නෑ...

    ඕකට, ප්‍රයිමර් එක විදිහට කෝස්වේ එකේ qd ප්‍රයිමර් එක ගන්න... ඒක සීරිලා යන්නෙ නෑ...
    නිපෝන් එකෙත් qd ප්‍රයිමර් එකක් තියෙනව, ඒකනං ගන්න එපා ජරාවක්... කෝස්වේ එක රෙකමන්ඩ් කරන්න පුලුවන්.
    ඒවයෙ කලර්ස් තියෙනව,
    මැට් වයිට්, මැට් බ්ලැක් විදිහට... ඒව, තිනර් වලින් විතරයි කලවම් කරන්න පුලුවන්, හැබැයි පින්සල් වලින් ගාන්න බෑ...
    ස්ප්‍රේ කරන්න විදිහක් නැත්තං බේබි රෝලර් එකකින් ගාන්න...
    මැට් වයිට් එකනං රෝලර් එකෙන් ගාන්නත් බෑ. බ්ලැක් එක විතරයි එහෙම පුලුවන්...

    Qd කියන්නෙ ක්වික් ඩ්‍රයි කියන එක,, එහෙම කිවුවට,

    Qd ප්‍රයිමර් එක උඩින් වෙන පේන්ට් එකක් ගාන්න අත්‍යවශ්‍ය නෑ..., ඔයාට වෙන කලර් එකක් ගන්න ඕනෙ නිසා වෙන පේන්ට් එකක් ගානවනං, ප්‍රයිමර් එක දවස් දෙකක්වත් වේලෙන්න අරින්න...

    සුද්ද කරන විදිහ @NEMISIS හරියට කියල තියෙනව...