පේරාදෙණියේ සිදුවීම ගැන විවරණයක්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ලංකාවේ බහුතරයක් මිනිස්සුන්ට “සෙක්ස් ඇරියස්” ගොඩක් තියෙනවා කියලා අපි කිව්වට මේ ඇරියස් හැදෙන්නේ කොහොමද කියලා අපි විවෘතව කතා කරන්නේ නැහැ.

    හුඟක් වෙලාවට කසාද බැඳලා අවුරුදු දෙක තුනක් ගිහින් ළමයෙක් දෙන්නෙක් හැදුණට පස්සේ සෙක්ස් කරනවා තියා බැඳපු ගැහැනිය ගේ හෝ පිරිමියාගේ අතින්වත් අල්ලන්න හිතෙන්නැති කාලයක් එනවා.

    එක පැත්තකින් romance එකේ තියෙන මැජික් එක නැති වෙලා යනවා. අනෙක් පැත්තෙන් ළමයින්ගෙ වගකීම්, ගෙවල් දොරවල්වල වගකීම්, රස්සාවේ ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න වගේ දේවල් ගොඩගැහෙනවා.

    ලෝකයේ හුඟක් රටවල මිනිස්සුන්ට මේ මහපොළොවේ ප්‍රශ්නවලින් තාවකාලිකව හරි පැනලා යන්න ඕනෙ තරම් විනෝදාස්වාද මාධ්‍ය තියෙනවා. මේවා ඇසුරු කරගෙන හැදුණු විනෝදාස්වාද සංස්කෘතියක් තියෙනවා. මිනිස්සු ඒවා තුළින් ජීවිතය අලුත් කරගන්නව. නැති වුණු 'ස්පාක් එක' ආපහු හොයාගන්න උත්සාහ කරනවා.

    ලංකාවේ එහෙම විනෝදාස්වාද මාධ්‍ය කියලා දෙයක් ලොකුවට නැහැ. තියෙන හුඟක් විනෝදාස්වාද මාධ්‍යත් පොඩි ළමයින් ඉලක්ක කරගෙන හැදුණ ඒවා කියලා හිතන්න පුළුවන්. "වැඩිහිටි විනෝදාස්වාදය" කියන්නේ අපේ රටේ තහංචි වැටුණු, හොඳටම සීමාවුණු, 'භයානකයි' කියලා හිතන දෙයක්.

    වැඩිහිටියන් බොහෝ වෙලාවට කරන්නෙත් ළමයින් විනෝද වෙනවා බලලා ඒක තමන්ගේත් විනෝදය කියලා හිතා ගැනීම පමණයි.

    ඒ කියන්නේ ඔවුන් තමන්ගේ විනෝදාස්වාදයත් කැපකරන තැනකට තල්ලු වෙනවා.

    ඒ වගේ ම "සංස්කෘතිය", "සදාචාරය", "සමාජයට බය", "පව් කරන්න තියෙන බය" "ඩිවෝස් වුණොත් විඳින්න වෙන ලැජ්ජාව" වගේ ප්‍රශ්න නිසා විවාහයෙන් පිට ලිංගික ආශ්වාදය ලබන්න, ආදරේ කරන්න තියෙන මාර්ගත් හුඟක් වෙලාවට වැහිලා තියෙන්නේ.

    මෙහෙම රටක වයසට යනවා කියන්නේ හරියට පස්ස පැත්තට මැහුම් දාලා බඩ විරේක වෙන්න අවුරුදු ගාණක් බෙහෙත් බොනවා වගේ දෙයක්.

    මේ වගේ තත්ත්වයක් ඇතුළේ මිනිස්සු වයසට යන්නේ සෙක්ස් ඇරියස් ගොඩක් එක්ක.

    ඒ කියන්නේ ලංකාවේ පොලීසිවල, විශ්ව විද්‍යාලවල, රජයේ ආයතනවල තීරණ ගන්නේ, බස්වල කෝච්චිවල, පාරේ තොටේ හුඟක් වෙලාවට ඉන්නේ මෙහෙම සෙක්ස් ඇරියස් ගොඩක් එක්ක වයසට ගිය මිනිස්සු.

    සාමාන්‍යයෙන් කෙල්ලෙක් කොල්ලෙක් කිස් කරන කොට, හග් එකක් දෙනකොට, ස්පර්ශයෙන් ආදරය ප්‍රකාශ කරනකොට අපිට ඒක උහුලන්න අමාරුයි වගේ දැනෙන්නේ ඒකයි.

    අපට පාරේ චූ කරන එක ගැන නැති අවුලක්, පාරේ කුණු දාන එක ගැන නැති අවුලක්, පාරේ බීලා කුණුහරුප කිය කිය සරමත් උස්සගෙන යන එක ගැන නැති අවුලක්, බුලත් කාලා බස් එකේ යන ගමන් පාරට කෙළගහන එක ගැන නැති අවුලක්, පාරේ දෙන කිස් එකක් ගැන තියෙන්නේ ඒ නිසයි.

    මේ ඇරියස් සුව කරන එක සෑහෙන්න අමාරු වැඩක්.

    මිනිස්සු ස්වකැමැත්තෙන් ඒ ඇරියස් සනීප කරගන්නේ නැත්තන්, සංකේතාත්මකව හරි මේ විදියට ඒ ඇරියස් සනීප කරගන්න ඒ අය පොළඹවන එක වටිනවා.

    මම පේරාදෙණියෙ කොල්ලෙකුයි කෙල්ලෙකුයි කරපු මේ ලස්සන වැඩේට ආසා ඒ හින්දයි.

    මේක බොහොම පොඩි දෙයක් වෙන්න ඇති. ඒත් මේකෙන් දෙන පණිවිඩය විශාලයි.

    මේ කොල්ලන්ට කෙල්ලන්ට නිදහසේ ජීවත් වෙන්න පුළුවන්, නිදහසේ හුස්ම ගන්න පුළුවන්, නිදහස් රටක් හදමු.

    -

    #lka #SriLanka #life
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    ලිපිය කියෙව්වද
    ඔය සෙක්ස් ඈරියස් කතාව හෑමදාම කියන එකක්.. ඔහොම තෑන් තෑන් වල වෙන දේවල් අරන් කතා ලියලා හෑමිනෙන්න දෙයක් නෑ බන්.. අනවශ්‍ය අවධානයක් ගන්න කරන දේවල් නේ.. ලන්කාවේ ළමා අපචාර, ස්ත්‍රී දුෂණ වෙන අකටයුතුකම් ඕන තරම් වෙනවා. මේවා ප්‍රශ්ණ නෙමේ ඒවා එක්ක බලනකොට. ඉස්සෙල්ලාම ඝනයන්ට අතේ ගහගන්න කියලා ඉස්කෝලවල හරියට ළමයින්ව දෑනුවත් කරන්න ඔනේ