පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලු සිසුන් මානසික වෛද්‍ය පරීක්ෂණයකට 😂

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලු පීඨවලට ඇතුළත් කරගන්නා නවක සිසුන් මින් ඉදිරියට මානසික වෛද්‍ය පරීක්ෂණයකට ලක්කරන බව එම විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාරිය ටෙරන්ස් මධුජිත් මහතා පැවසීය. මේ වර්ෂය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සහ කළමනාකරණ පීඨයට සිසුන් ඇතුළත් කරගෙන ඇති බවත්, එම සිසුන් සම්බන්ධයෙන් සිදුකළ මානසික වෛද්‍ය පරීක්ෂණයේදී ඔවුන් අතරින් 05%ක ප්‍රමාණයක් මානසික ප්‍රතිකාර ලැබිය යුතු මට්ටමේ සිටින බවත් මහාචාරියවරයා පැවැසීය. ඔහු මෙම අදහස් පළ කර සිටියේ පෙරේදා (12දා) සවස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.ඩී. ළමාවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් සනාථන මන්දිරයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

    විශ්වවිද්‍යාලයට ඇතුළත් කරගන්නා සිසුන් සියලු දෙනා මේ වනවිට කායික යෝග්‍යතා පරීක්ෂණයකට ලක්කරන බවත්, මීට අමතරව සිදු කරන මෙම මානසික වෛද්‍ය පරීක්ෂණය තුළින් සිසුන්ගේ මානසික ප්‍රශ්න හදුනාගැනීම සිදුකරන බවත් නියෝජ්‍ය උපකුලපතිවරයා පැවසීය. විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් කිහිපදෙනකු සියදිවි නසාගැනීම සම්බන්ධව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය අවධානය යොමු කිරීමෙන් අනතුරුව මෙම පියවර ගත් බවද නියෝජ්‍ය උපකුලපතිවරයා පැවසීය.

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාරිය එම්.ඩී. ළමාවංශ මහතා මෙහිදී අදහස් දක්වමින් පවසා සිටියේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 13,000ක් වන සිසුන් අතුරෙන් කලහකාරි ලෙස හැසිරෙන සිසුන් 10-15ක් සොයා ගැනීම අපහසු නොවන බවත්, සිසුන් යහමගට පැමිණියද සමහර සිසුන් නැවතත් වැරදි මාර්ගවලට යොමු වන්නේ බාහිර බලපෑම් නිසා බවත්ය. ලොව පිළිගත් උසස් අධ්‍යාපන ප්‍රමිතීන්ට අනුකූලව පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ විෂය මාලා ක්‍රියාත්මක වන බවත්,

    එම පාඨමාලා හේතුවෙන් සිසුන් මානසික ගැටලුවලට බදුන්වීමට හේතු වන්නේ නැතැයි අවධාරණය කළ උපකුලපතිවරයා පසුගිය වසංගත තත්ත්වය හේතුවෙන් වසර දෙකක කාලයක් පාඨමාලා අහිමි වූ සිසුන්ට ඔන්ලයින් අධ්‍යාපනයෙන් මිදී භෞතික අධ්‍යාපනයට යොමු වූ පසු මෙම ව්‍යාකූල තත්ත්වය ඇතිවිය හැකි බවට අනුමාන කරන බවද ළමාවංශ මහතා පැවසීය. සිසුන්ගේ මානසික තත්ත්වය යහපත් මට්ටමකට ගෙන ඒම සඳහා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට අමතරව ක්‍රීඩා, කලා හා සංස්කෘතික කටයුතු ආදිය වෙතද ඔවුන් යොමු කරවන බවද උපකුලපතිවරයා වැඩිදුරටත් පැවසීය

    ---

    ළමයෙක්ට නිදහසේ කන්න දෙන්නෙ නැති තිරිසන්නු :poop:
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,205
    13,922
    113
    පෘථිවිය
    විශ්ව විද්‍යාලෙට අඩු අදායම් ලාභී අයගේ ළමයින්ට නොමිලේ උගන්නල අනිත් අයට සාධාරණ අය කිරීමක් කරන්න යෝජනා කරමු
    බදුල්ලේ විශ්ව විද්‍යාලයක් ආරම්භ කරලා ඒ ප්‍රදේශ වල අයට, දඹානේ අයටත් ප්‍රාදේශීය විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා දීම යෝජනා කරමු
    පෝස්ටර් ගහන ළමුන් නෙරපන්න යෝජනා කරමු
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    විශ්ව විද්‍යාලෙට අඩු අදායම් ලාභී අයගේ ළමයින්ට නොමිලේ උගන්නල අනිත් අයට සාධාරණ අය කිරීමක් කරන්න යෝජනා කරමු
    බදුල්ලේ විශ්ව විද්‍යාලයක් ආරම්භ කරලා ඒ ප්‍රදේශ වල අයට, දඹානේ අයටත් ප්‍රාදේශීය විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා දීම යෝජනා කරමු
    පෝස්ටර් ගහන ළමුන් නෙරපන්න යෝජනා කරමු
    I think scholarships should be given to academic excellence and not to members of low-income families.
     
    • Like
    Reactions: Rapunzel003

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,205
    13,922
    113
    පෘථිවිය
    I think scholarships should be given to academic excellence and not to members of low-income families.
    උසස් පෙළ රිසල්ට් එකට දෙන්න ඕන
    ආයෙත් ශිෂත්ව ඕන නැහැ
    දැන් මහපොළ ගන්න ඔක්කොම අන්තරේ එවුන් ආතල් එකේ ඉන්නේ
    අර දඹානේ එකත් දැන් අවුරුදු 6ක් මහපොළ ගන්නවා ඇති නේ
    උට ජෙප්පොත් ගෙවනවා ආණ්ඩුවත් ගෙවනවා අපිත් ගෙවනවා ගෙඹි යක්කු
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    විශ්ව විද්‍යාලෙට අඩු අදායම් ලාභී අයගේ ළමයින්ට නොමිලේ උගන්නල අනිත් අයට සාධාරණ අය කිරීමක් කරන්න යෝජනා කරමු
    බදුල්ලේ විශ්ව විද්‍යාලයක් ආරම්භ කරලා ඒ ප්‍රදේශ වල අයට, දඹානේ අයටත් ප්‍රාදේශීය විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා දීම යෝජනා කරමු
    පෝස්ටර් ගහන ළමුන් නෙරපන්න යෝජනා කරමු
    ඕස්ට්‍රේලියාව හදලා ඉවරද දැං බදුල්ල හදන්න පටං ගත්තෙ? බදුල්ලෙ විශ්ව විද්‍යාලයක් තියනවා. 🙂
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,205
    13,922
    113
    පෘථිවිය
    ඕස්ට්‍රේලියාව හදලා ඉවරද දැං බදුල්ල හදන්න පටං ගත්තෙ? බදුල්ලෙ විශ්ව විද්‍යාලයක් තියනවා. 🙂
    තිබ්බට අර දඹානේ ඉඳන් ආපු එකා බදුල්ල මග ඇරලා ඇවිත් තියෙන්නේ
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    හරියට කරනව නම් හුගක් හොද තීරණයක්. :yes::)
    This phenomenon isn't new either. It happens quite often. But but only an assessment on initial entry isn't good enough. They should be educated on mental health issues that could arise and made aware of any resources available in the university that they can access if help is needed. That's very important. But do we have any in place?
    A proper framework has to be established across all universities. The talk about this without a plan is just hogwash. :(

    I think scholarships should be given to academic excellence and not to members of low-income families.
    There are students from low income families who are doing it really tough. I have been supporting at least two Med students & two Engineering students for decades each year till they pass out. None of them ever contact us later in life even though they have our contacts. The only thing that we ever request from them is to carry forward this practice when they become employed. Support at least one student.
    Sometimes there are exceptions too. Should mention that one person who I supported through school till Uni, an engineer now, regularly visits my parents - whether we are there or not - with his wife and children.
    We should recognize both academic excellence as well as the economic situation.
    ------ Post added on Mar 14, 2023 at 3:58 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    වෛද්‍ය පරීක්ෂණයේදී ඔවුන් අතරින් 05%ක ප්‍රමාණයක් මානසික ප්‍රතිකාර ලැබිය යුතු මට්ටමේ සිටින බවත් මහාචාරියවරයා පැවැසීය
    5 % ක් නොව 3% ක් ලෙස නිවැරැදි වියයුතුයි 🥴