පේරාදෙණිය විශ්වවිද්‍යාලය ආසන්නයේ පිහිටි විජයවර්ධන කාන්තා නේවාසිකාගාරය අසලින් මිනිස් කළලයකට සමාන කොටස් කිහිපයක් හමුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇත.
පොලිස් මාධ්‍ය ඒකකය පවසන්නේ, මෙම පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ විජයවර්ධන ශාලාවේ උප ශාලාධිපතිනිය හා ආරක්ෂක නිලධාරින් දෙදෙනා විසින් පේරාදෙණිය පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ලක් මත බවයි.
පැමිණිල්ල අනුව, කළලයකට සමාන කොටස් හමු වූ පසු, ඒවා වළ දැමීමේ ක්‍රියාමාර්ගයක් ගෙන ඇති බවත්, පසුව එම කරුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා දැනුවත් කිරීමෙන් පසු, ඔහුගේ උපදෙස් මත පොලිසිය වෙත නිල පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවද සදහන් වේ.
එම නේවාසිකාගාරය තුළ වෛද්‍ය පීඨය, විද්‍යා පීඨය සහ පශු වෛද්‍ය පීඨය ඇතුළුව විවිධ පීඨවල ශිෂ්‍යාවන් 2000 කට අධික සංඛ්‍යාවකින් නේවාසිකව සිටින බවද සඳහන් වේ.