පේරා ලිංගික වධකාගාරය

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
පේරා ලිංගික වධකාගාරය

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විනය පාලකවරයා වන ආචාර්ය ගාමිණී හිටිනායක මහතාට ලැබුණු තොරතුරක්‌ මත ඔහු සමග කෘෂිකර්ම පීඨයේ පීඨාධිපති ආචාර්ය ඩී. කේ. එන්. ජී. පුෂ්පකුමාර මහතා සහ ආරක්‍ෂක අංශ නිලධාරීන් පෙරේදා (19 දා) රාත්‍රි 11.00 ට පමණ එම ස්‌ථානයට ගොස්‌ ඇත. එම අවස්‌ථාවේ නවකවදය ලබාදෙන අන්දම සහ නවක සිසුන් නිරුවත් කරන අන්දම රහසේ වීඩියෝ ගත කොට විත්තිකාර සිසුන් සිය භාරයට ගත් ආචාර්යවරුන් පේරාදෙණිය පොලිස්‌ ස්‌ථානය වෙත සිද්ධිය දැනුම්දුන් බව පේරාදෙණිය පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක කමල් ආරියවංශ මහතා අධිකරණය හමුවේ කරුණු දක්‌වමින් කීය.

නවක වදයට බඳුන් වූ සිසුන් අටදෙනා දුරකථන ඔස්‌සේ සම්බන්ධ කර ගනිමින් ගලහ මංසන්ධිය වෙත ගෙන්වා යතුරුපැදිවලින් අදාළ ස්‌ථානය වෙත කැඳවාගෙන ගොස්‌ ඇති බවද, එම නිවස තුළදී නවක සිසුන් අටදෙනා නිරුවත් කොට විවිධ ඉරියව් ආකාරයෙන් ව්‍යායාම්වල නිරත වන ලෙසද ලිංගික හෝමෝන උත්තේජක ඇති කරන ක්‍රියාවල නිරතවන අයුරින් විවිධ ක්‍රියාකාරකම් සිදුකරන ලෙසට පවසා ඇතැයි වධබන්ධනයට ලක්‌වූ සිසුන්ගේ ප්‍රකාශවලින් අනාවරණය වූ බවද පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා අධිකරණය හමුවේ පැවැසීය.


විශ්වවිද්‍යාල භූමියෙන් පිටත කුලී පදනම මත ගත් නිවසකදී කලක සිට සිසුන්ට අමානුෂික ලෙස නවකවදය ලබාදුන් බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මහනුවර අධිකරණයට ඉදිරිපත් කළ පේරාදෙණිය සරසවියේ කෘෂිකර්ම පීඨයේ දෙවැනි වසර සිසුන් පහළොස්‌ දෙනා (15) මාර්තු 2 දා තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වැඩබලන මහෙස්‌ත්‍රාත් සහ අතිරේක මහෙස්‌ත්‍රාත් රංගනී ගමගේ මහත්මිය නියෝග කළාය.

මෙම සිසුන්ට එරෙහිව චෝදනා ගොනු කොට ඇත්තේ 1998 අංක 20 දරන නවක වද පනතේ අංක 2, 2-ෂෂ 3 සහ 6 වගන්ති යටතේ බැවින්, විත්තිකරුවන්ට ඇප ලබාදීමේ බලයක්‌ තම අධිකරණයට නොමැති බව මහෙස්‌ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය.

දරුණු ලෙස වධහිංසා පමුණුවමින් සිසුන් නිරුවත් කොට බිය වැද්දවූ බවට චෝදනා ලැබ රක්‍ෂිත බන්ධනාගාර ගත කළ සිසුන් වූයේ චතුර ලසන්ත, දර්ශන ගුණවර්ධන, රාජිත බස්‌නායක, නිරෝෂන් රාජපක්‍ෂ, කොඩිතුවක්‌කුලාගේ මිහිරංග, සේගු තයිදු, ප්‍රිය කැලුම් ජයතිස්‌ස, සසින්ද වේදපිටිය, සංජීව සෙනෙවිරත්න, පුබුදු අල්විස්‌, ධනංජය කනිෂ්ක බණ්‌ඩාර, කවිෂ්ක ලක්‍ෂ්මන් උමේෂ් එරංග කුමාර, හර්ෂණ සහ සුරේෂ් විඡේසිරි යන කෘෂි විද්‍යා පීඨයේ දෙවැනි වසර සිසුන්ය.
p1-2.jpg


විත්තිකරුවන් පහළොස්‌ දෙනා වෙනුවෙන් පෙනී සිටි දිමුතු වීරසේකර සහ සුපුන් රත්නායක යන නීතිඥවරු අධිකරණය හමුවේ කියා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන්ට සාධාරණීකරණය කරන ලෙස ඉල්ලා නොසිටින්නේ සිද්ධියේ ඇති බරපතළකම සලකා බැලිය යුතු නිසා බවයි. යම් හෙයකින් ඇප ලබාදිය හැකි තත්ත්වයක්‌ ඇත්නම් ඒ පිළිබඳ සලකා බැලීමට කටයුතු කරන්නේ නම් මැනවැයිද ඔවුහු කියා සිටියහ.

ඔන්න ඔහොම තමයි නිදහස් අධ්‍යාපනය රකින්න ඕනේ.

ඔන්න ඔහොම තමයි අපි බදු ගෙවන සල්ලි වලින් පිනට මහපොළ අරන් හොඳට ඉගෙන ගන්න හැටි අලුත් මල්ලිලාට කියල දෙන්න ඕනේ

අනේ ඉතින්..

link
 
Last edited:

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,196
    24,870
    113
    tracing Geo-location.. ... ...
    මේ තියෙන්නේ අර campus orientation rag වෙන්න ඇති නේද?
    හැමෝම එක්ක ඉන්න පුරුදු කරන්න වගේ දේවල් වලට?
    අසහනකාර හු*&^ පුතාල ඉන්නේ..
    මම නම් මගේ එකෙක් වත් යවන්නේ නෑ එක එකාගෙන් රෙදි ගලවගන්න..
    අප්පිරියයි බන්.. අපිට 8 පාස් කිය කියා උගත් උන් කරන ඒවා..
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    igena ganne nathuwa ponna wada karanawa lajjai anith campus yana ewunta adala nh eath mun nam anwia campus walin ain karanna oni natnam lamai campus yanna baya wenawa
     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    gas gedi hadana hattage puthala, samathana denna amanushikawa wada dela campus epa karalada mukuth nemee irisiyawa .........unge pawlwala un gas gedi kadala , kuburu kotala campus ewwama ....mun hithanne mara porawal kiyala....................samastayama neme sama+harak
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මිනිසුන් අතර නොමිනිසුන් සිටින බවත්
    උගතුන් අතර නුගතුන් සිටින බවත්
    කියන දේ අතර නොකියන දේ ඇති බවත්
    හය හතර නොදත් ඔබේ දරුවට කියා දෙන්න ......!
    හැකා
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    gas gedi hadana hattage puthala, samathana denna amanushikawa wada dela campus epa karalada mukuth nemee irisiyawa .........unge pawlwala un gas gedi kadala , kuburu kotala campus ewwama ....mun hithanne mara porawal kiyala....................samastayama neme sama+harak
    Mea kathave yam Atthak thiyenava. Un Campus eke buildings tika dakina kotama hithanne Divya loketa ava kiyala. Eta passe u andha mandha vela u hithava, Uge campus eka kiyala. Srilankikainge campus eka neve, Uge campus eka kiyala.
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මා නිදහස් අධ්‍යාපනය තුලින් උගත් අතර එහි වටිනාකමද සුළුවෙන් හෝ දනිමියයි සිතමි ,,,
    නවකවද සිදුවීමක් හේතුකොට ගෙන මුළු විශ්වවිද්‍යාල පද්දතිය විවේචනය කිරීම අනුවණකමක් යැයි සිතමි.විශ්ව විද්යාල සිසුන් සිදුකරන සමාජ වැඩදායි ක්‍රියා අගය නොකරන අතර ,සුළුපිරිසක් විසින් සිදුකරන මෝඩ වැඩ ඕනෑවටවත් වඩා ප්‍රසිධ්දියක් එක්කොට පෙන්වීම තරයේ හෙලා දකිමු ...!


    ස්යිටම්
    මාගේ තනි මතය වන්නේ රට තුල තිබිය යුතුය..
    නමුත් එය ප්‍රමිති කරණය වියයුතුය
    එනම් සියලු විභාග රජයේ විශ්වවිද්‍යාල තුල පැවැත්වීම (ඒවාට ගෙවිය යුතුය රජයට )
    රජයේ රෝහල් ඉගැනීම් කටයුතු සදහා ලබා දියයුතු අතර (ඒවාට ගෙවිය යුතුය රජයට )
    SLMC සදහා විභගය ලිවිය යුතුය.
    සුළු ලකුණු ප්‍රමාණයකට medi අහිමි වන සිසුන් සදහා ශිෂ්‍යත්ව ලබාදිය යුතුය.
    තෝරා ගැනීමේදී Z score ආධාර කරගතයුතුය.
     

    Similar threads