පේරා ශිෂ්‍ය අරගලය
එළඹෙන ජනවාරි මාසයේදී ගෙන ඒමට යෝජිත පෞද්ගලික විශ්වවිද්‍යාල පනත හකුලා ගැනීමට හා ශිෂ්‍ය මර්දනය නවතන ලෙස බලකරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිට කොළඹ දක්වා පා ගමනක් අද දින මධ්‍යාහ්න 12.30 ට පේරාදෙණි විශ්වවිද්‍යාලයේ සිට සිසුන් 5000 කගේ පමණ සහභාගීත්වයෙන් ආරම්භ කළ අතර එහිදී ආණ්ඩුව පොලිස් හා හමුදා බාධක යොදා උද්ඝෝෂණය ගලහ මංසන්දියේ දී නවතන ලදි.
මේ සඳහා පොලීසියේ හා හමුදාවේ පිරිස් 1000 වඩා වැඩි ප්ර්රමාණයක් සම්බන්ධ කළ අතර ඊට අමතරව පා ගමන සංවිධානය කිරීම වැලැක්වීමට හමුදාවේ ඉහළ නිලධාරීන් යොදවා සිසු නායකයින්ට මරණ තර්ජන පවා එල්ල කිරීම සිදු කල බවට අන්තර්විශ්ව විද්‍යලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් චෝදනා කරයි. ඊට අමතරව පා ගමන සංවිධානය කිරීම නිසා විශ්වවිද්‍යාලය අපකීර්තියට පත් කිරීමේ හා සිසු ජීවිත අනාරක්ෂිත තත්වයට පත් කිරීම යන අභූත චෝදනා යටතේ මේ වන විට ප්රජාතත්ත්ර විරෝධී අයුරින් සියලූ ශිෂ්‍ය සංගම් තහනම් කිරීමට ද ආණ්ඩුවේ මැදිහත්වීම මත පරිපාලනය කටයුතු කර ඇති බව ද ඔවුන් අවිශිබම විසින් නිකුත් කල මාධ්‍ය නිවේදනයක සඳහන් වෙයි.
එසේම මෙම ශිෂ්‍ය පා ගමනට විරුද්ධව රජයේ ආරක්ෂක අංශය පමණක් නොව නොනිල මැර පිරිස් ද යොදාගෙන තිබුණු බවට චෝදනා කරන අවිශිබම, එස් බී ඇමතිවරයා තම ආසනයේ අහිංසක මිනිසුන්ගේ සමෘද්ධි හා පිංපඩි සහනාධාර කප්පාදු කරන බවට තර්ජනය කරමින් සරසවිය ඉදිරිපිටට බලහත්කාරයෙන් ඔවුන් ගෙනවිත් උද්ඝෝෂණයක්ද පවත්වන ලද බව ද පවසා සිටියි.
ඉහත මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,
“මේ අනුව පෙනී යන්නේ ශිෂ්‍ය පා ගමනට ආණ්ඩුව බොහෝසේ බියපත්ව ඇති බවයි. මේ සියලූ මර්දනීය මැදිහත්වීම තුළ එකී යථාර්ථය මැනවින් පෙන්නුම් කරයි. අද මෙම පා ගමන නතර කළ ද පෞද්ගලික විශ්වවිද්‍යාල පනතට එරෙහිව සිදු කරන අරගලය කිසිදු හේතුවක් මත හකුලූවා නොගන්නා බවත්, ඕනෑම මර්දනීය තත්වයක් යටතේ වූව පසු නොබැස මෙම පනත පරාජය කිරීම දක්වා අරගලය කරන බවත් හා කිසිලෙසකින්වත් නිදහස් අධ්‍යාපනය වැනකසීමට ඉඩනොදෙන බවත් ප්‍රකාශකර සිටිමු..”යි යන්න ය.
Leave your comments about private universities.........