මොනවද යකෝ මුන් මේ කියන්නේ
මොකක්ද මේ 43 සසේනාංකය කියන්නෙ
මොකක්ද මේ 43 සසේනාංකය කියන්නෙ
මේ මාධ්‍ය හමුවට එක් වූ 43 සේනාංක සභාපති, හිටපු අමාත්‍ය කරු පරණවිතාන මහතා සඳහන් කළේ රටේ ජනාධිපතිවරයා තේ ගොවීන් සම්බන්ධයෙන් දැනුවත් කිරීම අදාළ ක්ෂේත්‍රයේ අවබෝධයක් තිබෙන ඇමැතිවරුන්ගේ වගකීමක් බවය.
“පසුගිය දින කිහිපය තුළ අපි දැක්කා සමාජ මාධ්‍ය තුළ ජනාධිපතිතුමාගේ වීඩියෝවක් සංසරණය වෙනවා. එතුමා ගාල්ලේ ගිහිල්ලා කුඩා තේ වතු හිමියන්, තේ ගොවියන්, සමඟ සාකච්ඡා කළා. එතකොට ජනාධිපතිතුමාට ඒ තේ ගොවියෝ කියනවා ජනාධිපතිතුමනි, ඔබතුමා බොරු කියන්න එපා කියලා. ජනාධිපතිතුමා ඒ තේ ගොවියන්ට කියනවා ඕගොල්ලෝ බොරු කියන්න එපා, පොහොර නොමිලේ දුන්නා කියලා. ඉතින් ජනාධිපතිතුමා කටු අත්තක් වගේ මේ අහිංසක මිනිස්සුත් එක්ක පැටලි පැටලි, යන වීඩියෝ එකක් තමයි අපි දැක්කේ. මොකක්ද මේ වෙන්නේ? ”
ඇත්ත කුමක්ද? ලංකාවේ කිසිම ආණ්ඩුවක් තේ සඳහා කිසිම දිනක පොහොර නොමිලේ ලබා දී නොමැත. පොහොර සහනාධාර ලබාදුන් අවස්ථා තිබුණ ද එසේ පොහොර නොමිලේ තේ සඳහා ලබාදුන් කාලයක් ඉතිහාසයේ නොමැත. පොහොර නොමිලේ ලබාදෙන බවට අනුරාධපුර රැස්වීමකදී පොරොන්දු වූ ජනාධිපතිවරයා දැන් තමාවම විහිළුවට ලක්වන ප්‍රකාශ සිදු කරමින් පවතී.
ජනාධිපතිවරයා තමන්ගේ හිසට හෙලාගත් කාබනික පොහොර මනස්ගාතය නිසාම රටේ පොහොර ලබාදුන්නේ කෙසේද යන්න පිළිබඳවවත් අදහසක් ඔහු සතුව නොමැත. “ගාල්ල කියන්නේ තේ වවන දිස්ත්‍රික්කයක්. වැවිලි කර්මාන්ත භාර ඇමති රමේෂ් පතිරණ මැතිතුමාට තිබුණා පැහැදිලි කරලා දෙන්න ජනාධිපතිතුමාට තේ වවන සුළු තේ ගොවියා අද මුහුණපාලා තියෙන ප්‍රශ්නෙ මෙන්න මේකයි කියලා. ඇයි ඔබතුමාලා ඔබතුමාගේ නායකයාට කියලා දෙන්නේ නැද්ද? ඇයි එතුමාව ඔහොම මිනිස්සු ඉස්සරහ පීචං කරවන්නේ.”
“අපේ සම්ප්‍රදායික ලොකු විශාල අපනයන ආදායමක් අහිමි වෙමින් යනවා. අනතුරකට මුහුණ පාලා තියෙනවා. ඒකට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ මේ ජනාධිපතිතුමා සහ මේ කාබනික පොහොර මනස්ගාතය එතුමාගේ ඔලුවට දාපු ඊනියා වියත්තු, බුද්ධිමත්තු සහ දේශපාලකයෝ කණ්ඩායම්. එම නිසා අර ගොවියා කියන්නේ ඇත්ත. ගොවියා කියන්නේ පොහොර සහනාධාරයක් දෙන්න කියලා. හැමදාම පොහොර නොමිලේ දෙන්න කියන එක නෙවෙයි.”කෙමෙන් අගාධයට වැටෙමින් තිබෙන ආර්ථිකය මොළ හතක් තිබෙනවාය කියූ බැසිල් රාජපක්ෂ මහතාට කළමනාකරණය කරගත නොහැකි බව පෙන්වා දුන් පරණවිතාන මහතා බැසිල් ඇමැතිවරයා යටතේ ආර්ථිකය ඉදිරියට නොයන බව ද සඳහන් කළේය.
43 සේනාංකයේ මූල්‍ය කටයුතු ලේකම් ඉංජිනේරු සුමේධ රත්නායක මහතා ද මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වීය.