පොට්‌ට_නවුපර්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    මරණ දඬුවම නියම වූ පොට්‌ට නවුපර්
    ළඟ බෝගම්බර සිතියමක්‌ හා දුරකථනයක්‌






    මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳව චෝදනා ලැබ මරණ දඬුවම නියම වී බෝගම්බර බන්ධනාගාරයේ පසුවෙන පොට්‌ටනවුපර් නොහොත් නවුපර් මොහොමඩ් නියාස්‌ ළඟ තිබූ එම බන්ධනාගාරයේ ආරක්‌ෂක කලාපය පිළිබඳව දැක්‌වෙන සිතියමක්‌ සහ ජංගම දුරකථනයක්‌ බන්ධනාගාර බුද්ධි අංශයේ නිලධාරීන් විසින් සොයා ගනු ලැබීය.

    මෙම බන්ධනාගාරය තුළ කළ හදිසි සෝදිසි මෙහෙයුමකින් මෙම දුරකථනය සහ සිතියම හමුවී තිබේ. මෙම සිතියම අනුව ඔහු පැනයැමේ සැලස්‌මක්‌ ක්‍රියාත්මක වීමට ඉඩ තිබූ බවද බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ "දිවයින"ට පැවැසීය.

    මේ පිළිබඳව ප්‍රශ්න කිරීමේදී පොට්‌ටනවුපර් නිහඬව සිටීම නිසා ඔහුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමට විශේෂ පොලිස්‌ කණ්‌ඩායමකට භාර කළ බව බන්ධනාගාරය කියයි.

    පොට්‌ටුනවුපර් සන්තකයේ තිබූ ජංගම දුරකථනයෙන් ඔහු සමග කතා බහ කළ අය පිළිබඳවද පොලිසිය විමර්ශන පවත්වයි.

    ඉකුත් 2004 නොවැම්බර් 19 වැනිදා කොළඹ බෞද්ධාලෝක මාවතේ සරණ පාරේදී මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට පොට්‌ටනවුපර් නමැත්තාට මරණ දඬුවම නියම වී තිබේ.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    පොට්‌ට නවුෆර් වෙනත් බන්ධනාගාරයකට මාරු කරයි





    හිටපු මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳ එල්ලුම් ගහට නියම වූ මොහොමඩ් නවුෆර් හෙවත් පොට්‌ට නවුෆර් බෝගම්බර බන්ධනාගාරයෙන් පැනයැමේ සැලැස්‌මක්‌ හෙළිවීමෙන් පසු ඔහු එම බන්ධනාගාරයෙන් වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීම පිළිබඳව බන්ධනාගාර ප්‍රධානීන්ගේ අවධානයට යොමු වී ඇත.

    බන්ධනාගාරයේ බුද්ධි අංශය බෝගම්බර බන්ධනාගාරයේ සිදුකළ හදිසි මෙහෙයුම් තුළ පොට්‌ට නවුෆර් ළඟ තිබූ බන්ධනාගාරයේ ආරක්‌ෂක කලාපයේ සිතියමක්‌ සහ ජංගම දුරකථනයක්‌ සොයා ගැනීමෙන් පසු විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ පොට්‌ට නවුෆර්ගෙන් දීර්ඝ වශයෙන් දැඩි ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබේ.

    පොට්‌ට නවුෆර්ට මෙම බන්ධනාගාරයේදී නිලධාරියකු මගින් විශේෂ සැලකිලි ලබාදී ඇති අතර ජංගම දුරකථනය සහ ආරක්‌ෂක කලාපයේ සිතියම් එම නිලධාරියා විසින් ලබා දී ඇති බවට සැක පහළ වී ඇත.