මම පොඩි කාලේ ඉදන් ඉලෙක්ට්‍රොනික් ඉංජිනියරින් වලට ආස කළා. එත් අද පිසිකල් සයන්ස් ගිහින් මේ වෙනකොට සොෆ්ටෙයා පැත්තෙන් ඉස්සරහට ඇවිල්ල ඉවරයි. ඒකාලේ සෙකන්ඩ් ෂයි කරලා ඉන්ජිනියරින්ම යන්න ඕන උනත් දෙමාපියන්ට ආර්ථික ප්‍රශ්න තිබ්බ නිසා ලැබුන දෙයින් සැනසීමට සිද්ද උනා. අද වෙනකොට හොද සැලරියක් නිදහස හැමදේම තිබ්බට තාමත් හිත ඇතුලේ තිබ්බ හීනෙ පස්සේ එලවනවා. කොච්චර සල්ලි තිබ්බත් ආස දේ නැතුව වැඩක් නැහැ. මේ නිසාම මම තනියෙන් ඉලෙක්ට්‍රොනික් ඉංජිනියරින් ඉගෙන ගන්නවා. මයික්‍රෝ කොන්ට්‍රොලර්ස් වල ඉදන් මයික්‍රෝ ප්රෝසේස්සර් වගේ ඕනෑම දෙයක් මට දැනුම තියෙනවා. එත් එක මට සටිස්ෆයි නැහැ. මට ඕන මේක හරි විදියට කරන්න. ඉන්ටනෙට් එකෙන් එහෙන් මෙහෙන් අහුලාගෙන ඉගෙන ගත්ත දැනුම වෙනුවට හරි හමන් විදියට කරපු දෙයක් මට ඕන. ඒ නිසා මේ ත්‍රෙඩ් එක දාන්නේ. උබල දන්නා කෙනෙක් ඉන්නවද මට මේකට උදව් කරන්න පුළුවන්. මම දැනට මාස්ටර් එකකුත් කරනවා. ඒ නිසා ඕපන් එකේ ඉලෙක්ට්‍රොනික් ඉංජිනියරින් කරන්න ටිකක් අමාරුයි. ඇරත් තව ඩිග්රියක් නෙවේ මට ඕන. උබල ගාව තියෙනවා නම් හරි උබල දන්නා කෙනෙක්ගෙන් හරි මොරටුව කැම්පස් එකේ ඉලෙක්ට්‍රොනික් ඉංජිනියරින් ෆුල් සිලබස් එක (පාස්ට් පේපර්, ප්‍රැක්ටිකල් ටික, වගේ හැමදේම පුළුවන් නම් සුපිරි) ගන්න විදියක් තියෙනවා නම් එක තමා මට උබලගෙන් හම්බෙන ලොකුම සුපිරිම උදව්ව. මේ වැඩේ හරි යන්නේ නැත්නම් ඕපන් එකේ හරි ප්‍රයිවට් හරි ඩිග්රියක් කරන්න හිතාගෙන ඉන්නේ.