මචන් ..අලුත් account එකක් හැදුවට මම මේකේ පරණ memeber කෙනෙක් මචන් ..මම සැහෙන්න ලොකු ප්‍රශ්නෙක ඉන්නේ බන්...මටම හිතා ගන්න බැහැ කරන්න යන දේ හරිද කියලා ..උඹලගේ අදහස් කියපල්ලා ..
සිද්දිය මේකයි ..මේක love case එකක් ..අපි දෙන්න යාලු වෙලා දැන් 5 yrs වෙනවා ..අපි යාලු වෙලා 2 years වගේ යනකොට ගෙවල් වලට කිවුවා ...අපේ හදහන් බැලුවම ඒවා match වෙන්නේ නැහැ කියලා ඕක නතර කරන්න කිවුවා ..ඔය කාරණේ නිසා අපේ ගෙදරින් විරුද්ද උනා ..ඒත් මචන් අපි අවුරුදු 5ම අපේ ආශ්‍රය ගෙනවා ..හැබැයි ඔය අතරේ මමයි කෙල්ලයි අතරෙත් ප්‍රශ්න උනා ...මට හිතුනේ මෙහෙම ප්‍රශ්න එන්නේ අපි දෙන්න අතර ඇති නොගැලපීම් නිසා කියලා ...ඒ වැරදි අඩු පාඩු හදා ගන්න කිවුවත් ඒවා හදා ගත්තෙත් නැහැ ...ඒක නිසාම මම හිතුවා කෙල්ලගෙන් අයින් වෙන්න ඕනි කියලා ...කෙල්ලට ඒ දේවල් තේරුම් කරලා දුන්නත් කෙල්ල ඒවා පිලි ගන්න ලෑස්ති උනේ නැහැ ...ඒක නිසා මම වැඩ කලේ කෙල්ලට එපා වෙන විදියටමයි ...කෙල්ලත් එක්ක කතා කරන එක මීට් වෙන එක අඩු කලා ...ඒත් මචන් කෙල්ල ලෑස්ති උනේ නැහැ මාව අත අරින්න ...මම කෙල්ලගෙන් අයින් වෙන්න කියල හිතලා කතා බහ කරන්නේ නැතුව මීට් නොවී හිටියම කෙල්ල කලේ එයාගේ අම්මත් එක්ක ඇවිත් අපේ අම්මට යි තාත්තටයි නඩුව කිවුව...අපේ ගෙදරින් ඒත් කියලා තිබ්බේ ඔයාලා පොඩ්ඩක් තේරුම් ගන්න ..හදහන් ගලපෙන්නෙත් නැත්නම් ඒ දෙන්න අතරත් ප්‍රශ්න තියෙනවා නම් මේක කරන්න එපා කියලා ....කෙල්ල මන් මත්තෙම නහින නිසාත් කෙල්ලට මම අච්චර එපා වෙන විදියට වැඩ කරලා තියෙද්දිත් මට ආදරේ කරන නිසා මම අයෙමත් හිතුවා පරණ විදියටම කෙල්ල එක්ක ආදරෙන් ඉදලා ගෙදරත් කැමති කරගෙන වෙඩිම ගන්න ...බොහොම අමාරුවෙන් ගෙදරත් කැමති කරගෙන වෙඩිම ගන්න ලෑස්ති වෙන කොට අපි දෙන්න අතරේ සැහෙන්න ප්‍රශ්න ඇති උනා ...මම කෙල්ලට කොච්චර තේරුම් කරලා දීලා වැරදි හදා ගන්න කිවුවත් වැඩක් උනේ නැහැ ....ඔය ප්‍රශ්න නිසාම වෙඩිම ගන්න වැඩේ නතර උනා ..මේක නිසා දැන් අපේ ගෙදරින් වගේම එයාගේ ගෙදරිනුත් කැමති නැහැ ..ඒත් මචන් කෙල්ල කියන්නේ බදිනවා නම් මාව ව්තරලු බදින්නෙම ..එයාට ගෙදරින් මටත් වඩා ගොඩක් හොද ප්රෝපොසල් ගෙනාවත් එයා ඒවාට කැමති වෙන්නෙම නැහැ..එයාගේ ගෙදරින් එයාට කොච්චර බල කලත් බැන්නත් ගැහුවත් එයා කිසිම ප්රෝපොසල් එකකට කැමැති නැහැ ..ඒ නිසා එයාගේ අම්මලත් ඉන්නේ මාරම upset එකේ ...එයාලත් බනින්නේ මට ...කෙල්ලට මම තේරුම් කරලා දුන්නා මෙච්චර ප්‍රශ්න තියාගෙන wedding එකක් අරන් වැඩක් නැහැ කියලා ...ඒත් මචන් කෙල්ල කියන්නේ මට ගෙදරින් ඇවිත් එයාව බදින්නලු ..වෙනම ජිවත් වෙමුලු ..මාව දැන් ගිරේට අහු වෙච්ච පුවක් ගෙඩිය වගේ වෙලා බන්...

