



අම්මටසිරි මටත් හෙන ආතල්.. මම එකයි, ඌ එකයි ආයේ මම එකයි බලු පැටියට එකයි..
ඇයි ඉතින් ඌ එක කෑව ගමන් මගේ මූණ දිහා බලන් ඉන්නවනේ "ඒ මටත් තව එකක්" කියන්න වගේ..
ඔහොම ඔහොම බිස්කට් පැකට් එකම ඉවර උනා..
ඇයි මම කන්නේ බාගයයි කියලා අම්මා දන්නවනේ..


) පැණිරස කෑවාම බල්ලා මැරෙනවද මොකද්ද මන්ද විකාරයක් කියලා මාව භය කළා..
අඩේ චූටි කාලේ මතක් උනා කියහංකෝ..
![]()
ඉස්සර මම මාරි බිස්කට් පැකට් එකෙන් බාගයයි කන්නේ.. ඉතුරු බාගේ පුටු ඇන්දක හරි, ජනෙල් කන්ඩියක් උඩ හරි තියලා මගේ පාඩුවේ සෙල්ලම් කරනවා..
කොහොමහරි ඒ කාලේ ගෙදරට පොඩි බලු පැටියෙකුත් ගෙනාව.. මම ඉතින් ඌව උස්සගෙන සෙල්ලම් කරනවා.. මට වැඩිය ඌ බරත් එක්ක..
දවසක් අම්මා බිස්කට් පැකට් එක කඩලා මගේ අතට දීලා මාව සැටියේ තියලා ගියා බිස්කට් එක කාලා ඉතුරු උනාම එහෙ මෙහෙ තියන්නෙ නැතුව අම්මට ගෙනත් දෙන්න කියලා.. හැමදාම ඕක කියනවා. ඒවුනාට මට ඕව මතක නෑ.. මම ඒක තියන්නේ මට පුලුවන් තැනක..
එදා නිකමට වගේ බලු පැටියටත් බිස්කට් එකක් විසි කළාම ඌ එක ටකස් ටකස් ගාලා හපලා කෑවා..අම්මටසිරි මටත් හෙන ආතල්.. මම එකයි, ඌ එකයි ආයේ මම එකයි බලු පැටියට එකයි..
ඇයි ඉතින් ඌ එක කෑව ගමන් මගේ මූණ දිහා බලන් ඉන්නවනේ "ඒ මටත් තව එකක්" කියන්න වගේ..
ඔහොම ඔහොම බිස්කට් පැකට් එකම ඉවර උනා..
ටික වෙලාවක් ගිහින් අම්මා ඇහුවා ඉතුරු බිස්කට් ටික කොහෙද තිබ්බේ කියලා..ඇයි මම කන්නේ බාගයයි කියලා අම්මා දන්නවනේ..
බල්ලට දුන්නා කියන්න බය හිතුන නිසා මම කිව්වා ඔක්කොම කෑවා කියලා.. ඒ කාලේ ඉඳලම අම්මට බොරු කියන්න බෑ බං කාට බොරු කිව්වත්.. ඒ මදිවට බල්ලත් නැට්ට වන වන මගේ දිහා බලන් හිටියා පෙරේතයා වගේ දිවත් එලියට දදා කට වටේ පිය දම දම..
අම්මා මගෙන් කෙලින්ම ඇහුවා ඔයා බල්ලට බිස්කට් දුන්නද කියලා..
මමත් ඉතින් සැටියේ පුටු ඇන්ද කොනිත්ත කොනිත්ත කිව්වා බව්වා එකයි, මම එකයි කෑවා.. දැන් බිස්කට් නෑ කියලා..
ආයි හවසට බිස්කට් දෙන්නේ නෑ කියලා පොඩි සද්දයක් දාලා (කැබිනට් එක උඩයි, පෑන්ට්‍රි එක උඩයි මගේ උසට තියෙන තැන් වල තියන අර ඉතුරු බිස්කට් ටික අම්මා මට ආයේ හවසට දෙනවා) පැණිරස කෑවාම බල්ලා මැරෙනවද මොකද්ද මන්ද විකාරයක් කියලා මාව භය කළා..
එදයින් පස්සේ බව්වට බිස්කට් නෑ.. ඌ මැරෙයි කිව්ව එකට වැඩිය මම භය උනේ මගේ මාරි බිස්කට් එක නැති වෙයි කියලා..




