පොඩි එකාගෙ හීන

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    පොඩි එකාගෙ හීන

    පොඩි එකා මහ රෑ බෙරිහන් දෙනව ඇහිල තාත්ත නැගිටල ගියා පොඩි එකාගෙ කාමරේට මොකද කියල බලන්න. කොල්ල දැකල භය වෙන හීනයක්. තාත්ත ඇහුව මොකක්ද පුතේ හීනෙ කියල. එතකොට කොල්ල කියනව “තාත්තෙ කවුද මනුස්සයෙක් මට හීනෙ ඇවිල්ල කිව්වා හෙට මගේ නැන්ද මැරෙනව කියල”.
    “අනේ නෑ පුතේ. නැන්ද මැරෙන්නෑ. ඔය යස අගේට ඉන්නෙ. පුතා භය නැතුව නිදා ගන්න කෝ” කියල කියපු තාත්ත ආපහු ගියා නිදාගන්න.
    මෙන්න පහුවදා උදේ ආරංචියක් එනව නැන්ද මැරිල කියල. ඒ කියන්නෙ පොඩි එකා දැකපු හීනෙ ඇත්ත වෙලා.
    තවත් සති දෙක තුනකට පස්සෙ ආපහු පොඩි එකා රෑ බෙරිහන් දෙනව ඇහිල තාත්ත ගියා කාමරේට. එදත් කොල්ල හීනයක් දැකල. ඒ හීනෙදිත් අර මනුස්සය ඇවිල්ල කියල තියෙනව සීය මැරෙනවයි කියල. මේක අහපු ගමන් තාත්තටත් පොඩ්ඩක් අප්සට්. ඇයි ඉතින් කලින් හීනෙත් හරි ගියානේ. හැබැයි තාත්ත වැඩි අප්සට් ගතියක් නොපෙන්ව පොඩි එකාට කියනව “භය වෙන්න එපා පුතේ සීය මැරෙන්නෙ නෑ. අද දවලුත් ඔය හොඳට හිටියෙ” කියල.
    පහුවදා ආරංචියක් එනව සීයටත් ටිකට් එක ඇදිල කියල. කොල්ලගෙ ඒ හීනෙත් හරි ගිහින්.
    තවත් ටික දවසකට පස්සෙ ආපහු පොඩි එකා මහ රෑ බෙරිහන් දෙන්න පටන් ගත්ත. හැබැයි වෙනදට වැඩිය ටිකක් හයියෙන්. තාත්තත් දුව ගෙන ගියා පොඩි එකාගෙ කාමරේට. පොඩි එකා භයේ වෙවුලනව. තත්ත හෙමින් කිට්ටු කරල ඇහුව මොකක්ද පුතේ දැක්කෙ කියල. පොඩි එකා කිව්ව “මම දැක්ක තාත්තෙ කව්ද මනුස්සයෙක් මට කියනව හෙට මගෙ තාත්ත මැරෙනව කියල ”. මේක අහල තාත්තත් හිටගෙන මළපහ වෙන සයිස් එකට භය වුන.
    “අ…අ…අනේ නෑ පුප්…පුප්…පුතේ….. තත්…තත්…තාත්ත මේ හොඳට ඉන්නේ. පුප්..පුප්..පුතා භය වෙන්න එපා” කියපු තාත්ත පුතාව ශේප් කරල ගියා නිදා ගන්න.
    දැන් මනුස්සය හොඳටම දන්නව පහුවදාට මිනිහට බඩු හම්බවෙන විත්තිය. එදා එලිවෙනකම්ම මිනිහට නින්දකුත් නෑ. පහුවදා මේ මනුස්සය වැඩට ගියෙත් භයේ ගැහි ගැහි. පාරෙ ඉස්සරහින් වාහනයක් එනව දැක්ක ගමන් ටක් ගාල පනිනව පාරෙන් එලියට. කියන්න බෑනේ මොකෙක් හරි පොට්ටයෙක් ඇවිල්ල යට කර ගෙන ගියොත්. වැඩට ගිහිල්ලත් කිසි නිවනක් නෑ. කාට හරි හයියෙන් කිඹුහුමක් ගියත් මිනිහ ගිහිල්ල හැංගෙනව මේසයක් යට. ඔය විදියට හිටපු මේ මනුස්සය හැන්දෑවෙ ආපහු ආව ගෙදරට. ආපු ගමන් නෝන දුවගෙන ඇවිල්ල කියනව
    අනේ මේ…… හරි වැඩේනෙ වෙලා තියෙන්නෙ………
    ඇයි… ඇයි…. මොකද අදත් කවුරු හරි මැරිලද…..?
    අනේ….. ඔව් අනේ……
    හුටා…….. ඒ කවුද…?
    අල්ලපු ගෙදර ඇන්ඩි අයිය……….


    කොල්ලගෙ ඒ හීනෙත් හරි ගිහින්.



    වැඩි විස්තර - http://tlr.thelastrow.net/2011/09/13
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    hqdefault.jpg