පොඩි එකාට පොස්සගන්

Jul 5, 2012
1,773
265
0
පොඩි එකාට පොස්සගන්

පොඩ්ඩා නුදුටු පොස්සගන්
පෙර කියවීම
මේ කතාවේ කතානායක පොඩි එකාට වයස අවුරුදු පහක් හයක් විතර. පොඩි එකාට තිබ්බේ නැව් පිස්සුවක් . ඌ බාටා පෙට්ටි වලින් නැව් හදා ගෙන සාලේ එහෙ මෙහෙ යනවා . සීයාට කියලා කොළ බෝට්ටු හදා ගෙන ලිඳට ගිහින් දානවා . චිත්‍රයක් අඳින්න කියලා කිව්වත් අඳින්නේ නැවක්

"අම්මපා මූ ලොකු වුනාම නැවක කැප්ටන් කෙනෙක් වෙයි " සීයා ඔලුව අතගාලා කියනවා

"නෑ මං තෝමාලියාවට ගීන් මුදූ ඔල්ලකාලයෙක් වෙනෝ "කියාගෙන පොඩි එකා දුවනවා

අල්ලපු ගෙදර අයියා යන ගමන් කියාගෙන ගියේ , "ධීවර ඇමති කෙනෙක් වෙන්නත් බැරි නෑ මාමේ" කියලාය . පොඩි එකාට තියා සීයාටවත් මේ හරුපේ නම් තේරුනේ නැත .

ඒත් පොඩ්ඩා තවම ඇත්තටම නැවක් දැකලා නැත . මේ කියන දවසේ කට්ටියම කොළඹ එන්න ලෑස්ති උනේ පොඩි එකාට වරාය පෙන්වන මූලික පරමාර්ථයෙනි .

ආ තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවාය හැම කොල්ලෙක් වාගේ ම මේ පොඩි එකාත් නැව් වලට අමතරව කැමැත්ත තිබුනේ කාර් වලටය . දවසක් ගම්පහ මාමාලා පොඩි එකාගේ ගෙදර ආවේ ඔවුන්ගේ කාර් එකෙනි. ඒක නිකන් ඉබ්බෙක් වගේය .

"මාමේ මේ මොකක්ද මේ කාල් එක ? "

"මේක වොක්ස්වැගන් බීට්ල් "

"පොස්සගන් ??!!"

එදා සිට පොඩි එකාට හැම කාර් එකක්ම පොස්සගන් එකක් විය . හදිසියෙවත් පාරේ පොස්සගන් කාරයක් දැක්කොත් , පොඩි එකාට හරිම සතුටුය .

ප්‍රධාන කතාව

ස්ථානය : කොළඹ වරාය
වෙලාව : හොඳටම හවස් වෙලාය

පොඩි එකාගේ පවුලේ අය කොළඹ ආවේ , පොඩි එකාට නැව් පෙන්නන්නය . මූ දැන් වරායෙන් යන්න බෑ කියලා අඬන්නේ ය .

"පුතේ ආයේ දවසක එමු" ...ඒ කොලුගෙ මවය .

"පුතේ අපි එලියට ගිහින් අයිස් ක්‍රීම් කමු" ... ඒ පියාය

"මට බෑ "... කොලුවා සැලෙන්නේ නැත. වරායෙන් දෑස ඉවතට ගන්නෙම නැත
එන්න එන්නම හවස් වෙනවාය . ගෙදර යන්නට දැනටම පරක්කුය

පුතේ අර එළියේ නවත්තලා තියෙන කාර් එකේ ජාතිය මොකක්ද ...පිය තෙම ඇමක් දමන්නේ කොලුවෙ අවධානය වරාය වෙතින් වෙනතකට හරවන්නය .

කෝ ?.... ඇම පොඩ්ඩක් වැඩ කරන්නේය

අර අර එළියේ තියෙන්නේ ..පොස්සගන් එකක්ද ?

පොස්සගන් ? කෝ

අර අර ඈත තියෙන්නේ

පෙන්නේ නෑ නේ

ඒකනේ මෙතනට පෙන්නේ නෑ තමා . යමු කෝ එලියට

පොඩ්ඩා ඇම ගිලියි . පවුල පිටින් එලියට එන්නේය ..

කෝ තාත්තේ පොස්සගන් ?

ඒකනේ , මම හිතන්නේ , අපි පරක්කු උන නිසා ඩ්‍රයිවර් එලවාගෙන යන්න ඇති . ඔහොම ඉන්නකෝ අපි ත්‍රී විල් එකක් නවත්තගෙන පස්සෙන් යං .

ඈත සිට එන වීල් එකක් පෙනේ . අත දැමු සැනින් නවතින ත්‍රිරෝද රථයට කට්ටියම ගොඩ වෙති . මාපියන් මැදින් ඉඳගත් පොඩ්ඩාගේ ඇස් පාර දෙසමය . කොල්ලුපිටිය හරියට එනවිට , කොල්ලා කටහඬ අවදි කරන්නේය

කෝ තාත්තේ පොස්සගන් එක ?

ආ අර තියෙන්නේ ...තාත්තා පාරේ යන වෙන මොකක්දෝ කාර් එකක් පෙන්නන්නේ ය

ඊයා තාත්තේ ඒ පොස්සගන් නෙමෙයි නේ

නෑ නෑ ඒ පොස්සගන් තමයි . හොඳට බලන්න

ඒ පොස්සගන්ද ?

නෑ පුතේ පිස්සුද ඒ පොස්සගන් නෙමෙයි

පසු කියවීම

කලින් සටහනක කීවාක් මෙන් , දේශපාලනය යනු වෙන්වූ සිද්ධීන් නොව, ඒවා එකිනෙක අතර ඇති සම්බන්ධතාවයයි

පලි:
"යකෝ රස්සා දෙන එක වැරදිද " කියා අසන්නට කලින්ම මම කියන්නේ "ඉට් ඩිපෙන්ඩ්ස්" කියලාය . මම ආර්ථික විද්‍යාව පිලිබඳ ප්‍රාමාණික බුද්ධිමතෙකු නොවෙමි . එනිසාම මසිතේ මතුවී ඇති ගැටළු කිහිපයකි . දන්නා අයගෙන් අසා දන ගන්නට උත්සහ කලත් ඒවා හරියටම ලිහා ගන්නට හැකි වී නැත.

සංක්ෂිප්තව කියනවා නම්

1. මේ ආයෝජනයෙන් , රටේ තිරසාර සංවර්ධනයට දායක වන , රටට විදේශ ප්‍රාග්ධනය ලෙස , කාර්මික ඥානය / පුහුණුව ලෙස , රටේ සන්නාම කීර්තිය වැඩීමට ලැබෙන්නේ මොනවාද .

2. එකලස් කර දේශීය වෙළඳ පොලේ විකුණන වාහන ව්‍යාපාරයක් දිගු කල් දුවන්න තරම් වෙළඳ පොලක් අපේ රටේ තිබේද ?

විදෙස් රටවලට විකුනනවා කියා කියුවත් , ඉන්ධන වාහන පාවිච්චිය හැම රටකම අඩුවෙමින් පවතී . කොටින්ම දැනටම මේ ප්‍රවනතාව ආසියානු රටවලටත් පැතිරිලාය . දැනට එසේ නොවන විශාල වෙළඳපොළ වන්නේ චීනය හා අප්‍රිකාව පමණි . මේ වෙළඳ පොළ දෙකෙහිම වාහන නිපදවීම ඉතා ලාබෙට සිදුවේ

ලැබෙන එකම ප්‍රතිලාභය ලෙස මට පෙනෙන මේ රැකියා වල පැවැත්ම රඳා පවතින්නේ නිෂ්පාදනයේ වර්ධනය මතය . ඒඅනුව දෙන රස්සා තිරසාර ද ? නැත්නම් ගිය ආණ්ඩුව හම්බන්තොට වරායේ දුන් රස්සා වාගෙද

මේ රැකියා වල පැවැත්ම රඳා පවතින්නේ නිෂ්පාදනයේ වර්ධනය මතය . ඒඅනුව දෙන රස්සා තිරසාර ද ? නැත්නම් ගිය ආණ්ඩුව හම්බන්තොට වරායේ දුන් රස්සා වාගෙද

3. රුපියල් වලින් ආදායම එකතු කර සේවකයන්ට පඩි ගෙවන ව්‍යාපාරයක් රටේ තිබෙන (මට තේරෙන තරමට ) අපේ රටේ ඇති විදේශ සංචිත පිලිබඳ , ණය ගෙවීමට ඩොලර් හිඟයක් පිලිබඳ ප්‍රශ්නය විසඳෙන්නේ කෙසේද ?

4. පොසිල ඉන්ධන මත යැපෙන වාහන මත රටේ ප්‍රවාහන ගැටලුවට පිළිතුර තව තව ස්ථාපිත කිරීමෙන් , රටේ ඉන්ධන වියදමට , පරිසරයට ඇති බලපෑම කුමක් වේද ?
අපේ රටේ විය යුත්තේ වැඩි වැඩියෙන් මිනිසුන්ට වාහන විකිනිමද , පොදු ප්‍රවාහන තත්වය දියුණු කිරීමද ?

මේ ගැන අපි සංවාදයට පිවිසෙමු . ඔබේ අදහස් මම ඉතා අගේ කර සලකමි .
එහෙත් "අනේ ගොනෝ ඒකවත් තේරුනේ නැද්ද ?" නැතිනම් "නිකන් කොරහේ කිඹුල්ලු දකින්න එපා ".. එහෙමත් නැතිනම් "එතකොට මහින්දගේ කාලේ" ..වගේ ප්‍රතිචාර වලින් නම් අපගේ සංවාදයට කිසිම ඵලක් නොවේවි . .. මෙය අපේ පාට කන්නාඩි ගලවා , අනාගතය දෙස බලා සංවාද කිරීමට උත්සාහ කරමු .

PINCHPOINT
 
topkollek

Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,969
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොඩි උන් පොස්සගන් ගැනත්, ඉන්ධන ගැනත්, ශක්‍යතාව ගැනත්, තිරසාර මෙව්ව එක ගැනත් තර්ක කරති.

    සෙනොක් කොම්පැනියෙන් එජාපයට චන්දෙට වියදම් කරන්න ඇති. ඒ ණය ගෙවන්නට කුරුණෑගල ඉඩමකුත්, බදු සහනයකුත්, තවත් දේවලුත් දෙන්නට ඇත. ඔතන ඇත්තටම කෙරෙන්නේ මොකක්ද කියල දන්නේ සෙනොක් කාරයාම පමණක් වෙන්නට ඉඩ ඇත.
     
    :D:D:D
    nice reply! Thanks.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ජිංතක ජිල්ලබකිට;21168902 said:

    සංක්ෂිප්තව කියනවා නම්
    1. මේ ආයෝජනයෙන් , රටේ තිරසාර සංවර්ධනයට දායක වන , රටට විදේශ ප්‍රාග්ධනය ලෙස , කාර්මික ඥානය / පුහුණුව ලෙස , රටේ සන්නාම කීර්තිය වැඩීමට ලැබෙන්නේ මොනවාද .

    2. එකලස් කර දේශීය වෙළඳ පොලේ විකුණන වාහන ව්‍යාපාරයක් දිගු කල් දුවන්න තරම් වෙළඳ පොලක් අපේ රටේ තිබේද ?

    විදෙස් රටවලට විකුනනවා කියා කියුවත් , ඉන්ධන වාහන පාවිච්චිය හැම රටකම අඩුවෙමින් පවතී . කොටින්ම දැනටම මේ ප්‍රවනතාව ආසියානු රටවලටත් පැතිරිලාය . දැනට එසේ නොවන විශාල වෙළඳපොළ වන්නේ චීනය හා අප්‍රිකාව පමණි . මේ වෙළඳ පොළ දෙකෙහිම වාහන නිපදවීම ඉතා ලාබෙට සිදුවේ

    ලැබෙන එකම ප්‍රතිලාභය ලෙස මට පෙනෙන මේ රැකියා වල පැවැත්ම රඳා පවතින්නේ නිෂ්පාදනයේ වර්ධනය මතය . ඒඅනුව දෙන රස්සා තිරසාර ද ? නැත්නම් ගිය ආණ්ඩුව හම්බන්තොට වරායේ දුන් රස්සා වාගෙද

    මේ රැකියා වල පැවැත්ම රඳා පවතින්නේ නිෂ්පාදනයේ වර්ධනය මතය . ඒඅනුව දෙන රස්සා තිරසාර ද ? නැත්නම් ගිය ආණ්ඩුව හම්බන්තොට වරායේ දුන් රස්සා වාගෙද

    3. රුපියල් වලින් ආදායම එකතු කර සේවකයන්ට පඩි ගෙවන ව්‍යාපාරයක් රටේ තිබෙන (මට තේරෙන තරමට ) අපේ රටේ ඇති විදේශ සංචිත පිලිබඳ , ණය ගෙවීමට ඩොලර් හිඟයක් පිලිබඳ ප්‍රශ්නය විසඳෙන්නේ කෙසේද ?

    4. පොසිල ඉන්ධන මත යැපෙන වාහන මත රටේ ප්‍රවාහන ගැටලුවට පිළිතුර තව තව ස්ථාපිත කිරීමෙන් , රටේ ඉන්ධන වියදමට , පරිසරයට ඇති බලපෑම කුමක් වේද ?
    අපේ රටේ විය යුත්තේ වැඩි වැඩියෙන් මිනිසුන්ට වාහන විකිනිමද , පොදු ප්‍රවාහන තත්වය දියුණු කිරීමද ?

    PINCHPOINT

    1.පැහැදිලි කරන්න තේරෙන්නේ නෑ.

    2.නෑ..එච්චර වෙළඳපළක් ලංකාවේ නෑ.විදේශ වෙළඳපළට යොමුවෙන්න වෙනවා.

    ඕනම ව්‍යාපාරයක් කඩාවැටෙන්න පුලුවන්.එහෙම උනොත් රස්සා ටික ඉවරයි.

    3.විදේශ ගනුදෙණු කරන්නේ ඩොලර් වලින්නේ.අපි කිසියම් භාණ්ඩයක් විදේශයකට ඩොලර් 100 කට විකුණනකොට ඒ ඩොලර් 100 අපට ලැබෙනවා.ඒක අපි බැංකුවෙන් මාරුකරනවනේ.එතකොට ඒ ඩොලර් 100 මහබැංකුවේ රඳවගෙන ඒ වෙනුවට අපිට රුපියල් නිකුත් කරනවා.එතකොට අපේ ඩොලර් සංචිතය 100කින් වැඩිවෙනවා.

    විදෙශයකින් බඩුවක් මිලදී ගැනීමේදී ඕකේ අනිත් පැත්ත වෙන්නේ.ඒ කියන්නේ අපේ රුපියල් මහ බැංකුවෙන් ලබාගෙන ඒ වෙනුවට විදේශ රටකට ඩොලර් නිකුත් කරනවා.එතකොට අපේ ඩොලර් සංචිතය අඩුවෙනවා.

    4.හරිනම් කරන්න ඕනි පොදු ප්‍රවාහන සේවය දියුණු කරන එක.හැබැයි වෙන්නේ වැල යන අතට මැස්ස ගහන එක.