පොඩි එකාට පොස්සගන්
පොඩ්ඩා නුදුටු පොස්සගන්
පෙර කියවීම
මේ කතාවේ කතානායක පොඩි එකාට වයස අවුරුදු පහක් හයක් විතර. පොඩි එකාට තිබ්බේ නැව් පිස්සුවක් . ඌ බාටා පෙට්ටි වලින් නැව් හදා ගෙන සාලේ එහෙ මෙහෙ යනවා . සීයාට කියලා කොළ බෝට්ටු හදා ගෙන ලිඳට ගිහින් දානවා . චිත්‍රයක් අඳින්න කියලා කිව්වත් අඳින්නේ නැවක්
"අම්මපා මූ ලොකු වුනාම නැවක කැප්ටන් කෙනෙක් වෙයි " සීයා ඔලුව අතගාලා කියනවා
"නෑ මං තෝමාලියාවට ගීන් මුදූ ඔල්ලකාලයෙක් වෙනෝ "කියාගෙන පොඩි එකා දුවනවා
අල්ලපු ගෙදර අයියා යන ගමන් කියාගෙන ගියේ , "ධීවර ඇමති කෙනෙක් වෙන්නත් බැරි නෑ මාමේ" කියලාය . පොඩි එකාට තියා සීයාටවත් මේ හරුපේ නම් තේරුනේ නැත .
ඒත් පොඩ්ඩා තවම ඇත්තටම නැවක් දැකලා නැත . මේ කියන දවසේ කට්ටියම කොළඹ එන්න ලෑස්ති උනේ පොඩි එකාට වරාය පෙන්වන මූලික පරමාර්ථයෙනි .
ආ තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවාය හැම කොල්ලෙක් වාගේ ම මේ පොඩි එකාත් නැව් වලට අමතරව කැමැත්ත තිබුනේ කාර් වලටය . දවසක් ගම්පහ මාමාලා පොඩි එකාගේ ගෙදර ආවේ ඔවුන්ගේ කාර් එකෙනි. ඒක නිකන් ඉබ්බෙක් වගේය .
"මාමේ මේ මොකක්ද මේ කාල් එක ? "
"මේක වොක්ස්වැගන් බීට්ල් "
"පොස්සගන් ??!!"
එදා සිට පොඩි එකාට හැම කාර් එකක්ම පොස්සගන් එකක් විය . හදිසියෙවත් පාරේ පොස්සගන් කාරයක් දැක්කොත් , පොඩි එකාට හරිම සතුටුය .
ප්‍රධාන කතාව
ස්ථානය : කොළඹ වරාය
වෙලාව : හොඳටම හවස් වෙලාය
පොඩි එකාගේ පවුලේ අය කොළඹ ආවේ , පොඩි එකාට නැව් පෙන්නන්නය . මූ දැන් වරායෙන් යන්න බෑ කියලා අඬන්නේ ය .
"පුතේ ආයේ දවසක එමු" ...ඒ කොලුගෙ මවය .
"පුතේ අපි එලියට ගිහින් අයිස් ක්‍රීම් කමු" ... ඒ පියාය
"මට බෑ "... කොලුවා සැලෙන්නේ නැත. වරායෙන් දෑස ඉවතට ගන්නෙම නැත
එන්න එන්නම හවස් වෙනවාය . ගෙදර යන්නට දැනටම පරක්කුය
පුතේ අර එළියේ නවත්තලා තියෙන කාර් එකේ ජාතිය මොකක්ද ...පිය තෙම ඇමක් දමන්නේ කොලුවෙ අවධානය වරාය වෙතින් වෙනතකට හරවන්නය .
කෝ ?.... ඇම පොඩ්ඩක් වැඩ කරන්නේය
අර අර එළියේ තියෙන්නේ ..පොස්සගන් එකක්ද ?
පොස්සගන් ? කෝ
අර අර ඈත තියෙන්නේ
පෙන්නේ නෑ නේ
ඒකනේ මෙතනට පෙන්නේ නෑ තමා . යමු කෝ එලියට
පොඩ්ඩා ඇම ගිලියි . පවුල පිටින් එලියට එන්නේය ..
කෝ තාත්තේ පොස්සගන් ?
ඒකනේ , මම හිතන්නේ , අපි පරක්කු උන නිසා ඩ්‍රයිවර් එලවාගෙන යන්න ඇති . ඔහොම ඉන්නකෝ අපි ත්‍රී විල් එකක් නවත්තගෙන පස්සෙන් යං .
ඈත සිට එන වීල් එකක් පෙනේ . අත දැමු සැනින් නවතින ත්‍රිරෝද රථයට කට්ටියම ගොඩ වෙති . මාපියන් මැදින් ඉඳගත් පොඩ්ඩාගේ ඇස් පාර දෙසමය . කොල්ලුපිටිය හරියට එනවිට , කොල්ලා කටහඬ අවදි කරන්නේය
කෝ තාත්තේ පොස්සගන් එක ?
ආ අර තියෙන්නේ ...තාත්තා පාරේ යන වෙන මොකක්දෝ කාර් එකක් පෙන්නන්නේ ය
ඊයා තාත්තේ ඒ පොස්සගන් නෙමෙයි නේ
නෑ නෑ ඒ පොස්සගන් තමයි . හොඳට බලන්න
ඒ පොස්සගන්ද ?
නෑ පුතේ පිස්සුද ඒ පොස්සගන් නෙමෙයි
පසු කියවීම
කලින් සටහනක කීවාක් මෙන් , දේශපාලනය යනු වෙන්වූ සිද්ධීන් නොව, ඒවා එකිනෙක අතර ඇති සම්බන්ධතාවයයි
පලි:
"යකෝ රස්සා දෙන එක වැරදිද " කියා අසන්නට කලින්ම මම කියන්නේ "ඉට් ඩිපෙන්ඩ්ස්" කියලාය . මම ආර්ථික විද්‍යාව පිලිබඳ ප්‍රාමාණික බුද්ධිමතෙකු නොවෙමි . එනිසාම මසිතේ මතුවී ඇති ගැටළු කිහිපයකි . දන්නා අයගෙන් අසා දන ගන්නට උත්සහ කලත් ඒවා හරියටම ලිහා ගන්නට හැකි වී නැත.
සංක්ෂිප්තව කියනවා නම්
1. මේ ආයෝජනයෙන් , රටේ තිරසාර සංවර්ධනයට දායක වන , රටට විදේශ ප්‍රාග්ධනය ලෙස , කාර්මික ඥානය / පුහුණුව ලෙස , රටේ සන්නාම කීර්තිය වැඩීමට ලැබෙන්නේ මොනවාද .
2. එකලස් කර දේශීය වෙළඳ පොලේ විකුණන වාහන ව්‍යාපාරයක් දිගු කල් දුවන්න තරම් වෙළඳ පොලක් අපේ රටේ තිබේද ?
විදෙස් රටවලට විකුනනවා කියා කියුවත් , ඉන්ධන වාහන පාවිච්චිය හැම රටකම අඩුවෙමින් පවතී . කොටින්ම දැනටම මේ ප්‍රවනතාව ආසියානු රටවලටත් පැතිරිලාය . දැනට එසේ නොවන විශාල වෙළඳපොළ වන්නේ චීනය හා අප්‍රිකාව පමණි . මේ වෙළඳ පොළ දෙකෙහිම වාහන නිපදවීම ඉතා ලාබෙට සිදුවේ
ලැබෙන එකම ප්‍රතිලාභය ලෙස මට පෙනෙන මේ රැකියා වල පැවැත්ම රඳා පවතින්නේ නිෂ්පාදනයේ වර්ධනය මතය . ඒඅනුව දෙන රස්සා තිරසාර ද ? නැත්නම් ගිය ආණ්ඩුව හම්බන්තොට වරායේ දුන් රස්සා වාගෙද
මේ රැකියා වල පැවැත්ම රඳා පවතින්නේ නිෂ්පාදනයේ වර්ධනය මතය . ඒඅනුව දෙන රස්සා තිරසාර ද ? නැත්නම් ගිය ආණ්ඩුව හම්බන්තොට වරායේ දුන් රස්සා වාගෙද
3. රුපියල් වලින් ආදායම එකතු කර සේවකයන්ට පඩි ගෙවන ව්‍යාපාරයක් රටේ තිබෙන (මට තේරෙන තරමට ) අපේ රටේ ඇති විදේශ සංචිත පිලිබඳ , ණය ගෙවීමට ඩොලර් හිඟයක් පිලිබඳ ප්‍රශ්නය විසඳෙන්නේ කෙසේද ?
4. පොසිල ඉන්ධන මත යැපෙන වාහන මත රටේ ප්‍රවාහන ගැටලුවට පිළිතුර තව තව ස්ථාපිත කිරීමෙන් , රටේ ඉන්ධන වියදමට , පරිසරයට ඇති බලපෑම කුමක් වේද ?
අපේ රටේ විය යුත්තේ වැඩි වැඩියෙන් මිනිසුන්ට වාහන විකිනිමද , පොදු ප්‍රවාහන තත්වය දියුණු කිරීමද ?
මේ ගැන අපි සංවාදයට පිවිසෙමු . ඔබේ අදහස් මම ඉතා අගේ කර සලකමි .
එහෙත් "අනේ ගොනෝ ඒකවත් තේරුනේ නැද්ද ?" නැතිනම් "නිකන් කොරහේ කිඹුල්ලු දකින්න එපා ".. එහෙමත් නැතිනම් "එතකොට මහින්දගේ කාලේ" ..වගේ ප්‍රතිචාර වලින් නම් අපගේ සංවාදයට කිසිම ඵලක් නොවේවි . .. මෙය අපේ පාට කන්නාඩි ගලවා , අනාගතය දෙස බලා සංවාද කිරීමට උත්සාහ කරමු .
PINCHPOINT