පොඩි කාලේ අපි හිටපු හැටි

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    අද අපේ දරුවෙක් වගේ හිටපු පූසා නැති උනා. සේසතම වියදම් කරල හරි බේරගන්න කොළඹ ලොකු animal hospital එකකට admit කරන්න යන අතරමගදී නැති උනේ.
    ඕක කල්පනා කර කර ඉද්දී මම ආදරේ කරපු නැති වෙච්ච අය ගැන කල්පනා උනා. ආච්චි අම්මා අංක එක. අදටත් හැමදාම වගේ හීනෙන් පේනවා. ඒත් එක්කම මතක් උනා අපි පොඩි කාලේ හිටපු හැටි. උඹලා කාටවත් මැටි පැලක හිටපු අත්දැකීමක් නැතුව ඇති නිසා ඒ ටික කියන්නම්.

    මගේ පොඩි කාලේ දෙවෙනි මතකේ තමා landmaster එකක නැගීලා පොල් වත්තක් වගේ එකකට එනවා. ආයේ මතකයි අපි බලා ඉද්දී මිනිස්සු කීප දෙනෙක් මැටි ගෙයක් හදනවා. අපේ ආච්චිලගෙ අම්මලාගේ උපන් ගම ගෝනපිනුවල උනත් පහු කාලෙක settle වෙලා හිටියේ පිංකන්ද කියන ගමේ. ඒ ගම ඒ කාලේ එච්චර හොඳ ප්‍රදේශයක් නෙවෙයි. JVP කාලේ බෙලි කපල පුච්චලා මිනිස්සු මරපු පැත්තක්. ඉතින් අම්මාගේ බලකිරීම මත එකතු කරපු සල්ලි වලින් ඉඩමක් අරන් අපි හැමෝම අයේ ගෝනපිනුවල ඇවිල්ලා.

    ඉඩමේ ඉස්සරහ අලුත් ගෙයක් හදන ගමන් අපි පිටිපසේ පොඩියට මැටි පැලක් හදලා. කාමර දෙකක් සහ පොඩි උයන තැනක්. එක කාමරේක අම්මයි තාත්තයි. අනික් කාමරේ මමයි නංගිලා දෙන්නයි ආච්චි අම්මයි, නිවාඩු අවාම සීයයි. ඔතන පදිංචියට එන කොට මට අවුරුදු 2ක මාරක් ඇති. සීයා කොළඹ Sri Krishna එකේ වැඩ කළා. ඒක අයිති ලංකාවේ ලොකුම සල්ලිකාරයෝ වෙන Mano and Hari Selvanathan ලට. එයාලගේ ගෙදර තිබ්බ ලක්ෂ්මී රූපයක් තවම අපේ ගෙදර තියෙනවා. සීයා එයාලගේ මහා ගෙදර handyman වැඩ කරලා තියෙනවා.
    තාත්තා army එකේ අවුරුදු කීපයක් හිටියත් අම්මාගේ බලකිරීමට අපේ නැදෑයෙක් වෙන ඉහළ නිලධාරියෙක් මාර්ගයෙන් අයින් වෙලා ගමේ driving ජොබ් එකක් කාලේ.

    ඉතින් අලුත් ගෙදර හදන්න කල් ගියා. ඒක පාරක් ඔක්කොම වගේ වහලයි බිත්තියත කඩන් වැටුණා තව. තාත්තාට ඒ කාලේ දිනක වැටුප 100. සීයාගේ වටුපත් ලොකු ගානක් නැහැ. අනික අම්මලා අපිට හොඳට කන්න දුන්නා. ඉතින් ගේ හදන්න කල් ගියා.

    මම 3 වසර වෙනකං හිටියේ මැටි ගෙදර ඉතින්. සෙල්ලම් කලේ බැටරි වලින් කාඩ්බෝඩ් පෙට්ටි වලින්. තව පූසෝ බල්ලෝ හැදුවා. වහිද්දි බෝට්ටු යැව්වා. ඔව් තමා තිබ්බ ජොලි. තිබ්බේ කුප්පි ලාම්පු කිව්වානේ. දවසක් තාත්තා car battery එකාකුයි tube light ඒකාකුයි ගෙනල්ලා සෙට් කළා. අපිට මැජික් වගේ. තව සීයා ගෙනපු radio ඒකත් ඒ වගේ. අපි 3න් දෙනයි ආච්චි අම්මයි එකම ඇඳේ තුරුල් වෙලා නිදාගනිපු ඒ දවස් වල මහා ලොකු සන්තෝෂයක් තිබ්බා.

    හතර වටේම තිබ්බේ ලොකු සිමෙන්ති ගෙවල් උනත්, ඒ ළමයින්ට සෙල්ලම් කරන්න බයිසිකල්, සෙල්ලම් බඩු තියෙනවා දැක්කත් අපිට කවදාවත් ඒව ඕන උනේ නැහැ. කඩේකදී මොකුත් අරන් දෙන්න කියලත් නැහැ. අපි තුන් දෙනා අපිම හදගත්තු සෙල්ලම් කළා. මම නම් සීයා ආච්චි අම්මා එක්ක කැලේ ඇවිදිනවා. ඕවා තමයි.

    ඒ ගෙදර තිබ්බ සනීපෙ මට වෙන කොහේදිවත් දැනිලා නැහැ. මැටි බිත්ති අල්ලදිත් හරි සනීපයි. වහිද්දී පොල් අතුවලට වැහි වතුර වැටෙන සද්දෙ සනීපයි. හැමෝම එකම ඇඳේ ගුලි වෙලා නිදාගද්දි සනීපයි.

    ජීවිතේ මම සන්තොසෙන්ම හිටපු කාලේ ඒ. නංගිලා කසාද බැඳලා පවුල් හදලා. ආච්චි අම්මයි සීයයි නැති වෙලා. මැටි ගෙදර හදපු තැන ලොකු ගෙදරක්(අපිට අයිති නැති). හැබැයි මම තාම එහෙමයි. අතීතයේ අතරමන් වෙච්ච , මනසින් වයසට ගිහින් නැති තවම අවුරුදු 10, 12 ක එකෙක් කියලයි මට හිතෙන්නේ.
     
    Last edited:

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,187
    4,875
    113
    Abyss
    මටත් ඔයිට ටිකක් සමාන කාලයක් තිබුණත් 5 වසරෙන පස්සේ ඒක වෙනස් වෙනවා.

    ඉස්සර කිරි අම්මලාගෙ ගෙදර ගියාම ඔක්කොම පේලියට නිදාගෙන සාරියක්
    දානවා ඔක්කොම වැහෙන්න. බෝට්ටු යවන ඒවා මතකයි. ලැන්ඩ් මාස්ටර්
    පැදපු හැටි.

    බොල් වී කුල්ලකින් පෙලලා කඩේට දීල සල්ලි ගත්ත හැටි...

    ලස්සනම කාලය..
     
    Last edited:

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,285
    21,205
    113
    අද අපේ දරුවෙක් වගේ හිටපු පූසා නැති උනා. සේසතම වියදම් කරල හරි බේරගන්න කොළඹ ලොකු animal hospital එකකට admit කරන්න යන අතරමගදී නැති උනේ.
    ඕක කල්පනා කර කර ඉද්දී මම ආදරේ කරපු නැති වෙච්ච අය ගැන කල්පනා උනා. ආච්චි අම්මා අංක එක. අදටත් හැමදාම වගේ හීනෙන් පේනවා. ඒත් එක්කම මතක් උනා අපි පොඩි කාලේ හිටපු හැටි. උඹලා කාටවත් මැටි පැලක හිටපු අත්දැකීමක් නැතුව ඇති නිසා ඒ ටික කියන්නම්.

    මගේ පොඩි කාලේ දෙවෙනි මතකේ තමා landmaster එකක නැගීලා පොල් වත්තක් වගේ එකකට එනවා. ආයේ මතකයි අපි බලා ඉද්දී මිනිස්සු කීප දෙනෙක් මැටි ගෙයක් හදනවා. අපේ ආච්චිලගෙ අම්මලාගේ උපන් ගම ගෝනපිනුවල උනත් පහු කාලෙක settle වෙලා හිටියේ පිංකන්ද කියන ගමේ. ඒ ගම ඒ කාලේ එච්චර හොඳ ප්‍රදේශයක් නෙවෙයි. JVP කාලේ බෙලි කපල පුච්චලා මිනිස්සු මරපු පැත්තක්. ඉතින් අම්මාගේ බලකිරීම මත එකතු කරපු සල්ලි වලින් ඉඩමක් අරන් අපි හැමෝම අයේ ගෝනපිනුවල ඇවිල්ලා.

    ඉඩමේ ඉස්සරහ අලුත් ගෙයක් හදන ගමන් අපි පිටිපසේ පොඩියට මැටි පැලක් හදලා. කාමර දෙකක් සහ පොඩි උයන තැනක්. එක කාමරේක අම්මයි තාත්තයි. අනික් කාමරේ මමයි නංගිලා දෙන්නයි ආච්චි අම්මයි, නිවාඩු අවාම සීයයි. ඔතන පදිංචියට එන කොට මට අවුරුදු 2ක මාරක් ඇති. සීයා කොළඹ Sri Krishna එකේ වැඩ කළා. ඒක අයිති ලංකාවේ ලොකුම සල්ලිකාරයෝ වෙන Mano and Hari Selvanathan ලට. එයාලගේ ගෙදර තිබ්බ ලක්ෂ්මී රූපයක් තවම අපේ ගෙදර තියෙනවා. සීයා එයාලගේ මහා ගෙදර handyman වැඩ කරලා තියෙනවා.
    තාත්තා army එකේ අවුරුදු කීපයක් හිටියත් අම්මාගේ බලකිරීමට අපේ නැදෑයෙක් වෙන ඉහළ නිලධාරියෙක් මාර්ගයෙන් අයින් වෙලා ගමේ driving ජොබ් එකක් කාලේ.

    ඉතින් අලුත් ගෙදර හදන්න කල් ගියා. ඒක පාරක් ඔක්කොම වගේ වහලයි බිත්තියත කඩන් වැටුණා තව. තාත්තාට ඒ කාලේ දිනක වැටුප 100. සීයාගේ වටුපත් ලොකු ගානක් නැහැ. අනික අම්මලා අපිට හොඳට කන්න දුන්නා. ඉතින් ගේ හදන්න කල් ගියා.

    මම 3 වසර වෙනකං හිටියේ මැටි ගෙදර ඉතින්. සෙල්ලම් කලේ බැටරි වලින් කාඩ්බෝඩ් පෙට්ටි වලින්. තව පූසෝ බල්ලෝ හැදුවා. වහිද්දි බෝට්ටු යැව්වා. ඔව් තමා තිබ්බ ජොලි. තිබ්බේ කුප්පි ලාම්පු කිව්වානේ. දවසක් තාත්තා car battery එකාකුයි tube light ඒකාකුයි ගෙනල්ලා සෙට් කළා. අපිට මැජික් වගේ. තව සීයා ගෙනපු radio ඒකත් ඒ වගේ. අපි 3න් දෙනයි ආච්චි අම්මයි එකම ඇඳේ තුරුල් වෙලා නිදාගනිපු ඒ දවස් වල මහා ලොකු සන්තෝෂයක් තිබ්බා.

    හතර වටේම තිබ්බේ ලොකු සිමෙන්ති ගෙවල් උනත්, ඒ ළමයින්ට සෙල්ලම් කරන්න බයිසිකල්, සෙල්ලම් බඩු තියෙනවා දැක්කත් අපිට කවදාවත් ඒව ඕන උනේ නැහැ. කඩේකදී මොකුත් අරන් දෙන්න කියලත් නැහැ. අපි තුන් දෙනා අපිම හදගත්තු සෙල්ලම් කළා. මම නම් සීයා ආච්චි අම්මා එක්ක කැලේ ඇවිදිනවා. ඕවා තමයි.

    ඒ ගෙදර තිබ්බ සනීපෙ මට වෙන කොහේදිවත් දැනිලා නැහැ. මැටි බිත්ති අල්ලදිත් හරි සනීපයි. වහිද්දී පොල් අතුවලට වැහි වතුර වැටෙන සද්දෙ සනීපයි. හැමෝම එකම ඇඳේ ගුලි වෙලා නිදාගද්දි සනීපයි.

    ජීවිතේ මම සන්තොසෙන්ම හිටපු කාලේ ඒ. නංගිලා කසාද බැඳලා පවුල් හදලා. ආච්චි අම්මයි සීයයි නැති වෙලා. මැටි ගෙදර හදපු තැන ලොකු ගෙදරක්. හැබැයි මම තාම එහෙමයි. අතීතයේ අතරමන් වෙච්ච , මනසින් වයසට ගිහින් නැති තවම අවුරුදු 10, 12 ක එකෙක් කියලයි මට හිතෙන්නේ.
    සතුට හොයන්න ගිහින් කොච්චර සතුටක් නැති කරගෙනද කියල තේරෙනවනේ? අපි තාම සතුට හොයන ගමන් තියෙන සතුට නැති කරගන්නවා. :yes: :yes: :yes:
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    සතුට හොයන්න ගිහින් කොච්චර සතුටක් නැති කරගෙනද කියල තේරෙනවනේ? අපි තාම සතුට හොයන ගමන් තියෙන සතුට නැති කරගන්නවා. :yes: :yes: :yes:
    දැන් කාලේ වෙනස් වෙලා. මට ආයේ හොයන්න සතුටක් නෑ. මට දැන් තියෙන්නේ මම ආදරේ කරන අයගේ සතුට හදලා දෙන්න.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    මම අලුත් ගෙදරකට ගිහින් බිම නිදාගත්තේ එක වසරේදී විතර. ඇඳුම් දැම්මේ කාර්ඩ් බෝඩ් පෙට්ටිවල. මැටි ගහපු කුස්සියක් හැදුව අත්තා. ඒ ගේ තව කොටස් අරන් ලොකු කරන්න තාත්තට අවුරුදු 10ක්‌ විතර ගියා, පොඩි පඩි ලොකු රස්සාවක් කරලත්. මම ජොබ් එකකට ගිහින් තමයි hsbc එකේ ලෝන් එකක් දාලා බාත්රුම් එක අළුත් කලේ. ගොඩක් අයට ගෙයක් කියන්නේ හීනයක්, ඒ අතින් අපි හෙන වාසනාවන්ත යි. මම ගෙයක් හදලා ළමුන්ට ඒ සතුට දුන්න.