පොඩි කාලේ කරපු ගොන් වැඩ
5 වසරේ ශිෂ්‍යත්වේ ලියල ඉවර වෙලා මම නැවතිලා හිටියේ නැන්දලයි ගෙදර. ඒ දවස්වල තිබ්බ game ගහන එකක් ඔය පින්තුරේ තියෙන ජාතියේ. ඕක ගත්තුම දවස්වල නිසා පිස්සු වැටිලා වගේ කන්නේ බොන්නෙත් නැතුව සෙනසුරාදයි ඉරිදයි පන්ති ගිහින් ඇවිත් ඕකෙම තමයි එල්ලිලා ඉන්නේ. එදත් දවල් පන්ති ගිහින් ඇවිත් ඒ ඇඳුම් පිටින්ම කන්නෙත් නැතුව ඕකේ game එකක් ගගහ හිටියේ.
ආච්චි කතා කළා නාන්න යන්න පල්ලේහා තියෙන ඇලට. මම කිව්වා මට බෑ කියලා. කොච්චර කිව්වත් මම නැගිට්ටේවත් නෑ. ආච්චිත් මම බෑ කියද්දිම මාව බලෙන් ඇදන් යන්න හැදුවා. මම බෑම කියල කෑ ගැහුවා. මගේ game එකටත් කෙලවුනා. බැරිම තැන මම කෑ ගැහුවා "මට බෑ හු**යේ " කියලා.
"මොකක්ද උඹ ඒ කිව්වේ..." කියාගෙන නැන්දත් දුවගෙන ආවා. මට තේරුණා වැඩේ කෙලවුනා කියලා. මම දිව්වා වත්ත පල්ලෙහාට. "ඔහොමද උඹ ආත්තම්මට කතා කරන්නේ. හිටපන් මම තාත්තට කියනවා අදම" කියල නැන්දා කියනවා ඇහුනා දුවද්දී. මම දුවගෙන ගිහින් වත්ත පල්ලේහා තියෙන කොස් ගහකට නැගලා හැංගිලා හිටියා. මම බයවෙලා පපුව ඩිග් ඩිග් ගානවා හොඳටම. මීට කලින් කවදාවත් ඒ වගේ මම කතා කරල නෑ. අනික අපේ නැන්දත් හෙන නපුරුයි. තාත්තට කිව්වොත් ඉන්න හම්බුවෙන්නේ නෑ කියලත් දන්නවා.
පැය බාගෙකට විතර පස්සේ නැන්දා ආවා ගහ ගාවට හිමින්.
"බහිනවා ගහෙන්. එනවා යන්න ගෙදර" කියල කිව්වා. නැන්දගේ තරහ අඩුවෙලා. හිමින් කතා කලෙත්. මමත් කඳුළු පිහිදාගෙන බැස්සා. බහිනවත් එක්කම නැන්දා මගේ අතින් ඇදලා ගත්ත. කොටුවක් පිටිපස්සට කරන් ඉඳල තියෙන්නේ.නැන්දාගේ මූන යකෙක්ගෙ වගේ වෙලා. මගේ අතින් අල්ලාගෙන කෝටුවෙන් ගැහුවා හොඳටම. පස්සේ ආච්චි දුවගෙන ඇවිත් නැවැත්තුවේ ගහන එක. එතන පහල ඇලේ රෙදි හෝදන්න ආපු ඇන්ටිලත් දුවගෙන ආවා මම කෑ ගහන සද්දෙට. පස්සේ ආච්චිම මාව ඇලට එක්කන් ගිහින් ඇඳුම් ගලවලා දාල මාව නෑව්වා. මම නෑවෙත් අඬ අඬා. ඒ මදිවට අමු හෙළුවෙන්.
එතන ඉන්න ගෑනු ඔක්කොටම දැන ගන්න ඕනේ වෙලා තිබ්බේ මම කියපු කුනුහර්පේ මොකක්ද කියන එක
. ඒත් ආච්චි කිව්වේ මම නාන්න බෑ කිව්වා කියලා නැන්දා මට ගැහුවා කියලා. එතන ඉන්න ගෑනු ඔක්කොම බැන්නේ නැන්දට ඒක නිසා.
එදායින් පස්සේ මට තාමත් කුණුහර්පයක් කියන්න හදද්දී ඔය සීන් එක මතක් වෙනවා තත්පරෙකට හරි. ඒ නිසා කියන්න කලින් දෙපාරක් හිතනවා කියනවද නැද්ද කියලා. මොනවා වුනත් දැන්නම් ඒ වෙච්ච දේවල් සුන්දර මතකයක්. නැන්ද මම ශිෂ්‍යත්වේ pass වුනාට මට බයිසිකලයකුත් අරන් දුන්නා 6 වසරේදී. ඒ නැන්ද නැතිවුණා මම A/L කරන කාලේ පිළිකාවක් හැදිලා.

උඹලටත් පොඩි කාලේ වෙච්ච මේ වගේ අමතක නොවෙන වලි දාගැනීම් (ගෙදර අයත් එක්ක) තියෙනවා නම් මෙතන දාපල්ලා.

Last edited:
පට්ට!!