පොඩි ඩිජිටල් ඩිස්ප්ලේ

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,464
    6,334
    113
    Humidity, temperature indicate කරන පොඩි ඩිජිටල් ස්ක්‍රීන් එකක් ඕන. කුරුලු කූඩුවකට දාන්න. එහෙම ඒවා ගන්න තියෙනව ද? නැත්නම් මට ම හදාගන්න වෙයි ද?
     
    • Like
    Reactions: wissnshaftler

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,911
    2
    15,655
    113
    Humidity, temperature indicate කරන පොඩි ඩිජිටල් ස්ක්‍රීන් එකක් ඕන. කුරුලු කූඩුවකට දාන්න. එහෙම ඒවා ගන්න තියෙනව ද? නැත්නම් මට ම හදාගන්න වෙයි ද?
    හදන්න යන ගාණට වඩා අඩුවෙන් ගන්න පුළුවන් නේද? හදන්නම අ‍ාසයි නම් 16x2 හරි 20x4 හරි Arduino display එකක් ගත්තා නම් ගොඩ. උඹට අවශ්‍ය කෑලි ටික ගත්තොත්,

    1. Microcontroller එකක්. Arduino Nano හරි, ESP 1s හරි ලාබයි.
    2. DHT 22 හෝ DHT 11. 22 ගනින් ගාණ පොඩ්ඩයි වැඩි. කොලිටිය සෑහෙන වැඩියි.
    3. Display අඩුම 16x2 එක තමයි. එ‍්කෙන් හැබැයි මොනවත් කරගන්න අමාරුයි. 20x4 එකක් තමයි ලේසි. (i2c ගත්තෙ නැත්තම් ජම්පර් ගොඩක් ඕන කියල මතක තියා ගනින්)
    4. Power supply එකට පරණ phone charger එකක්.
    5. Jumper wire ටිකක්.
    6. Buzzer එකක් කැමති නම්, මොනවා හරි අඩු වුණාම alarm එකක් වදින්න වගේ.
    7. Permanent හදනවා නම් ලස්සන කරන්න ප්ලාස්ටික්‍ පෙට්ටි, glue gun etc.

    කොහොම කරත් රුපියල් දෙතුන් දාහක්, හරියට කරනවා නම් 5000+ වියදම් වෙනවාමයි. 2000 කට විතර සේරම තියෙන පොඩි monitor එකක් ගෙන්න ගන්න පුළුවන්. 😊