පොඩි මිනිහා අහු වෙන්නයි ලොකු එකා රිංගන්නෙයි කොහොමද

himal2000

Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    මේක දාන මම ඇවිල්ලා මේවයේ කාපර් කෙනෙක් නෙවෙයි, හැබැයි මට තේරෙන විදිහට දෙයක් කියන්න හිතුවේ.



    දැන් ලංකාවේ අපි කියනවා රු 50000 ලෝන් එක ගෙවා ගන්න බැරුව එකෙක් වහ බොනවා, ඒත් කෝටි ගණන් ගත්ත එකාගේ ණය කපනවා කියලා.(බොල් ණය කියලා).ඕකේ කතාව මම දන්න විදිහට මෙහෙමයි.




    ඔය කෝටි ගාණ ගන්නවා කියන ව්‍යාපාරිකයා ඔය ණය ගන්නේ තමන්ගේ නමට නෙවෙයි. තමන්ගේ සමාගමේ නමට.එතකොට බැංකුව ණය දෙන්නේ සමාගමට.බැරි වෙලාවත් ණය අය කර ගන්න බැරි වුනොත් සමාගමේ ඇපයට තියපු දේපළ විකුණන්න විදිහකුත් නැත්නම්, සමාගම බංකොලොත් වුනොත්,සමාගමේ දේපළ විකුණලා සල්ලි ගන්න විදිහකුත් නැත්නම් බැංකුවට බොල්ණය විදිහට කපන්න වෙනවා.
    පොදු මහජනතාව අහවල් සමාගම අහවලාගේ කිව්වට නීතිය ඉදීරියේ සමාගම තමයි ණය ගැතියා වෙන්නේ.
    ඒත් ඔයා ණයක් ගන්න කොට ඒකට ඇපයට අත්සන් කරන්නේ පණ තියෙන මිනිස්සු. ඔයාටත් පණ තියෙනවා.විශේෂයෙන්ම ඔයා තමන් ගැන අනුන් හිතන්නේ මොනවද කියලා හිතන කෙනෙක් නම් ඔයා බයයි ඔයාට බැංකුවෙන් ලියුම් එනකොට.ඔයාට ලැජ්ජයි.ඒක බැංකුවෙනුත් නොදන්නවා වෙන්න බෑනේ. එතකොට ඔයාට ණය ගෙවා ගන්න බැරි වෙනකොට ඔයාට ජීවිතේ එපා වෙන්නේ අර ලැජ්ජාව නිසා. ඒත් සමාගමට එහෙම ලැජ්ජාවක් දැනෙන්නේ නෑ.එනිසා සමාගම වැ‍ටුනත් ඒකේ සභාපතිට ගැලවෙන්න ක්‍රම තියෙනවා.
    ඔන්න ඕකයි වැඩේ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,644
    26,014
    113
    ණයකාරයා බැංකුවට සලකන විදිහට තමයි.ගොවියා වුණත් දැන ගන්න ඕනේ රටේ හැටියට ජීවත් වෙන්න.

    උදාහරණෙකට රිය අනතුරකදී පොලීසිය ගන්නේ සල්ලි තියෙන එකාගේ පැත්ත. ලොකුවටම සල්ලි ගන්න නීතිබාස් ඒ සල්ලි තනියම කන්නේ නැහැ, එයාට උදව් කරන අයටත් බෙදලා දෙනවා.

    සල්ලි නැත්නම් හොඳට හිටපල්ලා....