පොඩි වලියක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    උදයංග වීරතුංග යුකේ්‍්‍රන සංචාරක ව්‍යාපෘතිය විනාශ කලා.. මේක මුළු ලෝකෙටම ලජ්ජාවක්..- ඇමති නාමල්ගේ මාමණ්ඩිය තිලක් වීරසිංහ කියයි…

    උදයංග වීරතුංග මහතා විසින් යුක්රේන සංචාරක ව්‍යාපෘතිය විනාශ කළේ යැයි සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ තිලක් වීරසිංහ මහතා සඳහන් කරයි.

    මෙම ව්‍යාපෘතිය මුළු ලෝකයටම ලැජ්ජාවක් බවත් මීට වඩා පරෙස්සම් වීමට කරන්න තිබූ බවත් ඔහු කියා සිටියි.

    යුක්රේන සංචාරක ව්‍යාපෘතියට තමන්ගේ සම්බන්ධයක් නැති බවත් එම සංචාරකයෝ භාවිත කරන්නේ තමන්ගේ බස් රථ නොවන බවත් ඔහු සඳහන් කළේය.

    තමනට සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ධුරය ලැබුණේ නාමල් රාජපක්ෂ මහතා තම බෑනා නිසා නොවන බවද සංචාරක මණ්ඩලයේ සභාපති ඉවත්කර තමන් එම පුටුවට ඒමට බලාපොරොත්තුවක නැති බවත් ඔහු සදහන් කරයි.

    තමන් නාමල් රාජපක්ෂ හෝ මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ බලය අයුතු විදිහට පාවිච්චි නොකරන බව කියා සිටියේය.

    ඒ මහතා මෙම අදහස් පල කලේ චමුදිත සමරවික්‍රම මහතා සමඟ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමිනි.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    නාට්ටි.. අදත් පිටපත මහින්ද අබේසුන්දරගෙන් මල්ලි
     

    Similar threads