පොඩි සමාජ උපදෙසක් ඕන... හොඳට තෙම්පරාදු උන් ඇතුලට 😐😐

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මේකයි සිද්ධිය... අලුතෙන් සෙට් වෙච්ච යාලුවෙක් ඉන්නවා. මට තාම ඌව හරියට තේරුම් ගන්න බැහැ. ඌ මගේ ගුණ වර්ණනා කරනවා. මෝටිවේට් කරනවා. ඒත් එක්කම ඩිමෝටිවේට් වෙන කතාත් කියනවා. මගේ රෙද්දවල් හැම දෙයක්ම හොයනවා. වැඩක් කරන්න හදනකොට ඒක වලක්වන්න හදනවා සූක්ෂ්ම විදියට. කොලේ වහලා වැඩ කරනවා. පණ දෙන්න වගේ පෙන්නනවා. මූ මොකාටද එන්න හදන්නේ? මූ මාව ෆෝම් කරලා කරලා නන්නත්තාර කරන්නද හදන්නේ? ජීවන අත්දැකීම් ඇසුරෙන් කියපල්ලා.
    1718101593653.png
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    උබ අදුරන කිසිම කෙනෙක්ව ඌට අදුන්වලා දෙන්න එපා. උබේ පවුලේ අයව උනත් උගෙන් ඈත් කරලා තියන්න පුළුවන් නම් හොදයි.

    මූ උබට ලොවෙත් අරිනවා. උබේ මාර්ගෙන් උබට වඩා ලොකු පොසිශන් වල ඉන්න උන්ට සෙට් වෙන්න දෙන්න එපා.ලොවෙත් උබෙ දුර්වලකම් ඔක්කොම අදුනගෙන උබට අරිනව.
    මම මගේ යාලුවෝ කීප දෙනෙක්ව නෝට් කරලා තියනවා. උන් සාමන්‍යෙන් වාසියක් තියන උන්ව තමයි ආස්‍රය කරන්නේ. උන්ගේ පොදු ලක්ශනයක් තියනවා, උගේ අනිත් යාලුවන්ව මට හම්බ වෙන එක block කරනවා. මාත් කරලා බලන්න ඕනේ වැඩක් වගේ මේක.
     
    • Love
    Reactions: Nidarshana_k

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,370
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    අපිට උඹ කියල තියෙන්නෙ උඹේ assessment එක විතරයි.. සමහර විට උඹ වැරදි උණොත්? ඌ ඇත්තටම හොඳ බොක්කක් නම්?

    මම යෝජනා කරන්නෙ මෙහෙම.. උඹ කිරියට ඇවිත් ෆේක් එකවුන්ට් එකක් හදන් ඔය ප්‍රශ්ණෙ මෙතන අහනව කියන්නෙ උඹ බබෙක් ම නෙවෙයි.. උඹ කරන වැඩ වල හොඳ නරක, කරන්න ඕනි විදිය, මොනවද කරනුන ඕනි සහ නොකරන්න ඕනි වගේ තීරණ ගැනීමේ හැකියාව කොහොමත් ජීවිතේ මනුස්සයෙකුට තියෙන්න ඕනි.. වෙන අය ගෙ උපදෙස් වැදගත් වෙනව තමයි.. ඒත් අන්තිම තීරණය උඹනෙ ගන්නෙ.. ඒක නිසා ඔය කියන එකා ගෙ උපදෙස් දැනට උඹ කරන කියන ගන්න තීරණ වලට අදාල කර ගන්න එපා.. හැබැයි ඌව ඈත් කරන්න, හලන්න එපා.. මොකද කියමනක් තියෙනවා වැඩිපුරම ලඟින් තියාගන්න ඕනි සතුරන්ව.. එතකොට අපිට ඌ කරන කියන දේවල් ගැන ඇහැ ගහගන ඉන්න පුළුවන්.. ටික කාලයක් උගේ කල්කිරියාව අධ්‍යයනය කරල උඹ තීරණය කරපං ඌව ආශ්‍රය කරනවද නැද්ද කියන එක..

    මම උඹ ඔය කියන එකා ගැන තාම තියෙන්නෙ mixed අදහසක්...
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,093
    9,819
    113
    එක තැනක නෑ
    අලුතින් සෙට් වෙච්ච එකෙක්වත් උබේ circle එක ඇතුලට ගන්න එපා. අතේ දුරින් ආශ්රය කරපන්.