පොඩි සාදුලාට උදව් කරන්න එපා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
පොඩි සාදුලාට උදව් කරන්න එපා

වාර්ෂිකව මෙරට භික්ෂුන් වහන්සේලා තුන් දහසකට ආසන්න ප්‍රමාණයක් උපැවිදි වීමේ ප්‍රවණතාවයක් පවතින බව අනාවරණවී තිඛෙනවා. ඒ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුවයි. දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරනු ලබන භික්ෂු උපවැදි වීම් සහතිකපත් අනුව දිනකට 8 ත් 10 ත් අතර ප්‍රමාණයක් භික්ෂුන් වහන්සේ උපැවැදි වන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවලගෙදර මහතා අනාවරණ කළේ.

වයස අවුරුදු 18 ත් 20 ත් අතර තරුණ භික්ෂුන් වහන්සේ වැඩි වශයෙන් උපැවැදි වීමට යොමු වී ඇති බවද ඔහු අනාවරණ කළා. මෙම තත්ත්වයට හේතු සොයා පිළියම් යෙදීමේ වැඩපිළිවෙලක් මේ වන විට ආරම්භ කර ඇති බවයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවලගෙදර මහතා ප්‍රකාශ කළේ.

පසුගිය කාලයේ අන්තවාදී භික්ෂු කංඩායම් රැසක් බිහිවී වෙනත් ආගමික පිරිස් අතර වියවුල් ඇතිකරමින් කටයුතු කරද්දී මෙසේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා සිවුරු හැරයාම සම්බන්ධව කිසිවෙකුගේ අවධානය යොමු නොවීම කෙතරම් අභාග්‍යයක්දැයි ඔවුන්ට නොතේරුනේ මන්ද? ඒ සම්බන්ධව වැඩපිළිවෙලක් ඇති කිරීමට ඔවුන් උත්සුක නොවුයේ මන්ද? ඇත්තටම මේ අය සැගවුණු න්‍යාය පත්‍ර අනුව කටයුතු කරන බව ජනතාවට නොවැටහෙන්නේද?
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මුන් අහිංසක බෞද්දයන්ගේ සල්ලි වලින් කාලා බීලා අන්තිමට සිවුර දාලා යනවා.දැන් පන්සල් ලමා අනාථ නිවාස වගේ .නොදකින්:angry: