පොඩි_උපදෙසක්_මෙන්න

Starz DK

Member
Sep 25, 2010
610
438
0
K Town
පොඩි_උපදෙසක්_මෙන්න

මේ දවස් වල ඟං වතුරෙන් ප්‍රශ්න තියෙනවා නේද?හැබැයි මේ කියන්න යන දේ නම් වාහන එලවන අයට තමා වැදගත් වෙන්නෙ.අනිත් අයත් දැනගැනීම පිණිස කියෙව්වට කමක් නෑ.



මේ දවස් වල ඟං වතුර නිසා සමහර වෙලාවට පාරවල් වතුරෙන් යට වෙනවා.ඉතින් ඔයාලා වාහනේ එහෙම ඒ වෙලාවට එලවනවනම් මේ දේ සිහියේ තියාගන්න.
පාරේ වතුර මට්ටම සයිලන්සර් [Silencer] එක පිහිටි මට්ටමට වඩා වැඩිනම් වාහනේ පාරෙන් ගෙනියද්දී ටිකක් සැලකිලිමත් වෙන්න.
ඒ වගේ වෙලාවක කරන්න ඕනෙ එකම දේ තමයි වාහනේ නවත්තන් නැතුව වේගයෙන් වතුර මතින් ගෙනියන එක.එහෙම වේගයෙන් යද්දී සයිලන්සර් එක අතුලට වතුර යන්නෑ. ඒ විදියට යන් නැතුව මග නවත්ත නවත්ත යන්න එපා කවමදාවකවක්.යන්න කැමති කෙනා Engine එකට Bye කියන්න ලෑස්ති වෙන්න.
නමුත් වේගයෙන් යන ගමන් මගදී නවත්තන්න වුනොත් ඉක්මනින්ම Neutral කරලා accelarator එක තදින් පාගන් ඉන්න ඒ බාධාවල් නැති වෙනකම්.පස්සෙ හෙමින් යන් නැතුව හොඳට ඉඩ එනකම් එහෙම ඉඳලා ආයෙත් වේගයෙන් යන්න.

බැරි වෙලාවත් වාහනේ වතුරේ නැවතුනොත් ඒක මොන හේතුවක් නිසා වත් නැවත Start කරන්න හදන්න එපා.තල්ලු කරගෙන ගිහින් වාහන අළුත් වැඩියා කරන තැනකට ගෙනිහින් Engine එක Clean කරගන්න.
Start කරන්න හැදුවොත් වෙන්නේ Engine Head එක පුපුරන එක,එහෙම වුනොත් අළුත් Engine එකක් තියන්න වෙනවා.ඒක නිසා මොනම හේතුවක් නිසාවත් වාහනේ වතුරෙදි නැවත පණ ගන්වන්න උත්සහා කරන්න එපා.


If you Like add some rep+