පොතක් කියෙව්ව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    කොපි පේස්ට් නෙමේ. මමයි පොත බලාගෙන ටයිප් කලේ ;)


    මේ ගෝත්‍රිකයන් දිස්වූයේ සැණෙක වෙනස්වනසුලු ළදරු ගති දරන අරුමෝසම් ඇඳුමින් සැරසුණු විගඩමුන් පිරිසක් ලෙසිනි, ඩෙනිම් කලිසම්, ටී ෂර්ට්, පාපන්දු ජර්සි, විවිධාකාර හිස්වැසුම්, කරාබු මාල බඳු එකිනෙකට නොගැළපෙන ආයිත්තම් රැසකින් ඉහින් කනින් සැරසී තද බද වී සිටි මේ නායක පිරිස මහා වන මැද අමුතුම ජීවීන් පිරිසක් මෙන් දිස් වූයේය.

    මේ සෑම නායකයෙක්ම සිය ප්‍රධානත්වය හඟවන ජගුවාර් දතක් හෝ කයිමන් කිඹුල් දතක් කර පැලඳ සිටීමට අමතක නොකළහ. ඒ අතර සිටි එක් තරුණ නායකයෙක් USB Pen Drive එකක් ද සිය කර පැලඳ සිටියේ මහත් උදාරම් බවින් යුතුවය.

    පසෙක ලැප්ටොප් පරිගණකයක් දිග හැරගත් මහා බැරෑරුම් මුහුණකින් යුතු ගෝත්‍රික ලේකම්වරයෙකි. මෙලෝ හසරක් නැතිව ඔහු එහි විවිධ බොත්තම් උපාංග ඔබමින්, හිස නිකට කසමින්, හිස ඒ මේ අත හරවමින් මහත් ගාම්භීරත්වයෙන් යුතුව හිස ගිනි ගත්තකු මෙන් යුහුසුලුව සිටියේය. මේ රස ජවනිකා එඩ්ගේ මුවගට නිතැතින්ම සිනාවක් කැඳවා ආවේය.

    සැබවින්ම ඔවුන් කුඩා දරුවන් මෙනි. මූලික සෞඛ්‍ය ගැන ඔවුනට ලැබෙනුයේ ලකුණු බින්දුවකි. සෞඛ්‍ය සුවතාව යනු ඔවුනට නුහුරු නුපුරුදු අසාමාන්‍ය ක්‍රියාවලියකි. ගෝත්‍රික පැල්පත්, ටකරන් සෙවිලි මඩු වටා ඉබාගාතේ විසි කර දමන ලද ටින් කෑන්, ප්ලාස්ටික් බෝතල, බෑග් සතුන්ගේ ඇටකටු, බොකු බඩවැල් බඳු ඉතුරු-බිතුරු මෙන්ම ගෝත්‍රික මළපහ ද කඳු ගැසී තිබේ. කුණු වී පල් වී මදුරු වැසි වලාවන්ගෙන් ගැවසීගත් අපායක සිරිය මවමින් මහත් වූ කටුක දුරුගන්ධයක් පතුරුවමින් තිබෙනා මෙම කුණු කඳු ඔවුන්ගේ ජීවන රටාවේ සංකේතයකි. දරුවෝ ඒ නරා වළවල් තුළ බැස දඩයම් කෙළි කෙළියහ. බල්ලෝ හා ගවයෝද සිය වසුරු එක් කරමින් , ඇද-ඇද රොඩු කුණු බුදිමින් ඒ ළඟම ගැවසුනාහ. වැඩිහිටියෝ කිසිදු හිරියකින් තොරව ඒ අසල ඇනබාගෙන රස කතාබහේ යෙදුණහ. දරුවාට කිරි පොවන අතර, මවක් එතැනම හිඳ කැලෑ අල ශුද්ධ කරමින් සිටිනුයේ දිවා ආහාරයටය.

    උයා පිහාගත් ආහාර ඒ අසල හිඳ කිසිදු අපුලකින් තොරව ගිජු ලෙස ගිල දමමින්, මස් මාළු කටු කැබලිති රොඩු බොඩු එහි බරට තවත් එක් කළහ. හදිසියේ නැඟිට යන අයෙක් කුණු කඳු අසලට කිට්ටු කර, සිය ශරීර කෘත්‍යය ද කිසිදු හිරියකින් තොරව ඉටු කළහ.


    වනගත පා ගමන (ඇමේසන් වනයේ දින 680ක්) - සුගත් පී. කුලතුංගආරච්චි
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වනගත පාගමනක් කියල මේ කියන්නෙ ලංකාවෙ මිනිස්සු ගැන නේ ? :eek:
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,400
    1,665
    113
    Uba gedartama wela inna eke oya typesetting hri data entry hri job ekaktawath athagahapnko..Neththm graphic designing wage karapan
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    ඔව් ලංකාවෙ මිනිස්සු ගැන තමා :D
    ඉන්දියාවටත් අදාලයි :yes:
    මාත් පොතක් කියෙව්ව :yes:

    ඉංගිරිස් එකක් වෙන්ඩෑති :P
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    කඩෙං පොත් ගන්න සල්ලි නෑ :( හොරකං කරන්න අහුවෙන එකක් කියෝනව :(

    අපේ තාත්ත පුස්තකාලෙන් අරන් එන පොත්, මාත් නිකං ටිකක් බලනව..
    මේ පොතේ පිටකවරෙ දැක්කම තවත් ආස හිතෙනව..
    jungle 2017 film එකත් බැලුව විතරයි.. :cool:


    අන්තිමේ දී 2008 අප්‍රේල් මස 02 දා පේරු රාජ්‍යයේ අන්දීස් කඳු වැටියට අයත් නොවාඩෝ මිසිසිපි කඳු මුදුනේ සිට ලොව දෙවැනි දීර්ඝතම ගංගාව උපන් බිමේ සිට එය අත්ලාන්තික් සයුර හමු වන බ්‍රසීලයේ මරුඩා වෙරළ තීරය දක්වා වූ ලෝකයේ මෙතෙක් කිසිවකුත් පා නොනැඟූ දුර-දුගම අති බිහිසුණු ප්‍රයානය ඔහු ඇරඹීය.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපේ තාත්ත පුස්තකාලෙන් අරන් එන පොත්, මාත් නිකං ටිකක් බලනව..
    මේ පොතේ පිටකවරෙ දැක්කම තවත් ආස හිතෙනව..
    jungle 2017 film එකත් බැලුව විතරයි.. :cool:

    මොන පුස්තකාලෙන්ද බං ? :shocked: අපේ පැත්තෙ පුස්තකාලයක් නෑ :( කොලඹ පුස්තකාලෙට බැඳෙන්න පුලුවන්ද දන්නෑ :sorry:
     

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    මොන පුස්තකාලෙන්ද බං ? :shocked: අපේ පැත්තෙ පුස්තකාලයක් නෑ :( කොලඹ පුස්තකාලෙට බැඳෙන්න පුලුවන්ද දන්නෑ :sorry:

    puluwan ban. namuth hoda poth eke na. ita vada hodai bookshop ekak assata gihin hitagena poth kiyevva nam