පොතක් ගැන දැන ගනිමු.

පොතක් ගැන දැන ගනිමු.

පිජාමා කොලුවා - පරිවර්තනය නීල් විජේරත්න
The Boy in the Striped Pyjamas - John Boyne


ප්‍රකාශනය: විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
ISBN: 978-955-691-050-6

075_Propped_6x9_Paperback_Book_COVERVAULT.png

"පිජාමා කොලුවා" නමින් මෙලෙස පළ වනුයේ ජෝන් බොයින් විසින් "The Boy in the Striped Pyjamas" නමින් රචිත නවකතාවේ සිංහල පරිවර්තනයයි. 1971 දී අයර්ලන්තයේ උපත ලද ජෝන් බොයින් දැන් ඩබ්ලින් නුවර වාසය කරන්නෙකි. 2008 වසර වන විට නවකතා හයක කතුවරයා වූ ඔහුගේ මෙම නවකතාව, අයර්ලන්තයේ ග්‍රන්ථ සම්මාන දෙකකින් පිදුම් ලද අතර, බ්‍රිතාන්‍ය ග්‍රන්ථ සම්මානය (British Book Award) සඳහාද නිර්දේශ වූයේය. ඔහුගේ නවකතා ලොව පුරා භාෂා තිහකට අධික සංඛ්‍යාවකට පරිවර්ථනය කර ඇත. මෙම "The Boy in the Striped Pyjamas" නවකතාව පමණක් නොව ඒ ඇසුරින් නිර්මාණය කළ වෘත්තාන්ත චිත්‍රපටයද චිචාරක ඇගැයීමට ලක් වූයේය.

ජෝන් බොයින් 2012 වසරේදී ශ්‍රී ලංකාවේ පැවති ගාලු සාහිත්‍ය උත්සවයට (Galle Literary Festival) සම්භාවනීය අමුත්තෙකු ලෙස සහභාගී විය. ජෝන් බොයින් "The Boy in the Striped Pyjamas" කෘතිය රචනා කර ඇත්තේ සරල බස් වහරකිනි. එසේ වුවද එය යටි පෙළ අරුත් මතු කරන්නාක් මෙන්ම වචනයෙන් නොකියැවෙන සිදුවීම් දාමයක් සඳහා ඉඟි කරන්නක් ද වෙයි. එවැනි සුවිශේෂී ලක්ෂණ මේ කෘතියේ බොහෝය.

මේ කෘතියේ කතානායකයා වූ නව හැවිරිදි බෘ‍ෘනෝ ඇතැම් වචන භාවිතා කරන්නේ ඔහුට ඇසුණු - ඔහුගේ කටට හුරු ආකාරයෙනි. "Out-With" යන්නද එවැන්නකි. මෙහි නිවැරදි වචනය "Auschwitz" යන්නයි. අවුෂ්විට්ස් වූකලී කුප්‍රකට ඝාතක කඳවුරකි, වධකාගාරයකි. බෲනෝගේ සහෝදරිය ලවා ඔහු මේ වචනය නිවැරදිව උච්චාරණය කරවන්නට තැත් කළද බෲනෝට එය කියැවෙන්නේ "අවුට්-විත්" කියාමය. මෙහි අපූරුව නම් නවකතාවේ කිසිම තැනක මේ නිවැරදි වචනය සටහන් කර නොතිබීමය. නවකතාකරු තම කතා නායකයාට තමාට හුරු වචනය තමාට රිසි පරිදි කතාව පුරා කියන්නට ඉඩ දී සිටී.

මේ කතාවේ එන "Fury" යන වචනය ගැන කිවහැක්කේද එයමය. බෲනෝගේ පවුලේ කට්ටිය තම නායකයා හැදින්වූයේ "Fuehrer" හෝ "Fuhrer" යනුවෙනි. "නායකයා" හෝ "ඒකාධිපතියා" යන අරුත මෙන්ම "කෘර පාලකයා" යන අරුතක්ද මෙහි වෙයි. මෙය හිට්ලර් හැඳින්වීම පිණිස යොදා ගත් ආමන්ත්‍රණයක් ලෙසද සැලකේ. මෙම "Fuehrer" හෝ "Fuhrer" යන වචනය බෘෘනෝට කියවෙන්නේ "Fury" ලෙසටය. එහෙයින් මෙම නවකතාව පුරා "Fury" ගැන කතා කරනු දැකිය හැකිය. වතාවක බෲනෝගේ පියා නිවැරදි වචනය බෲනෝ ලවා උච්චාරණය කරවා ගන්නට තැත් කළද එය සාර්ථක වන්නේ නැත. කළින් සඳහන් කළ පරිදි මෙහි අපූරුව වන්නේ නවකතාකරුවා එම නිවැරදි වචනය කතාවේ කිසි තැනක යොදන්නට උත්සුක නොවීමයි. ඔහු එවරද තම කතානායකයාට තමාට හුරු වචනය කතාව පුරා ඒ ආකාරයෙන්ම කියන්නට ඉඩ දෙන්නේය.

ඉතා දිග වාක්‍ය බහුලව තිබීම මෙහි දැකිය හැකි තවත් වි‍ශේෂත්වයකි. එමෙන්ම සෑම දෙබස් කාණ්ඩයක් අවසානයේම වාගේ "අසවලා මෙසේ පැවසීය" යනුවෙන් සෘජු‍ව සහ කෙටියෙන් සඳහන් කර තිබෙනු දැකිය හැකිය. ඒ අනුව ඒ ඒ චරිතයේ අවස්ථානුකූල හැසිරීම් රටාව කවරාකාරදැයි පාඨකයා තේරුම් ගත යුත්තේ ඔහු හෝ ඇය පවසන දෙබස් අනුසාරයෙනි. එසේ නැතිව "අසවලා ඒ දෙය පැවසුවේ මෙයාකාරයටය" යනුවෙන් විස්තරාත්මක සටහනක් තබන්නට කතා රචකයා උත්සුක නොවේ.


෴෴ මෙම පරිවර්තනය සහ තවත් දෙවන ලෝක යුද්ධ සමය පසුබිම් කර ගනිමින් ලියැවුණු කෘති ඔබට දැන් www.wemansa.com වෙබ් අඩවිය තුලින් විශේෂ වට්ටම් සහිතව මිලදී ගත හැක. ෴෴

෴෴මෙවැනි ග්‍රන්ථ පිළිබදව සහ විශේෂ වට්ටම් පිළිබඳව දැන ගැනීමට අපගේ Facebook Page එක සමඟ සම්බන්ධ වන්න.෴෴