පොත්පත් කියවීම ගැන වියත් කියමන්

C-Shell

Member
Mar 10, 2016
597
273
0
හදවතේ...
පොත්පත් කියවීම ගැන වියත් කියමන්

පොත්පත්
කියවීම ගැන වියත් කියමන්

  • පොතක් යනු එකම සදාකාලිත්වයයි.

    -රූෆස් චෝට්
  • පොත් වලින් ඉටුවන නියම කාර්යය වන්නේ සිතට ස්වකීයම වූ චින්තනයක යෙදීමට මග සැලසීමයි.





    -ක්‍රිස්ටෝපර් මොර්ලි



  • මගේ මුල්ම සහ පරාජය කළ නොහැකි ආදරය කියවීමය.

    -ගිබන්

  • සිත් අමනාප නොවන පුද්ගලයෙකු බවට මා පත් කළේ පොත්ය.

    -මැක්සිම් ගෝර්කි

  • පොත්පත් කියවන්නා සැමවිටම යහපත් අය ඇසුරු කරන්නෙකි.

    -සිඩ්නි ස්මිත්

  • හොඳම පොත් පළමුව කියවන්න.නැතහොත් ඔබට ඒවා කියවීමට කොහෙත්ම අවස්ථාවක් නොලැබෙනු ඇත.

    -තෝරෝ

  • පොත්පත් කියවන්නා ජීවත් වන මිනිසෙකි.පොත්පත් නොකියවන්නා මළ මිනිසෙකි.

    -ඇරිස්ටෝටල්

  • මිනිසා කියවිය යුත්තේ ඉදිරි ගමන සඳහා ය.

    -සැමුවෙල් ජොන්සන්

  • කියවීම නරක සිතුවිලි වලින් ගැලවීමට ඇති හොඳම මග ය.

    -ශ්‍රීමත් ආතර් හෙල්පස්

  • අද මෙන්ම සදාකාලිකවම හොඳ පොතක් යනු හොඳ මිතුරෙකි.

    -මාටින් ටපර්

  • ඔබ පොතක් කියවා අවසන් පිටුව පෙරලන විටදී මිතුරෙක් අහිමි වූවාකි වැනි හැඟීමක් ඔබට දැනෙනු ඇත.

    -පී.එස්

  • ගද්‍ය රචනයේ යෙදෙන තැනැත්තා ඔහුගේ දෙවොල ගොඩ නගන්නේ කුඩා ගල් කැට වලිනි.කාව්‍ය රචනයේ යෙදෙන තැනැත්තා එය ගොඩ නගන්නේ කළු ගලිනි.

    -බුල්වර් ලිට්න්

  • හොඳ හෝ නරක හෝ කුමන පොතක් වුවද කියවන විටදී මට හැඟෙන්නේ එය ජීවමානව මා අමතන බවකි.

    -ස්විෆ්ට්

  • ශරීරයට ව්‍යායාම නම් මනසට කියවීමය.

    -ඇඩිසන්

  • කියවන්න,සලකුණු කරගන්න,ඉගෙන ගන්න,සිතින් ධාරණය කරගන්න.

    -පොදු යාච්ඤාකරුවාගේ පොතෙනි

  • අතීතයේ ශ්‍රේෂ්ඨ ග්‍රන්ථ බුද්ධිමය වටිනාකමකින් යුතුව පරිශීලනය කරන්නේ නම් එය අධ්‍යනයට ලැදි උත්සාහවන්ත ජීවිතයක අවසන් ජයග්‍රහණයකි.


    -ඔලිවර් වෙන්ඩෙල්
  • කියවීම සම්පූර්ණ මිනිසෙකු සාදයි.


    සන්වාදය අප්‍රමාදී මිනිසෙකු සාදයි.

    ලේඛනය නිවැරදි මිනිසෙකු සාදයි.

    -ෆ්‍රැන්සිස් බේකන්





  • මා තුළ ඇති යහපත් වූ හැම දෙයකටම මම පොත් වලට ණයගැති වෙමි.මම පොත් වලට ආදරය කරන්නෙමි.හැම පොතක්ම මට පෙනෙන්නේ හාස්කමක් හැටියටය.ගැඹුරු හැඟීම් වලින් හා ප්‍රීතිමත් උද්‍යෝගයෙන් යුතුව මිස මට පොතක් ගැන කතා කළ නොහැකිය.

    -මැක්සිම් ගෝර්කි

 

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,570
    21,128
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif